ජැක් මා ඉංග්‍රීසි ඉගෙන ගත්ත හැටි

1964දී චීනයේ ෂැංහායි ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක උපන් ජැක් මා, කුඩා කල සිට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට ආශාවක් පැවති පුද්ගලයෙකිි. නමුත් මොහු සාමාන්‍ය ළමුන් ඉගෙන ගන්නා ආකාරයට වෙනස් ආකාරයකින් තම අධ්‍යාපනය ලැබූවෙකි.

උදෑසනම අවදි වූ ජැක් මා තම නිවස අසල පිහිටි ෂැංහායි හෝටල් පරිශ්‍රයට යයි. එහි එන සංචාරකයන්ට මගපෙන්වන්නෙකු ලෙස සේවාව සපයමින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට මොහු කටයුතු කළේය. මගපෙන්වීම වෙනුවෙන් ඔහු කිසිදු ගාස්තුවක් අය කළේ නැත.

මේ ආකාරයට අවුරුදු 9ක් ඔහු කටයුතු කළේය. පසුව ඔහුගේ ප්‍රදේශයේ ගුරු විද්‍යාලයකින් උපාධිය සම්පූර්ණ කර, එහිම ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය ආරම්භ කරයි.

මේ සම්බන්ධව අපි සම්පාදනය කරපු ලිපිය මෙතනින් – https://elearning.lk/blog/jack-ma/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...