ඔලිම්පික් වල ක්‍රිකට්?

1900 දී ප්‍රංශයේ පැරිස් නුවර පැවතී ගිම්හාන ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව ඊට ඇතුළත් කෙරුණු අතර ඊට සහභාගී වී ඇත්තේ එංගලන්තයේ සහ ප්‍රංශයේ ක්‍රිකට් කණ්ඩායම් පමණි. කණ්ඩායම් දෙක අතර තරගය දින දෙකක ටෙස්ට් තරගයක් ලෙස පවත්වා තිබේ.

කණ්ඩායමක ක්‍රීඩකයන් 12 ක් ක්‍රීඩා කොට තිබේ. දෙවන දිනයේ ප්‍රංශය තවත් විනාඩි පහක් අල්ලාගෙන සිටියේ නම් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමට ඉඩක් තිබී ඇත. අවසානයේ එංගලන්තය තරගය ලකුණු 158 කින් ජයග්‍රහණය කොට රන් පදක්කම දිනාගෙන තිබේ.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/summer-olympic-cricket-tournament/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...