James Webb Space Telescope

විද්‍යාව හා තාක්ෂණ අංශය දවසින් දවස අළුත් වෙමින් යන අංශයක්. අළුත් අළුත් දේවල් සොයාගැනීම සදහා නොයෙකුත් උපකරණ සොයා යන ගමනේ අපිට අළුතින්ම තොරතුරු වාර්ථා වෙන්නේ NASA ආයතනය පැත්තෙන්.

නම ඇසු සැනින් කවුරුත් අසා ඇති මෙය ගැන අපි පොඩ්ඩක් තොරතුරු සොයන් යන්න හිතුවා. යමු එහෙනම් මං මොනවද මේ හොයන් තියෙන්නෙ කියලා බලන්න.

මේ ගැන තමයි අපි කතා කරන්නේ. James Webb Space Telescope. මේ නම අහලා ඇති නේද? හරි මේ නමින් මතක නැත්තං JWST කියලා මං මතක් කළොත්. ඔව්, ඒ ගැන තමයි අපි අද කතා කරන්නේ.

European Space Agency (ESA) හා Canadian Space Agency (CSA) යන ආයතන තමයි මේ කාර්යය කිරීමට NASA ආයතනයට දායකත්වය දීලා තියෙන්නේ. JWST කියන්නේ අභ්‍යාවකාශ දුරේක්ෂයක්. මෙය මුලින් හදුන්වා දී තියෙන්නේ Next Generation Space Telescope කියලා. නමුත් 2002 වර්ෂයේදී James Webb Space Telescope ලෙස නම් කරන්නේ NASA ආයතනයේ පරිපාලකවරයෙකුව සිටි James E. Webb මහතාට ගෞරවයක් ලෙසයි.

මෙම දුරේක්ෂයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ 1996 වසරේදීය. 2007 අභ්‍යාවකාශගත කිරීම අරමුණ වුවත් යම් යම් හේතුන් නිසා අභ්‍යාවකාශගත කිරීම පමා වුණා. 2021 දෙසැම්බර් මස 25 වෙනිදා තමයි මෙය Ariane 5 රොකට්ටුව ආධාරයෙන් අභ්‍යාවකාශගත කරලා තියෙන්නේ.

මෙම දුරේක්ෂයේ වඩාත්ම කැපි පෙනෙන කොටස ලෙස දක්වලා තියෙන්නේ Primary mirror එකයි. එය කහපැහැති මීවදයක ස්වරූපයක් ගන්නා ෂඩාස්‍රාකාර දර්පණ 18කින් සමන්විත රන් ආලේපිත beryllium මුලද්‍රව්‍ය යොදා නිර්මාණය කරලා තියෙන්නේ.

@elearninglk

මේ එක් ෂඩාස්‍රාකාර දර්පණයක විෂ්කම්භය මීටර් 1.32 වන අතර Primary mirror එකෙහි විෂ්කම්භය මීටර් 6.5 ලෙසයි සදහන් වෙන්නේ. මෙය මෙලෙස සැකසීමට හේතුව පෘථිවිය තුළ දී හකුළා අභ්‍යාවකාශයෙදී නැවතත් දිගහැරීමට පහසු වෙන ලෙසයි.

ඉස්සෙල්ලා කතා කරපු දේත් එක්ක මට ප්‍රශ්න දෙකක් ආවා. ඇයි මේක හදන්න beryllium මුලද්‍රව්‍යයම යොදාගත්තේ කියනෙක පළමු ප්‍රශ්නේ. දෙවැනි එක වෙන්නේ ඇයි රන් ආලේප කරන්නේ කියලා. මං ඒ ප්‍රශ්නවලටත් උත්තර හොයාගෙන ඉස්සරහට යන්න හිතුවා. මට ඒ ප්‍රශ්න දෙකට උත්තර ලැබුණා. මං හිතුවා ඒ ගැන ඔයාලාත් එක්ක බෙදා ගත්තෝත් හොදයි කියලා.

මගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වුනේ මෙන්න මේක. Primary mirror එක සෑදීමේදී beryllium යොදාගන්නත් විශේෂ හේතුවක් තියෙනවා. Beryllium කියන්නේ බරට සාපේක්ෂව ඉතා ශක්තිමත් මුලද්‍රව්‍යයක්. විවිධ උෂ්ණත්ව පරාසයන් තුළදී හැඩය නොවෙනස්ව පවත්වා ගැනීම සදහා තමයි මෙම මුලද්‍රව්‍ය යොදාගෙන තියෙන්නේ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

දැන් බලමු මගේ දෙවැනි ප්‍රශ්නේට උත්තරේ මොකක්ද කියලා. Primary mirror එකට පතිත වන අධෝරක්ත කිරණ වල පරාවර්තනය වැඩි කිරීම. මේවාට රන් ආලේප කරන එකත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. Vacuum Vapour Deposition නැමැති තක්ෂණය යොදාගන්න ඕන. මේ කාර්යය කරන ආකාරය ගැනත් කියන්නම ඕන.

මෙහිදී සිදුවන්නේ ෂඩාස්‍රාකාර දර්පණ කොටස් රික්තක කුටියක් තුළ තබා රත්රන් කුඩා ප්‍රමාණයක්වා ෂ්ප කර දර්පණය මත තැන්පත් වීමට ඉඩහැරීමයි. මෙසේ තැන්පත් වන රත්රන්වල ඝනකම නැනෝමීටර් 100ක් පමණ වෙයි. සම්පුර්ණ Primary mirror ආලේප කිරිමට රත්රන් 50g අවශ්‍ය වේ.

Hubble Space දුරේක්ෂයට ආදේශකයක් විදියට මෙය නිර්මාණය කරා කියලා බොහෝදෙනෙක් කියලා තිබුණා. ඒ ගැන සොයා බලන්නත් අපි අමතක කළේ නෑ. James Webb දුරේක්ෂය Hubble Space ආදේශකයක් නොවේ. මෙම දුරේක්ෂය ද්විත්වයේ හැකියාවන් එකකට එකක් සමාන නෑ.

Hubble Space දුරේක්ෂය පෘථිවියේ සිට කිලෝමීටර් 547ක පමණ දුරින් කක්ෂගත වී ඇති නමුත් James Webb දුරේක්ෂය පෘථිවියේ සිට කිලෝමීටර්මි මිලියන 1.5 දුරින් කක්ෂගත වේ. මේ වනවිට මුළු දුර ප්‍රමාණයෙන් 90% පමණ ගොස් අවසන් James Webb දුරේක්ෂය නොබෝ දිනකින් L2 ලක්ෂ්‍යය වටා කක්ෂගත වේ.

Hubble Space දුරේක්ෂය මෙන් නොව James Webb දුරේක්ෂය අධ්‍යයනය කරනු ලබන්නේ අධෝරක්ත වර්ණාවලියේ තරංග ආයාමයි. අධෝරක්ත තරංග කියන්නේ සරලව තාප විකිරණයි. ඉතා සියුම් තරංග පවා ග්‍රහණය කරගැනීමට නම් James Webb දුරේක්ෂය වැනි ශීතලම උෂ්ණත්වයේ තබා ගැනිමට අවශ්‍ය වෙනවා. L2 ලක්ෂ්‍යය වටා James Webb දුරේක්ෂය කක්ෂගත කිරීමේ තවත් වාසියක් වන්නේ සන්නිවේදනය කිරීමට ඇති පහසුවයි. පෘථිවියට සාපේක්ෂව දුරේක්ෂය සෑම විටම අභ්‍යාවකාශයේ එකම ස්ථානයක පවතින නිසා Deep Space Network (DSN) එක ආධාරයෙන් දුරේක්ෂයත් සමග සන්නිවේදනය පහසු කරනවා.

අභ්‍යාවකාශයේ ඇති විශාල ප්‍රමාණයක ආලෝක තරංග අතුරින් දුරේක්ෂයට අවශ්‍ය තරංග ආයාමයන්ට පමණක් නිරවද්‍යව දුරේක්ෂය එල්ල කිරීම සිදු කරනු ලබන්නේ Fine Guidance Sensor (FGS) එකෙහි උපකාරයෙනි.

James Webb දුරේක්ෂය ක්‍රියා කිරීමට නියමිත වන්නේ Sun-Earth L2 Halo Orbit නමින් හැදින්වෙන කක්ෂයකයි. මෙය බොහෝ දෙනෙක් අසා නැති කක්ෂයක්. යම් කිසි වස්තුවක් පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5 ක් සූර්යයාගෙන් ඉවතට ගෙන ගිය විට, එය පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්‌ෂේත්‍රයෙන් ඉවත් වී සූර්ය කක්ෂයකට ඇතුල් වේ.


Click on the Image

නමුත් මෙය මත තවමත් පෘථිවි ගුරුත්වාකර්ෂණය ක්‍රියාකරනවා. මෙය ක්‍රියාකරන්නේ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණය ක්‍රියා කරන දිශාවටමයි. එනම් මේ වස්තුව මත සූර්යයාගේ සහ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයන් දෙක එකතු වී ක්‍රියාකරනවා.

සුර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය විසින් නිකුත් කරනු ලබන තාපය මගින්ද මෙම James Webb දුරේක්ෂය ආවරණය කළ යුතු වෙනවා.

Kapton වලින් සෑදූ, මිනිස් කෙස් ගසක් තරම් ඝනකමක් ඇති ස්ථර 5 කින් සමන්විත සූර්ය ආවරණයක් (Sun Shield) මේ සඳහා භාවිතා කරනවා. මීටර් 14×20 තරම් විශාල මේ ආවරණය දියත් කරන අවස්ථාවේදි රොකට්ටුව තුළ හසුරා තැබීම සඳහා ඉතා කුඩා ප්‍රමාණයකට හැකිළිය හැක.

මේ සූර්ය ආවරණය මඟින් හිරු එළිය අවහිර කරන අතර දුරේක්ෂයේ දර්පණ හා නිරීක්ෂණ උපකරණ -220°C තරම් අධි ශීත උෂ්ණත්වයක පවත්වා ගනී.

මේ විඩියෝ එක බලන්නකෝ වැඩිදුර තොරතුරු සඳහා…

වසර 30ක පමණ කාලයක් තිස්සේ ඇමරිකානු ඩොලර් බිලියන 10ක් පමණ වැය කොට නිර්මාණය කෙරුණු මෙම දුරේක්ෂය ඈත අදුරු විශ්වයේ සැගවී ඇති රහස් විශාල ප්‍රමාණයක් මිනිස් වර්ගයාට හෙලිකර දීමේ අදිටනින්මේ වනවිටත් තම උපන් භූමිය වූ පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5ක් පමණ දුරින් කක්ෂගත වී ඇති James Webb දුරේක්ෂය අපිට ඉදිරි අනාගතයේදී ලෝකයේ ලොකු පෙරළියක් කරන බවට විශ්වාසයි.

මූලාශ්‍ර
01. www.nasa.gov
02. www.androidwedakarayo.com


Click on the Image

ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඩිප්ලොමාවක් හදාරා ඇති ෂර්මිලා බොවිතන්ත්‍රි, එම අංශයෙන්ම වැඩි දුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශයට සහ පාරිභෝගික සේවා අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි. ෂර්මිලා ඇයගේ ධනාත්මක චින්තන ලිපි තුළින් වැටුනු හදවත්වලට හුස්මක් දී නැවත ජවයෙන් නැගීසිටින්නට ඔවුන්ගේ හදවත්වලට කතා කරන්න සූදානම්... ඒ වගේම ඉතා සරලව ලාංකීය සහ ලෝක ඉතිහාසය ඇයගේම තෙලි තුඩෙන් වර්ණ ගන්වන්නත් සූදානම්....