බැඳීම් සහ බිඳීම් (කෝප්පය)

“සලාං…….” යන ශබ්දයෙන් වීදුරු කෝප්පයක් කැඩී යන අයුරු දානශාලව දෙසින් ඇසුණි. ?

“හයියො… කොල්ලා… කෑවා නේද ඒකත්…” කෑවා නේද? “ යනුවෙන් දෙවැනියට ඇසුණේ පංසලේ මාමාගේ හඩයි. ??

“දැන් ඉතිං වරුවක් බනිනවා මාමා, අර ලමයාට” යනුවෙන් මගේ හිත කීවේය. ?

දාන ශාලාවේ කෝප්ප වීදුරු කීප වතාවක්ම බිඳීයන අයුරු මේ දවස් ටිකේම මගේද සවනත වැකුණේය. ඒ අලුත මහණ කිරීමට එක්කා ආ පිරිමි දරුවා අතිනි. ගෙවල් වල කිසිදු බරපතළ වගකීමක් නැතුව හැදෙන ලමයි පංසලේ වැඩවලට හුරුවීමට ටික කාලයක් ගත වෙනු ඇත. මා ද එසේ බව සිහි වුණි. ?

“මල්ලි මොකො… මෙහෙ එනවා…” මම සිනාමුසුව කීවේ, මගේ කාමරයේ දොර රෙද්දෙන් එබී බලා ලැජ්ජාවෙන් හිනාවෙන කොලුවා දෙසය. ?

පංසලේ මමා අවුස්සා මොකක් හරි “කුප්ප” වැඩක් කළ විට ඔහු දිව එන්නේ මගේ කාමරයට හෝ ලොකු හිමියන්ගේ කාමරය ගාවටය. ? ඒ, පංසලේ මාමා තරම් අප කුලප්පු වන්නේ නැති බව දන්නා නිසා විය යුතුය. ?

ඈතින් පැමිණිල්ලක හඬක් ඇසේ. ඒ, පංසලේ මාමා විසින් ලොකු හිමියන්ට අවනඩුව පවසන අයුරකිනි. ?

“බලන්න නායක හාමුදුරුවනේ… මේ කොල්ලා දැන් පිඟන් කෝප්ප කීයක් බින්ද ද” යනුවෙන් දිගටම කියාගෙන යයි. ?

නායක හාමුදුරුවො, කිසිදු හැල හෝලමනක් නොමැතිව තමන් යෙදි සිටි කාර්යේම යෙදී සිටි. පංසලේ මාමාගේ පැමිණිල්ල සහ වේදනාව කෝපය ඔහේ ගලාගෙන යාමට ඉඩ දීමෙන් අනතුරුව නායක හාමුදුරුවො, මාමාගේ මුහුණ බැලීය. ?

“ගිලන්පස එකක් හදමු ද?” යනුවෙන් නායක හාමුදුරුවන් අර පැමිණිල්ල වෙත උත්තර දීමක් ලෙස විචාලේය. ☕️

“එහෙමයි” කියා පංසලේ මාමා පිට වුණෙ, තවත් ඒ ගැන අහන්න ඕනේ නෑනේ යන ඉඟිය තේරුම් ගත් නිසා ය. ?

මා ද කාමරයෙන් එලියට යාම ට අදහස් කළේ, ගිලන්පස එකක් ගත්තා නම් යෙහෙකැයි සිතන නිසාය. මා එලියට පැමිණි විට නායක හාමුදුරුවො මා දෙස බලා සිනා සුනාය. ?

“අයියාගේ කෑ ගැහිල්ල නිසා තමයි ඉතිං මේ පංසලේ හතර මායිම රැකියලා තියෙන්නේ…” කියා වදාලේය.?

නායක හිමියන් “පංසලේ මාමාට අයියා කියා අමතන්නේ, ඔහු වැඩිමහල් මෙන්ම ඈත නෑදැකමක් ද ඇති නිසාය.

“එහෙමයි” මම කීවෙමි. ?

✅“ලුජ්ජති පලුජ්ජති ලොකො”… නායක හාමුදුරුවො එසේ කියා කරමින් සිටි කාර්ය දෙස බලාගත්තේය… ?

මම දානශාලාව දෙසට පිය මැන්නේ, නායක හාමුදුරුවො ප්‍රශ්න දෙකම දිහා ඉතා උපෙක්ෂාවෙන් සාධරණව බැලූ නියාමය තේරුම් ගනිමින්ය.

?“පංසලේ මාමාගේ තරහ ද එක් පැත්තකින් සාධාරණය” ඒ නිසා නායක හාමුදුරුවො ඔහුගේ පැමිණිල්ල සාවධානය අසා සිටියේ.

අනේ පැත්තෙන් පොඩි එකාගේසැටි තේරුම් ගෙනය. සහ ලෝක ස්වභාවය තේරුම් ගෙනය. ?

✅ “කැඩෙන බිඳෙන ලෝකය” යනු ලොකු හාමුදුරුවො කී පාලි පාඨයේ අර්ථය වේ. එසේ නම් මේ රැස් කරගෙන පවතින භෞතික සියලු දේ පවතින්නේ අපේ ප්‍රයෝජනය පිණිසය. නමුත් ඒවා කැඩි බිඳී යන ලෝකයේම කොටස් භව අමතක නොකළ යුතුය. ?

සටහන
? උපදේශනයේ දී (Counselling) විරහව සම්බන්ධ ගැටලු කතා කරන විට මා හට තියෙන ලොකුම බාධකය නම්, පෙම් සම්බන්ධතා “ස්ථීර” “ඒකාන්ත” “සදාකල්” පවතින එවා ලෙස තරුණ තරුණියන් තේරුම් ගෙන තිබීම. ඒ නිසා පරණ සිද්ධිමත දැඩිව එල්බී සිටී.

? එතැනින් එලියට ගැනීමට ලේහෙසි පහසු නැන. එසේ ස්ථීර වූත් සදාතනික වූත් බැඳීම් කියා ජාතියක් ලොව නැත. ඔනෑම වෙලාවක ඒවා කැඩී බීදී යා හැකිය.

? වීදුරු කෝප්ප පාවිච්චි කළ යුතුය. නමුත් එවා බිඳී යන බව අමතක නොකළ යුතුය. ප්‍රේමය ද කළ යුතුය. නමුත් ස්ථීර, ඒකාන්ත දෙයක් ලෙස දැඩිව නොගත යුතුය.

? වීදුරුව මෙන් පරිස්සං කළ යුතුය. එහෙත් බිඳී යාම එහි ස්වභාවයයි. විදුරුවේ මූලික ලක්ෂණය නම් බිදෙනසුළු බවය.

? “බැඳීම්” වල මූලික ලක්ෂණය ද “බිඳීම්” සහිත බවය. වීදුරුවක් කැඩුණු විට හඩාවැලපී කෑ ගසා ඇතිවෙන පලක් නැත. වටිනාකම කොතරම් වැඩි වීදුරු කෝපයක් වුවද නැවත කරන්නට දෙයක් නැත.

? කළයුතු එකම දෙය නම් ස්වභාවය අවබෝධ කරගෙන වෙනත් වීදුරු කෝප්පයක් ගැනීමයි. “බැඳීම්” බිඳුනු පසුද හඩා වැලපෙමින් සිටීමෙන් ද පලක් නැත. මාස 6කට වඩා පවතින දුක Depression වලට අත වැනීමකි.

? එබැවින් අලුත් බැඳීමකට යා යුතුය. බැඳීම් පවතින්නේ අපට ජීවත් වීමට පහසු කිරීමටය. නැතුව අප බැඳීම් වෙනුවෙන් ජීවත් විය යුතු නැත.
ඒවා පවතින්නේ මනස්කාන්ත ලෝක වලය. කවි වලය. කතා වලය. ටෙලි නාට්‍ය වලය. සැබෑ ලෝකය ඊට වෙනස්ය.

? තමන් හිතන විදිහ අනුව දුක තීරණය වේ. හිතන විදිහ වෙනස් කිරීමෙන් දුකින් එලියට ඒමට ද හැක. නායක හාමුදුරුවන් හා පංසලේ මාමා අතර පවතින්නේ හිතන විදිහේ වෙනසකි. විරහව ද එසේය.

? විරහව ද සදාතනික නැත.

? බැඳීම් ද සදාතනික නැත.

✅ බැඳීම් පවත්වාගන්න. බිදෙන බව දැනගෙන. එවිට හිතට හොඳ ය.

✅ සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

තවත් මනෝ උපදේශනය සම්බන්ධ ලිපි සඳහා : Counselling – හෙරලි

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.