ගුවන් යානා විදුලි බුබුළුවල තේරුම දන්නවද?

December 17, 2019

ගුවන් යානාවක වම් පැත්තෙ තටුවෙ තමයි රතු පාට විදුලි බුබුලක් දකින්න පුලුවන්. ගුවන් යානාවෙ දකුණු පැත්තෙ තටුවෙ දකින්න තියෙන්නෙ කොළ පාට විදුලි බුබුලක්. ගුවන් යානාවේ පිටිපස්සෙ වරල කොටසෙ හයි කරලා තියෙනවා සුදු පාට විදුලි බුබුලක්. මේ විදුලි බුබුළු සවි කරලා තියෙන්නෙ, රාත්‍රී කාලයේදී අහසෙ ගමන් කරන අනිත් ගුවන් යානාවලට, ඒ ඒ ගුවන් යානා ගමන් කරන දිශාව ගැන අදහසක් අරගන්න පුලුවන් වෙන නිසයි.

ඒ අනුව රාත්‍රී කාලයේදී ගුවන් යානාවක් පදවන නියමුවෙක්ට ඉදිරියෙන් රතු පාට ආලෝකයක් පේනවා නම්, ඒකෙන් කියවෙන්නෙ තවත් ගුවන් යානාවක් දකුණු පැත්තෙ ඉදලා වම් පැත්තට ගමන් කරනවා කියලයි.

ඉදිරියෙන් කොළ පාට ආලෝකයක් පේනවා නම්, ඒ දර්ශනයෙන් ගුවන් යානාවක් වම් පැත්තෙ ඉදලා දකුණු පැත්තට ගමන් කරනවා කියලා සන්නිවේදනය වෙනවා.

රතු සහ කොළ ආලෝක දෙකක් පේනවා නම්, ඒ කියන්නෙ ඉදිරියෙන් තවත් ගුවන් යානයක් තමන් ඉන්න දිශාවට එනවා කියන පණිවිඩයයි.

රතු, සුදු සහ කොළ ආලෝක තුනක්ම පේනවා නම්, ඒ කියන්නෙ තමන්ට ඉස්සරහින් තවත් ගුවන් යානාවක්, තමන් ගමන් කරන දිශාවටම ගමන් කරනවා කියන පණිවිඩයයි.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.squarespace-cdn.com
* වීඩියෝව : BRIGHT SIDE | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.