බැටරියෙන් දුවන පාසල් බස් රථ…?????

December 20, 2019

Electric Vehicles කිව්වම අපි හැමෝටම මතක් වෙන්නෙ කාර් වගේ කුඩා ප්රමාණයේ වාහන. අපිට මධ්යම ප්රමාණයේ හෝ මහා පරිමාණයේ වාහන මතක් වෙනවා අඩුයි.

පාසල් සිසුන්ව ප්රවාහණය කරන බස් රථ, Electric බස් රථ බවට පත් කරන්න සූදානම් වීමේ ප්රවෘත්තියක් ඇමරිකාවේ වර්ජිනියාවෙන් වාර්තා වෙනවා.

මේ ව්යාපෘතියේ පළවෙනි අදියරය 2020 වර්ෂයේ ආරම්භ කෙරෙනවා. ඒ, පාසල් සිසුන් ප්රවාහනය කරන බස් රථ 50කින්. ඒ විතරක් නෙවේ, 2025 වර්ෂය වෙනකොට මේ බස් රථ ප්රමාණය 1000ක් දක්වා වැඩි කරන්නත් නිර්මාණකරුවන් බලාපොරොත්තු වෙනවා.

මේ සෑම බස් රථයකම කිලෝවොට් පැය 220ක ලිතියම් බැටරි ගබඩාවක් තියෙනවා. ඒ අනුව කිලෝ මීටර 216ක් මේ බැටරි බලයෙන් පදවන්න පුලුවන් කියලත්, පැය තුනක් වගේ කෙටි කාලයක් තුළ බැටරිය 100%ක් ආරෝපණය (Charge) වෙනවා කියලත් මාධ්යයට වාර්තා කරලා තියෙනවා.

මේ පාසල් බස් රථයේ පරිසර හිතකාමී බව ගැනත් නිර්මාණකරුවො තක්සේරුවක් කරලා තියෙනවා. ඒ අනුව, මේ පාසල් බස් රථයක් මහා මාර්ගයට දැම්මොත්, සාමාන්ය මෝටර් රථ පහක් මහා මාර්ගයෙන් ඉවත් කරන්න පුලුවන්.

* වැඩි විස්තර සඳහා :
https://arstechnica.com/cars/2019/12/virginia-has-big-plans-for-electric-school-buses-in-2020


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.arstechnica.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.