නේපාලයට අධ්‍යාත්මික නගරයක්

සුන්දර ජලාශයක් වටා ඇති කඳු වළල්ලක්. ඒ ආශ්‍රිතව බිහි වූ විශාල හරිත නගරයක්. නගරයේ පැවැත්ම 100% පුනර්ජීවන බලශක්තිය මත. නගරයට ඇතුල්වන ස්ථානයෙන් ඔබේ පොසිල ඉන්ධන දහනයෙන් ක්‍රියාත්මක වන වාහනයේ ගමන අවසන් වෙයි.

විශාල වාහන නැවතුමක ඔබට රථය ගාල් කර විදුලියෙන් දුවන වාහනයක්, ඔබ සිටින දින කිහිපයට කුලියට ගෙන නගරයට ඇතුළු විය හැක. නොඑසේ නම් ඉතා නිවැරදි කාල සටහනකට ක්‍රියාත්මක වන විදුලි බස් රථයක ඔබට ගමන් කල හැක. මීට අමතරව ඔබ නවතින හෝටලයෙන් හෝ වෙනත් ස්ථාන කිහිපයකින්ම ඔබට බයිසිකලයක්, විදුලි ස්කූටරයක් හෝ සෙගවේ රථයක් කුලියට ගත හැක.

@elearninglk

මුළු නගරයේම ඇත්තේ ලෝකයේ බොහෝ ආගම් හෝ ආගමික අනුඛණ්ඩ වලට අයත් ධර්මයතනයන්ය. ඒවා ඉදි කෙරෙන්නේ මෙන්ම නඩත්තු කෙරෙන්නේද එම ආගම් හෝ ආගමික අනුඛණ්ඩ වලට අයත් පුද්ගලයන් හෝ ආයතන මගිනි. රජයෙන් භූමි භාගය සපයා දෙයි. මේ ධර්මායතන ඒ ඒ රටවල අදාළ ආගමට අයත් ගෘහ නිර්මාණ ශිල්පය මත බිහි වී ඇත.

සෑම ආයතනයකම විශාල පිරිසකට දීර්ඝ කාලයක් රැඳී සිටීමට නේවාසික පහසුකම් ඇත. ධර්මයතනයක් ගොඩනැගීමට ඉදිරිපත් වන පාර්ශවයකට සපුරා ලිය යුතු සරල කරුණු කිහිපයකි.

? කිසිඳු අවස්ථාවක තම පරිශ්‍රයෙන් පිටතට ආගමික වතාවත් සම්බන්ධයෙන් ඇතිවන ශබ්ද පිට නොවිය යුතුය.
? නගරය තුල සත්ව ඝාතන සිදු නොවිය යුතුය (මාංශ නගරයෙන් පිටත සිට ගෙන විත් පිසීමට බාධාවක් නැත).
? නගරයේ ඇති ජලාශය සියළුම ආගමික වතාවත් උදෙසා සාමකාමිව භාවිතා කල යුතුය.
? ගොඩනැගිලි ඉදිකිරීමේදී අවම රුක් ඉවත්කිරීමක් සිදුවිය යුතුය. හැකිනම් ඊට සමාන ගණනක් හෝ වැඩි ගණනක් රුක් රෝපණය කල යුතුය.


Click on the Image

නගරයේ සියළු මංමාවත් හා සමාන්තරව බයිසිකල්, සේගවේ සහ පා ගමන් කරුවන් සඳහා මාවතක් ඇත. ඕනෑම ආගමකට අදාළ ආහාර ගැනීම සඳහා වූ භෝජනශාල නගරයේ ඇත. ආගමික ආයතන වලින් ස්වායත්ත කුඩා පියමං පද්ධතියක් සහිත විශාල වනාන්තර පෙදෙසක් නගර මධ්‍යයේ පවතී.

ඒ තුල භාවනා හෝ නිදහස් සුවය ලබා දෙන කුටි පද්ධතියකි. ඕනෑම අයෙකුට එහි අධ්‍යාත්මික සුවය ලැබිය හැක.

එමෙන්ම නගරයේ ඇති ජලාශයට යාබදව විවෘත සාකච්චා මණ්ඩපයක් ඇත. එහි දවස පුරා ඕනෑම ආගමකට අයත් විද්වතුන්ට සාකච්චා පවත්වන්නටත් අනෙක් අයට ඒවා නැරඹීමටත් ඉඩපහසුකම් ඇත.

නගරයේ අධ්‍යාත්මික කරුණු සඳහාම විශේෂිත වූ විශාල පුස්තකාලයක්ද, ජාත්‍යන්තර සරසවියක්ද, රෝහලක්ද, හෝටල් සංකීර්ණ කිහිපයක්ද, අනෙකුත් සේවා ස්ථානද පවතී.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

එය ලෝකයේ ඉදිවන ප්‍රථම සර්ව ආගමික අධ්‍යාත්මික නගරයයි. ලොව දස දෙසින් එයට සංචාරකයන් ඇදී එයි.

නගරය ඉදිවන්නේ ජාත්‍යන්තර ගුවන්තොටුපලකට තරමක් ආසන්නයේය. ගුවන් තොටුපලේ සිට නගරය දක්වා ඉතා පුළුල් අධිවේගී මාර්ගයකි. ඊට අමතරව රටේ අනෙකුත් ප්‍රධාන නගරද මෙම අධ්‍යාත්මික නගරයට පුළුල් මාර්ග පද්ධතියකින් සම්බන්ධ වේ.

මේ මීට වසර පහළොවකට පමණ පෙර මා ගොඩනැගූ දීර්ඝ ව්‍යපෘති යෝජනාවක සම්පිණ්ඩනයයි. එය ගොඩනැගුවේ ලංකාව උදෙසාය. එවන විට මත්තල ගුවන්තොටුපල පිළිබඳව පවා කිසිවෙකු තුල අදහසක් තිබුනේද නැත. මම යෝජනාව ඇමතිවරුන් කිහිපදෙනෙකුටම ඉදිරිපත් කලෙමි.

ඒ කිසිවෙකුට මෙය ගණනකටවත් ගත්තේ නැත.

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.