ආහාර පාන බෙදා හරින ඩ්‍රෝන යානා
අද අපි බලාපොරොත්තු වෙන්නෙ ඩ්‍රෝන යානා උපකාරී කරගෙන කරන්න ඉන්න තවත් අලුත්ම දෙයක් ගැන ඔයාලව දැනුවත් කරන්නයි. ඒ තමයි, ඩ්‍රෝන යානාවලින් ආහාර පාන බෙදා හැරීමේ යෝජිත සේවාවක් (Food Delivery Services) ගැනයි.
මේ සංකල්පය කරලියට ඇවිල්ලා දැන් හුගක් කල් වෙනවා. ඒත් මේ ක්රමයේ ප්‍රායෝගික වශයෙන් දුර්වලතා තියෙන නිසා, මේක ක්‍රියාත්මක කිරීම දවසින් දවස පස්සට ගියා. මොකද උඩින් කෑම ටික පහළට දානකොට හුළග වැඩි වුණු ගමන්, ඒවා වෙන පැත්තකට වැටෙන්න පුලුවන්. පහළට දැම්මම අහළ පහළ ඉන්න බල්ලො, පූසො වගේ සත්තුන්ට අහුවෙන්න පුලුවන්.
හැබැයි තාක්ෂණයේ දියුණුවත් එක්ක, මොන හුළගක් ආවත්, පාර්සලය ඒ තැනටම වැටෙන විදිහේ ක්‍රමයක් දැන් හොයාගෙන තියෙනවා. ඒ වගේම සත්තුන්ගෙන් වෙන හානිය වළක්වන එකටත් විසදුමක් දැන් තියෙනවා. විසදුම තමයි, කෑම එක ඇනවුම් කරන කෙනාටම තීරණය කරන්න දෙනවා, කෑම එක දාන්න, බාධාවක් නැති මොකක් හරි තැනක්. මේ ක්‍රමය තවමත් පරීක්ෂණ මට්ටමේ තිබුණත්, දැනටමත් සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කරලා තියෙනවා.
* වැඩි විස්තර සඳහා : https://www.forbes.com/sites/aliciakelso/2019/07/12/food-delivery-via-drones-may-be-closer-than-you-think
උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.forbes.com