විශේෂ පිළිමයක්?

තිස්සමහාරාමයේ පිහිටි යටාල රජමහා විහාරයෙන් හමු වී ඇති මෙම ප්‍රතිමා කොටස අප රටේ ප්‍රතිමා කැටයම් කිරීමේ තාක්ෂණයේ විශේෂිත ක්‍රමවේදයක් හෙළිදරව් කරයි.

එනම් අතීතයේදී ශෛලමය ප්‍රතිමාවන් සම්පූර්ණයෙන් කැටයම් කිරීමට අමතරව ප්‍රතිමාවේ ශරීර අංග වෙන් වෙන් වශයෙන් කැටයම් කර, අවසානයේදී එකට එකතු කිරීමයි.

මෙලෙස එකතු කිරීමෙන් පසු මෙය තනි ගලින් සිදු කළ නිර්මාණයක්ද, නැතහොත් කොටස් වශයෙන් සවි කළ නිර්මාණයක්ද යනුවෙන් හදුනා ගැනීම අපහසුය.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය – https://elearning.lk/blog/archaeological-sites-in-tissa-kataragama-and-the-central-cultural-fund-in-sri-lanka

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...