අතීත සැමරුම් මත ගොඩනගන ලද රත්නපුර ඔරලෝසු කණුව

අද කියන්න යන්නේ රත්නපුරේ ඔරලෝසු කණුවේ ඉතිහාස කතාව ගැන . ගොඩක් ලොකු විස්තරයක් නෙවෙයි . ඒත් රත්නපුරේ අය හැටියට රත්නපුරේට එන අයට මේ ගැන කියලා දෙන එක අපේ යුතුකමක් නෙව .

1914 – 1918 කාලේ තමයි පළවෙනි ලෝක යුද්ධය ඇතිවෙන්නේ . මේ යුද්ධයෙන් දෙපැත්තට බෙදිලා කෙලගත්තේ මිත්‍ර පක්ෂය විදියට හඳුන්වන එංගලන්තය ප්‍රධාන වෙච්ච කණ්ඩායමත් සමග ජර්මනිය ප්‍රධාන වෙච්ච මධ්‍ය පක්ෂයත් කියන කණ්ඩායම් දෙක . ඉතින් මෙයාලා එක එක ආතල් ප්‍රශ්න වලට කෙලගත්තට මොකද මේ යුද්ධ වලින් ඒ ඒ ජාතින් විශාල ප්‍රමාණයක් මිය ගියා . ඔන්න ලංකාවත් මේ කාලේ බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් . ඉතින් ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය ජාතිකයින් පවා මේ යුද්ධයට එක්ක ගියා .

රත්නපුරේ තිබුණා ලෝකල් බ්‍රෝඩ් සභාව කියලා සභාවක් . හරියට නිකන් නගර සභාව වගේම තමයි . මේකේ හිටියා වැඩ පරීක්ෂක කෙනෙක් ඩබ්ලිව් ඊ ස්පෙලොල්වින්ඩ් කියලා . මෙයා ඇතුළුව බ්‍රිතාන්‍ය ජාතික කණ්ඩායමක් රත්නපුරෙන් සහභාගී උනා යුද්ධයට සහය වෙන්න යන්න . ඉතින් රත්නපුරෙන් ආව මෙයාලයි තව වෙනත් පැතිවලින් ආව කස්ටියයි දැන් නැවක නැගලා යනවා යුද්ධ කරන්න .

මේ නැවට ඒඩ්න් කියන ප්‍රදේශයේදී සතුරු නැවකින් ප්‍රහාරයක් එල්ල වෙනවා . ඉතින් නැව විනාශ වෙලා තියෙන නිසා ඒ ප්‍රහාරයෙන් බේරුණ ස්පෙලොල්වින්ඩ් කියන කෙනා ජීවිතාරක්ෂක බෝට්ටුවක එල්ලිලා ගොඩ එන්න ට්‍රයි කළා . ඒත් මෙයාට මතක් උනා ප්‍රහාරයට ලක්වෙච්ච නැවේ මෙයාගේ සිගරට් පෙට්ටිය තිබ්බා කියලා , පස්සේ මෙයා යනවා නැවට ආයෙත් සිගරට් පෙට්ටිය ගන්න . ඉතින් මොකද වෙන්නේ මෙයාටත් වෙඩි පාරක් වැදිලා මෙයත් මැරෙනවා .

ඔහොම ඔහොම කොහොම හරි ගණන් බලනකොට රත්නපුරෙන් ගියපු විසිදෙදෙනෙක් මියගිහිල්ලා . මේ නිසා ලෝකල් බ්‍රෝඩ් සභාව තීරණය කළා මේ මිය ගිය නිලධාරීන් විසිදෙදෙනා වෙනුවෙන් රත්නපුර නගර මධ්‍යයේ ඔරලෝසු කණුවක් නිර්මාණය කරන්න .

ඔරලෝසු කණුව කොයි විදියටද හදන්නේ කියලා ප්ලෑන් එකක් හදන්න මෙයාලා තරඟයක් තිබ්බා . හොඳම ප්‍ලෑනට රුපියල් තුන්සීයක තෑග්ගක් දීලා තියෙනවා . ඔරලෝසු කණුවේ තියෙන ඔරලෝසුව අරගෙන තියෙන්නේ පවුම් 285කට එංගලන්තේ තියෙන ටයිම්ස් සප්ලයි කියන ආයතනයෙන් . මේ කාලේ ලෝකල් බ්‍රෝඩ් සභාවේ සභාපති වෙන්නේ එතකොට රත්නපුර හිටපු ආණ්ඩුවේ ඒජන්ත විදියට වැඩ කරපු ආර් බී බ්‍රවුනින්ග් කියන සුදු ජාතික නිලධාරියා . මෙයා තමයි මේ ඔරලෝසු කණුවේ වැඩ වලට මුල්තැන අරගෙන වැඩ කරලා තියෙන්නේ .

ඔරලෝසු කණුව වර්ෂ 1922 මාර්තු 17 වෙනිදා තමයි විවෘත කරලා තියෙන්නේ . වැඩේ කියන්නේ ඉස්සෙල්ලම ඔරලෝසු කණුව විවෘත කරනකොට යාන්ත්‍රික දෝෂයක් නිසා ඔරලෝසුව කැරකිලා තියෙන්නේ දකුණට නෙවෙයි . වමට .

නියමෙට තියෙන්න ඇති නේද . කෙසේ වෙතත් ඔරලෝසු කණුවේ බඳ කොටසේ ගහලා තියෙනවා 1914 – 1918 කියලා . ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධය වෙනුවෙන් මේක නිර්මාණය කළා කියන්න . තව සටහන් වෙලා තියෙනවා මෙන්න මෙහෙම ඉංගිරිස් වැකි කීපයක් .


1914-1918
THIS
TOWER
WAS ERECTED
BY PUBLIC
SUBSCRIPTION
IN
MEMORY
OF THE MEN FROM
THIS DISTRICT WHO LAID DOWN THEIR
LIVES IN THE GREAT WAR
1914 – 1918
AND WHE’E NAMES
ARE RECORDED
THERE ON

Johnson, stewart
Laurbe, eric.U
Maitland. K.R
May, P.G
Pinder, A.H
Rodges,R.M
spelolwrinde, W.E
Stoner,C.A
Wheatly,R.R
Williams C.E
Hughes, E.T

Whittle,W
Butter,H.J
Carlisle,H.A
Dunlop,C
Fergusion,W
Grieson,W
Gilbert,C.J
Harvey,H.A
Hollend,R
Hart,H.J
Joachim,E.B

PRO RAGE ET PATRIA



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

එදා එහෙම මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙනුවෙන් හදපු ඔරලෝසු කණුව අදත් රත්නපුරය බබළවමින් තියෙනවා . තව කියන්න ඕන දෙයක් තමයි මේ ඔරලෝසු කණුව නොතිබුණ කාලේ උනත් මේ හන්දිය ප්‍රසිද්ද හන්දියක් . හතරවටින්ම එන කරත්ත වාහන එහෙම ගමන් කරලා තියෙන්නේ මේ හන්දිය හරහා .

ඒ වගේම මැණික් ව්‍යාපාරය කරන අය තමන්ගේ මැණික් වෙළදම් කරන්නත් මේ ඔරලෝසු කණුව පිහිටලා තියෙන තැන කිට්ටුවට ඇවිත් තියෙනවා . ඒ නිසාම එදා වගේම අදත් මේ ඔරලෝසු කණුව තියන කිට්ටුව මැණික් ව්‍යාපාරිකයෝ මැණික් ගන්න , විකුණන්න උදේ කාලයේ ඉන්නවා දකින්න පුළුවන් .

තවත් ලිපි සඳහා : හස්ථිනාපුර

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.