අලි වචන

අලි භාෂාව යනු අලින්ගේ කණට සමීප වචන ඔස්සේ නිර්මාණය වූ භාෂාවක් යැයි ඇතමුන් සිතුවත් එහි කිසිදු සත්‍යතාවයක් නැත.

අලියෙකුට (හෝ ඕනෑම සත්වයෙකුට) කුඩා කාලයේදී සිංහල හෝ වෙනත් ඕනෑම භාෂාවක් ඉගැන්නුවොත්, පසු කලෙකදි එම සත්වයාට එම භාෂාවේ වචන සමීප වෙයි.

එහෙත් සෑම කෙනෙක්ම මෙලෙස සිංහලෙන් විධාන ලබා දීමට පෙළඹුනු විට හීලෑ අලි ඇතුන් හැසිරවීම අපහසු වන බැවින්, ඇත්ගොව්වන් විසින් අලින්ට පමණක් වෙනම භාෂාවක් රහසේ භාවිතා කරයි.

අලි භාෂාව කේරල, මලයාල, තෙලිගු භාෂාවන් වල වචන ඔස්සේ නිර්මාණය වී තිබේ. ඇතැම් වචන, මන්තර සාහිත්‍යයෙන් එකතු වී ඇත. මෙහි වචන, උච්චාරණයේදී අපහසුවකින් තොරව වැඩි හඩකින් උච්චාරණය කළ හැක.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/tamed-elephants-and-tuskers-of-sri-lanka/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...