ලෝකෙන් උතුම් රට ඉතියෝපියාවයි

April 21, 2020

මට එඩ්වර්ඩ් හමුවුනේ වසර 2013 දී බෙයිජිං නුවර පැවති දේශගුණ විපර්‍යාස සම්බන්ධ වැඩමුළුවකදීය. අඩි හයක් පමණ උස පුළුල් උරහිස් සහිත එඩ්වර්ඩ් ඉතියෝපියානු ජාතිකයෙකි. කෝපි කෝප්පයක් තොලගාමින් අපි දෙදෙනා ඉතියෝපියාව ගැන කතාකරන්න වන්නෙමු.

“ඔබ එතරම් සුන්දර රටක් දැක ඇතැයි මා සිතන්නේ නැහැ.  ඇඩිස් අබාබා නගරය පැරිස් නුවර වාගෙයි. රටේ මොන පැත්තට ගියත් ඔබට ලෝකයේ වෙන කොහෙවත් දකින්න නොලැබෙන ස්වභාවික සෞන්දර්යයන් දකින්න පුළුවන්. ඇත්තටම එය ලෝකයේ ඇති අති පුජනිය වූ දේශයයි” එඩ්වර්ඩ් කියාගෙන යයි. ඉන් නොනැවතී, තම පරිගණකයේ ගූගල් සෙවුම ඔස්සේ ඔහු තම රටේ ඇති සුන්දරත්වය මා ඉදිරියේ දැක්විය.

ඇත්තෙම්ම එය සුන්දර දේශයකි. සුවිසල් ගොඩනැගිලි වලින් හෙබි ප්‍රධාන නගර, ප්‍රෞඩ ඉතිහාසයක නටබුන්, චමත්කාර වර්ණ සංකලනයකින් යුත් දනකිල් ප්‍රදේශය, නිල් නයිල් නදිය අවට සාරවත් ප්‍රදේශ, සිනහමුසු මුහුණින් සිටින පෘෂ්ටිමත් පිරිමින් සහ ඉතා රූමත් කාන්තාවන්.

මට මගේ කුඩා කල මතක් වේ. සිසිර නම ඇති ගැටවරයන් දෙදෙනෙක් අපේ නිවසට යාබදව වාසය කලෝය. ඔවුන්ගෙන් ඉතා කෙසඟ සිරුරකින් හෙබි එක් අයෙකුව අනෙක් යහළුවන් හැඳින්වුයේ ‘ඉතියෝපියා සිසිර’ නමිනි. සැකිල්ල පෑදුන හරකෙකු දුටුවත් “මූ ආවේ ඉතියෝපියවෙන්ද” කියා අසන පුරුද්දක් එවකට තිබුණි.

මා ලංකාවේ මිනිසුන් තුල පවතින මේ අදහස ගැන එඩ්වර්ඩ්ට පැවසූ විට ඔහු කියා සිටියේ 80 දශකයේ ඉතියෝපියාවේ එක් ප්‍රදේශයකට බල පෑ දීර්ඝ කාලීන ඉඩෝරය නිසා ඇතිවූ තත්වයක් බටහිර මාධ්‍ය මගින් අතිශයෝක්තියෙන් හුවා දැක්වීම මෙම සංකල්පයට හේතු වූ බවයි.  පසුව මා කල හැදෑරීම්වලින්ද පැහැදිලිවුයේ මුල සිටම බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිවූ ඉතිහාසයක් ඇති ඉතියෝපියාව මාධ්‍ය මාෆියාවේ දරුණු පහර දීම්වලට දිගටම මුහුණදී ඇති බවයි.

ජිවිත කාලය තුල මට මුණ ගැසුණු සිය ගණනක් විදේශිකයන් තම රටවල් පිළිබඳව දැක්වුයේ එකම අදහසකි. ඒ තම රට ලෝකයේ ඇති උතුම්ම දේශය බවයි. මෙය ශ්‍රී ලංකාවටද පොදුය. අපේ පාසල් වලද දරුවන්ට කුඩා කාලයේ සිටම දේශාභිමානය වර්ධනය වන ආකාරයෙන්, ඉතිහාස කථා, ආදර්ශ පාඨ, ඔවදන් ඉගැන්වීම පුරුද්දක් ලෙස කෙරෙයි. මෙය ඉතා හොඳ ක්‍රියාවකි. එමගින් දරුවා තුල තම රට පිළිබඳව ආදරයක් සහ ගෞරවයක් මෙන්ම තමා තුලද ආත්ම ශක්තියක් ඇති කරවයි. එහෙත් අවාසනාවට අප රටේ සිදුවන්නේ ඉන් පියවර ගණනාවක් ඔබ්බට ජනතාව ගෙන ගොස් ඔවුන්ව ‘ජාති ආල’ ෆැන්ටසියක අතරමන් කර දැමීමයි.

බොහෝ විට අප විසින්ම අපගේ ජනතාව හුරු කරවා ඇත්තේ මිම්මක් නොමැති සිහින සංකල්ප තුල සිරවී සිටින අතර, එම සිහින විනාශ කිරීමට ලෝකයේ සිටින අනෙකුත් සියලු දෙනාම උත්සහ දරණ බව සිතමින් වෛරයෙන් ජිවත් වීමටයි.

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.