ගවයින්ටත් VR Headset….?????

December 12, 2019

මේ අපූරු ප්රවෘත්තිය වාර්තා වෙන්නෙ රුසියාවෙන්. රුසියාවෙ විද්යාඥයන් පිරිසක් කිරි ගවයින්ට VR Headset සවි කරලා පරීක්ෂණයක් සිදු කරලා තියෙනවා. VR දර්ශනවලට, හොඳට ඉර පායන පරිසරයක තණකොළ සහිත සශ්රීක තැනිතලාවල දර්ශන තමයි පෙන්නලා තියෙන්නෙ. ඒ, දවසක් දෙකක් නෙවේ. මුළු අවුරුද්දක් පුරාවටයි.

ඒ අනුව කිරි ගවයින් සතුටින් ඉන්නකොට, එයාලට ගොඩක් හොඳ, ගුණාත්මක කිරි නිපදවන්න පුලුවන් කියලත්, ඒකෙ ප්රතිපලයක් විදිහට එයාලගෙ සිතුවිලිවල තියෙන සෘණාත්මක හැගීම් වළක්වන්න පුලුවන් කියලත් හොයාගෙන තියෙනවා.

විශේෂයෙන්ම ගොඩක් රටවල වැහි කාලයට සහ හිම වැටෙන කාලයට පරිසරය වෙනස් වෙනවා. හිමෙන් තණකොළ වැහෙනවා. ඒ වගේම අහස අදුරු හෝ අළු පැහැති වෙනවා. ඉතින් ඒ වගේ කාලවලදී, මේ ක්රමයෙන් ගොඩක් හොඳ ප්රතිපල අරගන්න පුලුවන් කියලා මේ විද්යාඥයන් විශ්වාස කරනවා.

* වැඩි විස්තර සඳහා : https://www.popularmechanics.com/technology/gear/a29994485/cows-virtual-reality/


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.theconversation.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.