හොඬවැල කටේ ඔබාගන්න අලි

November 22, 2021

පෙරහැරේ හෝ පාරෙහි ගමන් කරනා ඇතැම් හීලෑ අලි ඇතුන් තම හොඩය, මුඛය තුළම රදවාගෙන ගමන් කරන ආකාරය ඔබ දැක තිබේද? අප රටේ ඇතැම් ඇත්ගොව්වන් (බොහෝ විට උඩරට ප්‍රදේශයේ), කුඩා පිරිමි අලි පැටවුන්ට හොඩය මුඛය තුළ දමා සිටීමට පුරුදු කරනු ලබයි.

එසේ කරනු ලබන්නේ පිරිමි අලි ඇතුන්ව පාරේ ගෙන යන විට (විශේෂයෙන්ම පෙරහැරවල් වල), මාර්ගයේ වැටී ඇති ගැහැණු අලින්ගේ මුත්‍රා ඉව කර පිරිමි අලි ඇතුන් නොසන්සුන් වීම සහ කලබල කිරීමට ඇති ඉඩකඩ නිසාය.

අප රටේ හීලෑ ඇත් පන්තියට අයත් කතරගම වාසනා ඇතුද මෙම ක්‍රමවේදයට හැඩ ගැසුණු ඇතෙකි.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය – https://elearning.lk/blog/tamed-elephants-and-tuskers-of-sri-lanka

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...