මොකක්ද මේ Xenotransplantation…?????
වකුගඩු ක්‍රියා විරහිත වෙන ගොඩක් රෝගීන්ට තියෙන එකම පිළිසරණ තමයි වෙනත් නීරෝගී පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම. ඒත් පොඩ්ඩක් හිතන්න. ලෝකයේ වකුගඩු රෝගීන්ගේ ප්‍රතිශතය ඉහළ යන්න යන්න, ඒ හා සමානව ලෝකයේ වකුගඩු පරිත්‍යාගශීලීන්ගේ ප්‍රතිශතය අඩු වෙනවා. මෙහෙම ගිහින් එක දවසක ලෝකයේ වකුගඩු පරිත්‍යාගශීලීන් නැති වුණු දවසක මොකක් වෙයිද?
මේ ප්‍රශ්නයට විසදුමක් හොයන්න ගොඩාක් රටවල විද්‍යාඥයො එකතුවෙලා සහ වෙන් වෙන් වශයෙන්, එක එක පරීක්ෂණ කරනවා. ඒ අතරේ තියෙන බොහොම අරුම පුදුම පරීක්ෂණයක් තමයි Xenotransplantation කියන්නෙ. ඒ වචනයේ තේරුම තමයි එකිනෙකට වෙනස් ජීවීන් වර්ග දෙකක් අතරේ ශරීර කොටස් හුවමාරු කිරීම. කොටින්ම කිව්වොත් නිරෝගීව ඉන්න වෙනත් සත්තුන්ගේ අවයව, පටක සහ සෛල මිනිසුන්ට බද්ධ කිරීම.
විද්‍යාඥයන් කියන විදිහට මෑත කාලීන පරීක්ෂණ වාර්තා අනුව වකුගඩු අකර්මණ්‍ය රෝගීන් සඳහා ඌරන්ගේ වකුගඩු බොහෝ දුරට ගැලපෙන්න පුලුවන් කියලා පෙන්නුම් කරලා තියෙනවා
* වැඩි විස්තර සඳහා : https://utswmed.org/medblog/xenotransplantation-kidney
උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.utswmed.org