කොරෝනා වෛරසයේ නොපෙනෙන පැත්ත

විසිවන සියවසේ මුල් කාලයේදී උතුරු රුසියාවේ ප්‍රදේශ කිහිපයක පිනිමුවන් මිලියනයකට වඩා ඇන්ත්‍රැක්ස් (anthrax) රෝගයෙන් මියගියේය. ඒ සමගම පිනිමුවන් ඇතිකිරීම ජීවිකා වෘත්තීය කරගත් රුසියානුවෝ බොහෝ දෙනෙක්  වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය විය.  මියගිය පිනිමුවන්ගේ සිරුරු කාලයත් සමග අයිස් තට්ටු වලින් වැසී නොපෙනී ගියේය.

ඊට දශක ගණනාවකට පසු නැවතත් මිනිසුන් මේ ප්‍රදේශවල වාස භූමි ඇතිකරගත්හ. වසර 2016 යේ දිනක, දොළොස් හැවිරිදි බොරිස් පාසැල් ගොස් එන අතර දියවෙමින් පවතින අයිස් ස්ථරයක් තුලින් මතුවූ අං තට්ටුවක් දුටුවේය. කුතුහලය නිසාම ඔහු අයිස් ඉවත් කරමින් අං තට්ටුව මතුකරගැනීමට උත්සහ දැරීය. ක්‍රමයෙන් අයිස් පතුරු ගැලවෙද්දී  ඔහුට දැකගත හැකිවුයේ මරණයට පත්වී සිටි පිනිමුවෙකුගේ සම්පුර්ණ මලසිරුරකි. අං තට්ටුව ගැනීමේ අදහස අත් හැර දැමු බොරිස් ගෙදර ගියේය.

දින කිහිපයකින් එම දරුවා මරුමුවට පත්විය. ඒ ඇන්ත්‍රැක්ස් රෝගය වැළඳීම නිසාය. ටික කලකදී පළාතේ පිනිමුවෝ දහස් ගණනින් මෙම රෝගය නිසා මිය යන්න විය. රුසියානු රජයේ මැදිහත්වීම නොවන්න එය ඉතා භයානක තත්වයක් වන්නට තිබුණි. කෙසේ නමුත් අද වන විට ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව නොයෙකුත් පර්යේෂණ සහ බලගැන්වීම් තුලින් ප්‍රබල ජෛව විද්‍යාත්මක අවියක් බවට පත්වී ඇත.

ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු සඟරාවක් කොරෝනා වෛරසයට අදාලව අනාගත ලෝකය පිළිබඳව සංකල්ප පත්‍රයක් (concept paper) ලියන ලෙස මට ආරාධනා කළේය. සෑහෙන දිග සමීක්ෂණයකින්  පසු මම “Future biological warfare threat – In the eyes of a scientist” (අනාගත ජීව විද්‍යාත්මක යුද තර්ජනය – විද්‍යාඥයෙකුගේ ඇසින්) යන මාතෘකාවෙන් ලියන ලද ලිපිය සඟරාව වෙත යොමු කලෙමි.

ඊයේ ඔවුන් මට ලියා එවා තිබුණේ එහි අඩංගු කරුණුවල සමාජ සංවේදීතාවය අධික බැවින් ලිපිය පළකිරීමට ඔවුන් පියවර නොගන්නා බවයි. ඒ පිළිබඳව ඔවුන්ගේ බලවත් කණගාටුවද පළකර තිබුණි.

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.