වැරදීමෙන් අගමැති වුණ මන්මෝහන් සිං | The Accidental Prime Minister Manmohan Singh- Chamara Sumanapala

2004 දි කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉන්දියාවේ මහමැතිවරණය ජයගත්තා. කොන්ග්‍රස් නායිකා සෝනියා ගාන්ධි අගමැති ධුරයට පත්වීම කෙරෙහි රටේ ඇතැම් පිරිස් විරෝධය දැක්වූවා. ඒ අවස්ථාවේ ආචාර්ය මන්මෝහන් සිංට අගමැති වෙන්න වාසනාව ලැබුණා. නමුත්, බොහෝ දෙනා දුටුවේ ඔහු සෝනියාගේ රූකඩයක් ලෙසයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.