බැඳීම් සහ බිඳීම්

සම්බන්ධයක් පටන් ගත්තාම…,
සරුංගලයක් උඩයවලා….,
ඒක උඩයනකොට දැනෙන සංතෝෂය…,
හා සමාන සතුටක්, සෑම හිතකටම දැනෙනවා.
නමුත් ඒ සරුංගලයට…,
උඩයන්න පුළුවන් සීමාවක් වැටෙනවා නේද,
නූල අල්ලාගෙන ඉන්න කෙනා අනුව?
සරුංගලයට තව උඩ යන්න ඕනි…,
උඩයන්න පුළුවන් හැකියාවත් තියෙනවා…,
එත්…
නූල් අල්ලාගෙන ඉන්න කෙනා ඒකට කමැති නැ.
ඉතිං… කවදාහරි…
ඒ සරුංගලය නූලෙන් කැඩිලා…,
ඈතට යනකොට…,
මොහොතකට හරි…,
“නිදහස“ බුක්ති විඳිනවා ඇති.

ඇත්තටම, සම්බන්ධකම් නිසා, නිදහස අහිමිවෙනවා නොවේද?

ඔබ දන්නවාද? ඒදා, බණ්ඩාරණායක කියන නූල කැඩිලා ගිය නැත්තං, ‘සිරිමාවො‘ කියන අගමැතිනියක් ඉන්න විදිහක් නැ, විජේකුමාරතුංග කියන නූල කඩාගෙන ගියේ නැත්තං අද ‘චන්ද්‍රිකා‘ කියන ඡනපතිනියක් ඉන්න විදිහක් නැ. එදිරිසිංහ කියන නුල කැඩිලා ගියේ නැත්තං, ‘සෝමා එදිරිසිංහ‘ කියන ධනවත් කාන්තාවත් නැ.

? ඒ නිසා, සම්බන්ධකම් බිදීගියාට හැමෝටම නරකක් වෙන්නේ නැ. හොදක් වෙන්නත් පුළුවන්.

? ඉතා අමාරුවෙන්, දුක්ගැහැට උහුළුගෙන, ගුටිකාගෙන, හොටු පෙරාගෙන, අඩාගෙන සමහර සම්බන්ධකම් වල ඉන්න අවශ්‍යත් නැ. විශේෂයෙන්ම කසාද නොබැදපු චරිත නම් කොහොමත් අවශ්‍ය නැ.

? හිතට නොගැලෙපන සම්බන්ධකම් ඇයි බලෙන් නඩත්තු කරන්නේ? මට පහුගිය දවසක, තමන්ව රවට්ටපු සම්බන්ධයක් ගැන එක් මහත්මියක් හඬමින් දුක් අඳෝනාවක් කීවා. මම කියන්නේ අපි හඩන්න අවශ්‍ය නැ නේද, අපව නිතර හඬවන සම්බන්ධයක් නැති වුනාට? මම ඇඟෙන් ඇහුවේ,

? ජීවිත කාලේම, තාත්තට දුවෙක්, සහොදරයන්ට සහොදරියක්, යාළුවෙක්ට යෙහෙළියක්, පෙම්වතාට පෙම්වතියක්, සැමියාට බිරිඳක්, දරුවන්ට අම්මෙක් වෙන එක විතර ද ගැහැණියකට උරුම කියලා ? තමන් වෙනුවන් තමන් වෙන්න බැරිද? “අත්තාහි අත්තනො නාථො“ තමාට තමා පමණයි පිළිසරණ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

? මම කියන්නේ, විඩාබර සම්බන්ධකම් ඇති අයට, තමන්ට තමන් වෙන්න අවශ්‍යතාවක් නැද්ද? කවුරු හරි ඕනිමද ජීවන ගමන යන්න??. ඒ නිසා තමන්ට තමන් වෙන්න අවස්ථාවක් දුන්නාට,

? ස්තූතිවන්ත වෙන්න දාලා ගියපු කෙනාට. සම්බන්ධකම් පවත්වන්නම අවශ්‍ය නැ. සම්බන්ධකම් බිඳීයාමත් ලෝකොත්තර ජයග්‍රහණයක්. ජීවිතය ගවේෂණයට.

බිඳුනු හදවත් ඇති අය වෙනුවෙනි ?

(හැමදාම කතා කරන්නේ සම්බන්ධකම් රැක ගැනීම වෙනුවෙන්, අද ලීවේ බිඳුනු සම්බන්ධකම් වෙනුවෙන්. සබඳකම් බිඳීමත් එක් සුවයක් විදිහට සලකන්න. සමහරවිට පරමසැපත තියෙන්නෙත් ‘සම්බන්ධකම් අතහරින තරමටමයි).

තෙරුවන් සරණයි ☸️

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.