“හාමුදුරුවෝ මොකුත් ලිවේ නෑ නේද අර ප්‍රසිද්ධ Voice clip ගැන?“ ?

මා සමඟ නිතර පිළිසඳරෙහි යෙදෙන, මගේ ලිපි නිතර කියවන පුද්ගලයෙකු ඇසුවේය.

“නෑ… ඒ වුනාට මම ඒ ගැන ලියවෙච්චි බුකියේ තිබ්බ articles නම් ටිකක් කියෙව්වා.“ මම කීවෙමි.?

“කොයි වාගේ එව්වාද?“ ඔහු ඇසුවේය.

“ගෑනු ලමයිගේ හැඳියාව, ගෑනුන්ට අපහස කරපුවා, එයාලගේ නරක ගතිගුණ, ඔය ඔක්කම එකයි වාගේ එව්වා සහ ඒ ගැන සාධාරණීකරනය කරල තිබ්බ එව්වා… තමයි..“ මම කීවෙමි.??

“ඒකනේ හාමුදුරුවනේ කෙල්ලො මෙහෙම නම් අපි කොහොමද කසාඳයක්වත් බඳින්නේ…“ අනික ඔව්වා සාධාරණීකරය කරන එවුන් කැමැති ද එහෙම කෙල්ලෙක්ව බැඳගන්න..“ ඔහු ආවේගයෙන් පැවැසුවේය..?☹️

“මට නම් තියෙන්නේ වෙනස් අදහසක් මල්ලි, ඔය මාතෘකා 2ක ගැනම.“ මම කීවෙමි.?

“ඒ කීවේ…“ ඔහු විමසුවේය.?

“පළවෙනි එක තමයි, ?

ඒ වාගේ සිද්ධියක් නිසා ගෑනු ඔක්කම එහෙමයි වාගේ ගොඩකට තල්ලු කරන්න හදපු ජාතියේ අදහස් තිබ්බා. ඒක වැරදි. ඒක හරියට පිරිමිත් ඔක්කම වලත්තයො වාගේ කියලා එක ගොඩකට තල්ලු කරනවා වාගේ වැඩක්.“ මම කීවෙමි.

“ එතකොට හාමුදුරුවො දකින විදිහට ගෑනු කොයි ආකරයේ අයද ඉන්නේ?“ ඔහු ඇසුවේය.?

“ගෑනු නෙවෙයි, පිරිමිත් මේ වර්ගයේම තමයි.“ කෙටියෙන් කීවොත් ගෑනු/ පිරිමි භේදයක් නැතුව “ සියලු පුද්ගලයෝ, මේ ආකරයෙන් ඉන්නවා. ආකාර වශයෙන් කීවොත් 14 කියලා කියන්න පුළුවන්. චරිත වශයෙන් කීවොත් 6ක්“?☸️

“අහ් අපේ හාමුදුරුවො කියන්නේ බුද්ධාගමේ විදිහට අර තියෙන චරිත 6 ද?“ ඔහු ඇසුවේය.☸️

“ඔව්… බුද්ධාගමේ කියනවාට වඩා ඒක විශුද්ධිමාර්ගයේ තියෙන චරිත වර්ගීකරණය කීවොත් නිවැරදි. ඇත්තටම කීවොත් මට අපට හම්බෙන අය ඔය ඔක්කම කලවම් අය.
ඒක නිසා එය 14 ආකාරයක් කීවෑකි.✅
“මොනව ද ඒ අපේ හාමුදුරුවනේ“..
?1. රාග චරිත,
?2. දෝස (තරහා පලිගන්නා) චරිත,
?3. මෝහ (මෝඩ) චරිත,
?4. සද්ධා චරිත,
?5. බුද්ධි චරිත සහ
?6. විතක්ක චරිතය.

“මේක නම් වලින්ම හිතාගත්තෑකි නේද මේ කොයි චරිත වාගේ ද කියලා… මම ඇසුවෙමි.✅

“අර විතක්ක කියන එක මම අහලා තිබ්බාට තේරුම දන්නෑ. ? “ ඔහු කීවේය.☹️

“ විතක්ක කියන්නේ හිත ඇතුළෙන් නිතර කියවන කල්පනා කරන අයට. හිත එකඟකරගන්න අමාරුම අය මෙයාලා. පාඩම් කරන්න එහෙම හරි අමාරුයි. නිතරම හිත එහෙ මෙහෙ දුවනවා. ඔය තනියම කියවන අය උනත් සමහරවිට වැටෙන්නේ මේ ගොඩට. එළියට ඇහුනෙ නැතුව හිත හැම තිස්සේම සංවාද කරනවා. ඇත්තටම කිසිම පිළිවෙලක් නැ. එක එක වෙලාවට කරන්නේ එක එක වැඩ. එක පාටක් එක රසක් එක සුවඳක් ගැන කැමැත්තක් නැති අය. “ මම කීවෙමි.✅

“එතකොට අර කෙල්ලො වැටෙන්නේ ඕකේ රාග චරිත ගොඩටද?“ ඔහු ඇසුවේය.?

“හරියටම හරි කියන්න බෑ… රාගය අතිශයින් බහුල අය තමයි රාග චරිත. ඒ කියන්නේ 80%වත් ඒ ලක්ෂණය තියෙනවා කියන එක. ඉතිං වැඩියෙන් තියෙන්නේ මොන ගුණයද ඒ වර්ගයට තමයි අයිති වෙන්නේ. කාමුක දේවල්වලට අතිශයින්ම බර අය “රාග“ චරිත කියලා කීවෑකි. ? සහ අර ගෑනු ඔක්කම එක ගොඩේ කියන එකට සහ පිරිමි ඔක්කම අවස්ථාවාදියො කියන එකට මම විරුද්ධවන්නේ මේ නිසා.. ? හැබැයි හරිම ලේසියෙන් ඔය චරිත හයට දාන්න බෑ. උදාහරණයක් විදිහට හරිම සද්ධාවන්ත අයටත් රාගය පිහිටනවා…එයාලත් ලිංගික දේවල්වලට කැමති සමහරවිට අනියම් සම්බන්ධතා උනත් තියෙන්න පුළුවන් 4 පොහොයටම සිල් ගන්න අයටත්… සහ දීර්ඝායුෂ තියෙන, ලස්සනට පිළිවෙලට වැඩ කරන අයත් ඉන්නවා ඔය ගොඩෙම“ මම කිවේමි.?

“මොකද්ද අපේ හාමුදුරුවෙනේ ඒ හතර බීරි කථාව…“ ඔහු කීවේය.??

“ ඒ කියන්නේ මෙහෙමයි. ඔය 6ම කලවං වෙලා එකිනෙකාට පිහිටනවා කියලයි මම කීවේ. නැතුව කව්රුවත් හැමදාම කුපාඩියෙක් හරි හැමදාම සද්ධාවන්ත උපාසකයෙක් හරි වෙන්නෑ. දැන් මෙහෙමයි. සමහරවිට, ද්වේෂචරිතයක් එක්ක ජිවත්වෙන එක, රාග චරිතයක් එක්ක ජීවත් වෙනවටත් වඩා එපා වෙන්න පුළුවන්. නිතරකම තරහා ගැනීම. වෛරය හිතේ තියාගෙන පළිගන්නා ස්වභාවය, එකම දේ නැවත නැවත කිය කියා හිත රිද්දමින් පළිගැනීම, බොහෝ දෙනෙක් එකක් රංන්ඩු කරන එක, බොහෝ දෙනෙක් අමනාප කරගෙන සහ අපිළිවෙල, පිරිසිදු නැතිව ජීවත් වෙන “දෝස චරිතයක් එකක් ජීවත්වීම රාග චරිතයේ ගෑනු හෝ පිරිමි කෙනෙකුට වඩා එපා කරවන්න පුළුවන් පවුල් ජීවිතයම. ?

බෙහෝ වෙලාවට ඉන්නේ මෙන්න මෙහෙම කලවං චරිත.
?1. රාග දෝස චරිත,
✅2. රාග මෝහ චරිත,
?3. දෝස මෝහ චරිත,
✅4. රාග දෝස මෝහ චරිත,
?5. සද්ධා බුද්ධි චරිත,
✅6. සද්ධා විතක්ක චරිත,
?7. බුද්ධි විතක්ක චරිත,
✅8. සද්ධා බුද්ධි විතක්ක


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“දැන් එතකොට අපට හමුවෙන ගැහැනු පිරිමි මෙන්න මේ වාගේ කලවං අය. නැතුව අර මුල් චරිත 6 වාගේ කොටු කරලා වෙන් කරන්න පුළුවන් අයම නෙවෙයි.“

“අපේ හාමුදුරුවො කියන්නේ හැමකෙනාගාවම මේ ටික අඩුවැඩි වශයෙන් තියෙනවා කියලාද?“✅

“අනිවාර්යෙන්ම…? ඒ විතරක් නෙවෙයි, අවස්ථාව හැටියට අඩු වැඩි වශයෙන් චරිතයේ පෙන්නත් තියෙනවා… ඒකයි කිවේ පෝයට ඉතාම සද්ධාවන්ත ලෙස සිල් රකින සද්ධාචරිතයාට, අනියම් සම්බන්දතාවයකුත් තිබෙන්න පුළුවන්. නැත්තං හොදටම කෙන්ති යන ලේලිට කුඩුකෙඩුකම් කරන නැන්දම්මෙක් වෙන්නත් පුළුවන් ? නමුත් අපි ඒ මනුස්සයාට බනින කොට බනින්නේ මූ / මෙකී හතර පෝයටම සිල් ගන්නවා ඒ වුනාට කරන වැඩ කියලා… එහෙම දෙයක් නැ… 7 හැවිරිදි වියෙදි සෝවන් වෙච්චි විශාකාවට දරුවන් 20ක් හිටියා. ඒ ඉතිං ලිංගිකව එකතුවෙච්චි නිසානේ. බන්දුල මල්ලිකාවට දරුවො 32. සමහර අයට බිරින්දෑවරු 4ක් හිටපු අයත් හිටියා…

“දැන් එතකොට අපේ හාමුදුරුවොත් අන්තිමට කියන්නේ ලිංගිකත්වය සාමන්‍යයි කියලා…“ ඔහු කිවේය.?

“අන්න ඒක තමයි මම විරුද්ධ අනික් කාරණය.

ගෑනු ලමයින්ට බනින අයට වඩා හිටියේ, ගැහැනුත් / පිරිමිත් ලිංගිකත්වය විඳිය යුතු දෙයක් කියලා ඒක සාධාරණීකරනය කරපු අය.?

“ඒක ඉතාම වැරදි කාරණාවක්.?

“රාගය, දේවේෂ, මෝහය කියන තුනම නැතිවෙන්න ඕනේ නිවන් දකින්න නම්.. එතකොට ගෘහජීවිතයක් ගත කරන අඹුසැමියන්ටත් පාලනයක් තියෙන්නම ඕනේ.? යෝනියකට ලිංගයක් ඇතුළත් කරනවාට වඩා නයෙකු සිටින, හුඹසකට අත දාන එක හොදයි කියලානේ බුදු දහමේ කියන්නේ… මම කිවේමි.?


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“ හි හි… මල්ලී සිනාසුනේය..??

“ උදාහරණයට මෙහෙමයි. අරක්කු බොන්න බොන්න සිද්ධ වෙන්නේ දිගටම අරක්කුවලට අබ්බැහිවෙන එක. අවුරුදු කීපයකට කලින් අරක්කු කාලක් බීපු මිනිහෙකුට ටික කාලයක් ගියාම කාල මදිවෙන්නේ ඒකයි. ඒ නිසා සිද්ධවෙන හානිය අමුතුවෙන් කියන්න ඕන නෑනේ.? දැන් අතන හඩපටයේ ඉන්න ගෑනු ලමයට පිරිමි කිපදෙනෙකුම ඉදලා තියෙනවා. ඒක වැරදි. කාමය කියන්නෙත් අරක්කු වාගේ. ලබලා ඉවර කරන්න බැ. කාලක් බීපු කෙනාට පස්සේ “කාල“ මදිවෙනවා වාගේ ලිංගිකත්වයත් මදි වෙනවා. අන්න එහෙම ගිහින් වැරදි මඟට යනවා.“?

“ආ දැන් තේරුණා… එතකොට අරක්කු බොන එකාට නම් සල්ලි නාස්ති වෙනවා ලෙඩ හැදෙනවා, සිහිය විකල් වෙනවා වාගේ කීවෑකි. කාමුක කෙනාට මොකද වෙන්නේ.“ මල්ලි ඇසුවේය.?

“ඉතිං ඔය කීව ටිකම වෙන්නැද්ද කාමුක කෙනාට…, සල්ලි නාස්ති වෙන්නැද්ද? ලිංගික රෝග කොච්චර තියෙනවාද?
සිහිය විකල් නොවුනට, හොඳ සිහියෙන් නෙවෙයිනේ ඉන්නේ…
අනික අනියම් සම්බන්ධතා නඩත්තු කරන්න උනාම තියෙන මානසික පීඩනය.
අසුවෙයි කියන බය. ලැජ්ජාවෙන්න වෙයි කියන බය වාගේ ඒකට අවේනික ප්‍රශ්න නැද්ද?
සහ ඒ නිසා දුක්විඳින අනික් අයගේ සාපයට කෝපයට නිතරම ලක්වෙන්න වෙනවානේ. මිනීමැරුම් වලින් පවා ඉවර වෙන්න පුළුවන්.?

“ඔව් නේද? එකත් ඇත්ත.“ මල්ලි කීවේය.?

“ඒක නිසා, එක ගැහැණියක්ගෙන් එක පිරිමියෙන්ගෙන් සතුටු වෙන්න තරමට තමන්ගේ මනස සහ ආශාව පාලනය කර ගන්න ඕනේ.
ඉන්ද්‍රියන් පිණවලා කවදාවත් ඉවර කරන්න බෑ. ? ඒක හරියට බස් එකක හිට ගෙන ගියත් අමාරුයි. ඊට පස්සේ ඉඳගන්නවා. ඒකත් ටික වෙලාවකින් අමාරුයි වාගෙ වැඩක්. ඇහැරලා ඉන්න එකට වඩා කැමැතිනේ නිදාගන්න එක. එත් ලෙඩක් හැදිලා නිදාගන්න වුනාම තේරෙනවා… නිදාගෙන ඉන්න එකමත් වදයක් කියලා…?

“එතකොට අපේ හාමුදුරුවො කියන්නේ… එකකින් සැනසුම තමයි හොද කියලාද“❤️

“අනිවාර්යෙන්ම… ? අපට මුත්‍රාබර හැම තිස්සෙම හැදුනට අපි හැමතැනම ඕක පිටකරන්න යන්නෑනේ. සහ සමහරවිට දවසමත් ඉවසාගෙන ඉන්නේ. ඒ වාගේ… මොකද, කාම ආශාවන් කියන්නේම කවදාවත් තෘප්තිමත් කරලා ඉවර කරන්න පුළුවන් එව්වාට නෙවෙයි. තෘප්තිමත් කරන්න කරන්න, තව තවත් ඇබ්බැහිවෙන එව්වාට. ඒ නිසා තමන් අන්තිමට විඳින්නෙත් මානසික පීඩනයක්, දුකක්.☸️?

“එතකොට අපි කොහොම හොඳ කෙනෙක් තෝරාගන්නේ? ඔහු ඇසුවේය.?

(ඒ ගැන පැහැදිලි කිරීම වෙනත් ලිපියකින් කරන්නම්)

තවත් මනෝ උපදේශනය සම්බන්ධ ලිපි සඳහා : Counselling – හෙරලි

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.