හිතාමතාම ග්‍රහකයේ වැදුනු පිටසක්වල යානය

October 26, 2021

1908 වසරේ ජූනි මස 30 වන දින සයිබීරියාවේ තුන්ගුස්කා ගග අසබඩ පොඩ්කමෙන්නයා ප්‍රදේශයේ පිපිරීමකින් වර්ග කිලෝමීටර 2150ක ප්‍රදේශයක් විනාශ විය.

ග්‍රහකයක යැයි සැලකිය හැකි පාෂාණමය සුන්බුන් රැසක් මෙම ස්ථානයේ තිබී විද්‍යාඥයන්ට හමු වී ඇත. එමෙන්ම කුමන වස්තුවකට අයත් වූයේදැයි සිතා ගත නොහැකි අත්භූත ආකාරයේ ලෝහ කැබලි ද හමු වී තිබේ. එම ලෝහ කැබලි වල මූලද්‍රව්‍යයන් පෘථිවිය මතදී අතිශය දුර්ලභ ය. ඒවා කැඩී ගොස් ඇත්තේ විශාල ගෝලාකාර වස්තුවකින් බවද හඳුනා ගැනිණ.

මේ පිළිබඳව පරීක්ෂණ කළ විද්‍යාඥයන්ගේ වාර්තාවේ සඳහන් වූයේ මෙවැන්නකි. “මෙහිදී කඩා වැටුණේ විශාල ග්‍රහකයක්. නමුත් එය පොළොවේ ගැටීමට ඔන්න මෙන්න තිබියදී යම් අත්භූත යානාවක් ඒ සමග ගැටුණා. පොළොව මත සිදු වීමට නියමිත වූ පිපිරීම පොළොවෙන් ඉහළදී සිදු වූයේ ඒ නිසයි. එම යානාව හිතාමතාම ග්‍රහකයේ ගැටීමට සලස්වා තිඛෙනවා.”

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/tunguska-explosion/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...