පිළිකා සෛල විනාශ කරන අලුත් ලේසරය

March 3, 2020

විද්‍යාඥයන් පිරිසක් එකතු වෙලා අපේ රුධිරයේ සංසරණය වෙන පිළිකා සෛල, ඒ වෙලාවෙම හදුනාගෙන විනාශ කරන්න පුලුවන්කම තියෙන ලේසර් කිරණ උපාංගයක් හොයාගෙන තියෙනවා.

පිළිකා රෝගීන්ගේ සම මත මේ ලේසරය තැබුවම, තාප සහ ශබ්ද තරංග භාවිතයෙන් මේ ලේසරය පිළිකා සෛල හදුනා ගැනීමක් කරනවා.

මේ උපකරණය පිළිකා රෝග හදුනා ගන්න අනිත් යන්ත්‍ර වලට වඩා දහස් ගුණයක් සංවේදී නිසා, මේ වෙන කොට පරීක්ෂණය සඳහා යොදා ගත්ත රෝගීන් 28 දෙනෙකුගෙන්, 27 දෙනෙකුගේම පිළිකා සෛල නිවැරදිව හදුනාගෙන තියෙනවා. ඒ වගේම ඒ පිළිකා සෛල වලින් විශාල ප්‍රමාණයක් විනාශ කරන්නත් ඒ උපකරණයට හැකි වෙලා තියෙනවා.

විද්‍යාඥයන් කියන විදිහට මේ ක්‍රමය සමහරවිට “පිළිකා ප්‍රතිකාරයේ අනාගතය” වෙන්නත් පුලුවන්. මොකද පිළිකාවේ මූලිකම අවස්ථාවෙදි වුණත් ශරීරය පුරා පිළිකා සෛල ව්‍යාප්ත වෙන්න කලින්ම මේ ලේසරය හරහා ඒවා විනාශ කරන්න පුලුවන්.

මේ ලේසරය රෝගියාගේ නහරයකට ස්ථානගත කරන්න පුලුවන්. ලේසරය ක්‍රියාත්මක කළාම ඒ තාප ශක්තියෙන් රුධිරයේ සංසරණය වෙන පිළිකා සෛල විනාශ වෙනවා. ලේසර් උපකරණයේ සවි කරලා තියෙන Ultra Sound උපකරණයෙන් ශබ්ද තරංග පටිගත වෙනවා.

ඒ ශබ්ද තරංග පරීක්ෂා කරලා, ඒ අනුව වෛද්‍යවරුන්ට රුධිර ප්රවාහය හරහා ගමන් කරන පිළිකා සෛල වල පිහිටීම අනාවරණය කර ගැනීමක් කරන්න පුලුවන්.

* වැඩි විස්තර සඳහා : https://theheartysoul.com/laser-destroys-cancer-cells-circulating-in-the-blood/


උපුටා ගැනීම් :
* ඡායාරූප : www.futurism.com

Facebook Notice for EU! You need to login to view and post FB Comments!

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.