ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන අලුත් අමුත්තා

December 21, 2019

ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ ජනගහනය ටික ටික ඉහළ ගියත්, අනාගතයේදී මේ මධ්යස්ථානය 100%ක්ම මිනිසුන්ගෙන් තොර, රොබෝලා විතරක් ඉන්න ස්ථානයක් වෙන්න අඩි තාලම දැන් දැන් සකස් වෙමින් යනවා.

ඒ විදිහටම පහුගිය දවසක ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයට මුදා හැරපු අලුත් අමුත්තෙක් තමයි CIMON-2 කියන්නෙ. මේ අමුත්තාගේ ප්රධාන සහ එකම කාර්යයභාරය වෙන්නෙ මානව ගගනගාමීන්ට තියෙන වැඩ රාජකාරිවලට උදව් කරන එක සහ ඒ හරහා කෙටි කාලයක් තුළ අධික වැඩ ගණනාවක් සිදු කිරීමයි.

මේ රොබෝට පර්යේෂණාත්මක ක්රියා පටිපාටි කියවීමට, වීඩියෝ පටිගත කිරීමට වගේම අභ්යාවකාශ මධ්යස්ථානයේ ඉන්න ගගනගාමීන් එක්ක සරල සංවාදවල යෙදීමටත් පුලුවන්. ඒ විතරක් නෙවේ, මිනිස් හැඟීම් වලට ප්රතිචාර දක්වන්නත් පුලුවන්කම තියෙනවා.

 උදාහරණයක් විදිහට ගගනගාමියෙක් හොද මානසික මට්ටමක ඉන්නවද නැද්ද කියලා මේ රොබෝට අදුරගන්න පුලුවන්. ගගනගාමියා හොද මානසික මට්ටමක ඉන්නවා නම්, ඒ ගගනගාමියා එක්ක සුහදශීලී සංවාදයක යෙදෙන්න රොබෝ කටයුතු කරනවා. අයහපත් මානසික මට්ටමක ඉන්නවා නම් අදාළ ගගනගාමියාට බාධා කරන්න යන්නෙ නෑ.

මේ රොබෝගෙ පෙනුම ගැන කියනවා නම්, රොබෝව නිර්මාණය කරලා තියෙන්නෙ පැතලි පැත්තක් සහිත පාවෙන ගෝලයක් විදිහටයි. පැතලි පැත්තේ පින්තූර හෝ දත්ත ප්රදර්ශනය කරන්න පුලුවන් තිරයක් දැක ගන්න පුලුවන්. මේ තිරය හිස්ව තියෙනවා වෙනුවට, නිර්මාණකරුවො විවේකයෙන් ඉන්න මනුස්සයෙකුගේ මූණක් යොදලා තියෙනවා.

* වැඩි විස්තර සඳහා : https://www.extremetech.com/extreme/303093-new-robot-with-emotional-intelligence-arrives-at-space-station


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.ukspace.org

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.