ඔබ කැමති එහෙත් ලංවිය නොහැකි කෙනා යාලු කරලා දෙන අපූරු AI Dating App එක හදපු අපේ ව්‍යවසායකයෝ

Cupido කියන්නේ අපේ රටෙන් බිහිවුණු අලුත්ම මොබියිල් App එකක්. මේකෙන් Online Dating වලදී ඔබට කැපීපෙනෙන වාසියක් හා ඔබේ profile එකට එන ඕනෑම කෙනෙකුට ඔබත් සමග chat කරන්න කැමැත්තක් ඇති කරලා දෙනවා. ඒ කොහොමද කියල අපි එහි නිර්මාතෘන්ගෙන්ම අහමු.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.