Instant Gratification වලට විසඳුම?

මුලින්ම ප්‍රශ්නය හඳුනාගමු.

අපිට වැඩක් පටන් ගත්තාම ඉවර වෙනකල් කරන්න හිතෙන්නෙ නෑ. දීර්ගකාලීන අරමුණු වෙනුවෙන් වැඩ කරන්න අමාරුයි. ඒකට හේතුව social media, fast food, සීනි අධික ආහාර, games, porn, weed වගේ දේවල් වලින් ඉතා ඉක්මනින් ලොකු reward එකක් අපේ ශරීරයට සහ මනසට ලැබෙනවා. මේවා නිතරම අධික ලෙස පරිභෝජනය කරන නිසා ඉක්මනින් rewards ලබා ගන්න අපි පුරුදු වෙලා. මේක පුරුද්දක්.

අපේ අවට වැඩිපුරම තියෙන්නේ ක්ෂණිකව reward ලැබෙන දේවල් නිසා දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ අඩු මහන්සියකින්, අඩු කාලයකින්, ලොකු reward එකක් ගන්න.

මේ පුරුද්ද නිසා දීර්ගකාලීන අරමුණු වෙනුවෙන් අපිට වැඩ කරන්න අමාරුයි. මොකද ඒවා වල reward ඉක්මනට ලැබෙන්නෙ නෑ. කල් යනවා. ඉවසීම ඕන.

විසඳුම?

අපි instant gratification වලට පුරුදු වෙලා ඉන්නේ ක්ෂණිකව reward ලැබෙන දේවල් නිතරම වැඩිපුර පරිභෝජනය කරන නිසා නේ. එහෙනම් දේවල් දෙකක් කරන්න පුලුවන්.

Instant gratification ලැබෙන දේවල් එකපාර නවත්තන්න යන්න එපා. ඒක අමාරු ⁣වැඩක්. හැබැයි ක්‍රම ක්‍රමයෙන් පරිභෝජනය අඩු කරන්න පුලුවන්. Social media detox, no fap movement වගේ දේවල් ගැන ටිකක් youtube එකේ හොයන්න. Weed smoke කරනවා නම් ඒක ගැන වෙනම හොයන්න. Withdrawal syndrome වලින් depression තත්ව වලට යනවා කියලා කතාවක් මම අහලා තියනවා. ඕකට කරන්න ඕන දේවල් කියන්න මම qualified නැහැ. වැරදි පාරකට වැටුණොත් ප්‍රතිඵල දරුණු වෙන්න පුලුවන්.

ටිකක් specific විසඳුමක් කිව්වොත් hobby එකක් හදාගන්න. හැබැයි මේ hobby එක මුද්දර එකතු කරනවා ව⁣ගේ එකක් නැතිව මොකක්හරි skill එකක් පදනම් කරගත්ත hobby එකක් වෙන්න ඕන.

උදාහරණ විදිහට මොකක් හරි ක්‍රීඩාවක්, අලුත් music instrument එකක් පුරුදු වීම, fitness හදාගන්න මහන්සි වීම වගේ දේවල්…

පෞද්ගලික උදාහරණයක් කිව්වොත් මම Racing වලට පට්ට ආස නිසා sim racing පැත්තට යොමු වුණා. ඒක ලේසි දේකුත් නෙවෙයි. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා වගේම ලොකු කාලයක්, ශ්‍රමයක් වැය කරලා skill එක හදාගන්න වෙනවා.

මේක skill එකක් විදිහට සත පහක වැඩක් නැති වුණත් මම ගොඩක් enjoy කරන දෙයක්. ඒ වගේම දීර්ගකාලයක් තිස්සේ එක අරමුණකට වැඩ කරන්න පුරුදු වෙන්න, ඉවසීම හදාගන්න, දීර්ග කාලයක් එක දිගට focus එක තියාගන්න උදව් වෙන ව්‍යායාමයක්.

මෙතන මම දකින theory එක තමයි ක්ෂණික reward ලැබෙන දේවල් අඩු කරලා ටිකක් දීර්ග කාලීනව අරමුණු සහ reward වෙනුවෙන් වැඩ කරන්න පුරුදු වෙන එක.

Basically පුරුද්ද මාරු කරන එක.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

අපිට දීර්ග කාලීනව දේවල් කරන්න බැරිවෙන්න, motivation එක නැති වෙන්න instant gratification සහ dopamine අතර ලොකු සම්බන්ධයක් තියනවා. මේ ගැන තව දුරටත් හොයන්න.

තව පොඩි විසඳුමකුත් තියනවා. ඒක වෙනම post එකකින් දාන්නම්.

මේ ප්‍රශ්නයට ගොඩක් අය මුහුණ දෙන නිසා මේ post එක share කළොත් තව කෙනෙක්ට ගොඩ එන්න උදව් වෙන්න පුලුවන්.

ජය වේවා !

BMAD Plus ආයතනයේ නිර්මාතෘවරයා සහ අධ්‍යක්ෂකවරයා වන මයන්ත ශවීන් මහතා, Brand Identity Design, Brand Strategy Design සහ Digital Marketing ක්ෂේත්‍රයන් පිළිබඳ අත්දැකීම් බහුල අයෙකි. තරුණයෙක් විදිහට ඔහු ජීවිතය ගොඩනගා ගන්නා ගමන් අනෙක් තරුණයන්ටත් ජීවිතයේ ඉදිරියට යෑමට සහාය දීම වෙනුවෙන් eLearning.lk Blog අඩවිය වෙත ලිපි සම්පාදනය කරනු ලබයි.