රෝග් දිය රැළි

රෝග් දිය රැළි (Rogue Waves) යනු ගැඹුරු මුහුදේ හටගන්නා ඉතා විරල ගණයේ දිය රැළි විශේෂයකි.

සාමාන්‍ය මුහුදු රැළි හා රෝග් රැළි අතර අනුපාතය 200,000:1 ක් පමණ වේ. මේවා ස්වභාවයෙන්ම අති දැවැන්ත වන අතර එක් දිය රළක් අඩි 40 ක සිට අඩි 200 ක් පමණ දක්වා උස් විය හැක.

වඩාත් භයානක තත්ත්වය වන්නේ මෙබඳු දිය රළක් ඇති වන බව කලින් හඳුනා ගැනීමට හෝ අනතුරු හැගවීමට ක්‍රමයක් නොමැති වීමයි. ක්ෂණයකින් හට ගන්නා රෝග් රැළි ඊළග නිමේෂයේදී අතුරුදහන් වේ.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය මෙතනින් – https://elearning.lk/blog/bermuda-triangle/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...