අරුම පුදුම වෛරසයක්

ඇමරිකාවේ පෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මැරෙලින් රූසින්ක් නම් මහාචාර්යවරිය, ඇමරිකාවේ යෙලෝ ස්ටෝන් ප්‍රදේශයේ විශේෂිත තෘණ වර්ගයක් මත වැඩෙන දිලීර විශේෂයක් සොයා ගත්තාය.

ඇමරිකාවේ යෙලෝ ස්ටෝන් ප්‍රදේශය යනු අධික උෂ්ණත්වයක් සහිත පසක් ඇති ප්‍රදේශයකි. ඇය, මෙම තෘණ වර්ග වලට හොඳින් වැඩීමට සහ නියගයට ඔරොත්තු දීමට, එම දිලීර විශේෂයට ඇතුළත් වුණු වෛරසයක් හේතු වී තිඛෙන බව තහවුරු කර ගනු ලැබුවාය.

ඉන්පසුව එම පැළෑටි වල තිඛෙන වෛරස් ආසාදිත දිලීර වල සාම්පල ඔස්සේ තවත් ශාක කිහිපයකට මෙම දිලීර සහ වෛරස ඇතුළත් කර, පාංශු උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 140ක වාතාවරණයක් යටතේ පරීක්ෂා කෙරිනි. මෙම අධික උෂ්ණත්වය යටතේද ශාක මිය නොගිය බව ඇයගේ පරීක්ෂණ වල ප්‍රතිපලය විය.

මේ සම්බන්ධව eLearning.lk අපි නිර්මාණය කළ සම්පූර්ණ වාර්තාමය වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...