පුනර්ජනනීය බලශක්තීන් වර්ග

බලශක්ති අරබුදයකට ලක් වී සිටින ශ්‍රී ලංකීක අපට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සොයා ගැනීම ඉතා වැදගත්. ඒ මොකද කියලා කිව්වොත් අපේ රට තුළ වාර්ෂිකව විශාල පිරිවැයක් මේ බලශක්ති සදහා වෙන් කරන්න වෙන නිසා. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා රටවැසියන් බොහා්ම දුක්බර ජිවිතයක් ගත කරන බව ඔබත් මමත් අත්දැකිමෙන්ම දන්නවා. ඒ නිසා අපි විකල්ප ක්‍රම භාවිතා කිරීමට එළඹිම බොහො දුරට සාර්ථකයි කියලා මං විශ්වාස කරනවා.

මේ සතියේ මගේ ඇස යොමු වන්නේ අපිට පුනර්ජනනීයව භාවිතා කළ හැකි බලශක්කි උත්පාදනයන් ගැනයි. ඉහත මාතෘකාව දුටු සැනින් ඔබටත් ගැටළුවක් වෙන්න ඇති මේ කතා කරන දේවල්හි ඵලයක් තියෙනවාද කියලා. අපිට මේ මාතෘකාව ගැන පුළුල්ව කතා කරන්න ඕන.

@elearninglk

අපි හැමෝටම නොමිලේම ලැබෙන ශක්තියක් තමයි සුර්ය ශක්තිය. අද වන විට සුර්ය ශක්තිය භාවිතා කරමින් අපේ රට තුළ විශාල පිරිසක් විදුලිය ලබාගන්නවා. ලොව සියලුම දෙනා විසින් එක වර්ෂයක් තුළ භාවිතා කරනු ලබන සියලු බලශක්තියට වඩා වැඩි බල ශක්ති ප්‍රමානයක් එක් පැයක් තුළ සූර්යයාගෙන් පෘථිවිය වෙත පතිත වෙයි.

එය නිවාස සහ ව්‍යාපාරයන් වෙත අවශ්‍ය උෂ්ණත්වය, සිසිලස සහ ආලෝකය සැපයීම සඳහා භාවිතා කළ හැකි ප්‍රබල බලශක්ති මුලාශ්‍රයකි. සූර්යාලෝකය ගොඩනැගිලි සඳහා භාවිතා කළ හැකි බලශක්තිය බවට පරිවර්තනය කරනු ලබන විවිධ වූ තාක්ෂණයන් පවතී. වඩාත්ම බහුලවම භාවිතා වන සූර්ය බලශක්ති තාක්ෂණයන් වනුයේ සූර්ය බලශක්තියෙන් ජලය උණු කිරීම සහ විදුලි උත්පාදනය සඳහා සුර්ය ප්‍රකාශ වෝල්ටීයතාවය (solar photovoltaic) භාවිතා කිරීමයි.

සුර්යය කෝෂ හරහා අපිට සුර්යය ශක්තිය අපිට විද්‍යුත් ශක්තිය බවට පරිවර්ථනය කළ හැක. සුර්ය පැනල නිෂ්පාදන වියදම පසුගිය දශකයන්වල දී සැලකිය යුතු මට්ටමකින් අඩු වූ නිසා එය දැරිය හැකි මිලකට විදුලිබලය ලබාගැනීමේ විසඳුමක් ලෙස පවතිනවා. සූර්ය පැනල සඳහා වන ආයු කාලය දළ වශයෙන් අවුරුදු 25ක් පමණ වන අතර නිෂ්පාදනය කිරීමට භාවිත කරන අමු ද්‍රව්‍යය මත ආයු කාලය වෙනස් වීමට හැකිය.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් 2010 වසරේ සිට ශුද්ධ මිණිත සූර්යය පියැසි කර්මාන්තය හා 2016 සැප්තැම්බර් මස 6 වන දින ‘සූර්යය බල සංග්‍රාමය’ නමින් වැඩි දියුණු කළ සූර්යය පියැසි වැඩසටහනක් ද ආරම්භ කර පවත්වා ගෙන යාම මේ මොහොතේ විදුලි අරබුදයට යම් සේ හෝ පිහිටක් වී තියෙනවා.

ඊළගට අපිට කතා කරන්න යන්නේ සුළං බලය ගැනයි. තවත් ජනප්‍රිය පුනර්ජනනීය බලශක්ති වර්ගයක් වනුයේ සුළං බලශක්තියයි. සුළං ටර්බයින කරකැවීම සඳහා සහ බලශක්තිය උත්පාදනය කිරීම සඳහා වායු ප්‍රවාහයන් භාවිතා කළ හැකිය. වෙරළ ප්‍රදේශ සහ ඉහළ උන්නතාංශයක් සහිත ස්ථාන වැනි සුළං ප්‍රබලව සහ අඛණ්ඩවය පවතින ප්‍රදේශයන් සුළං බලාගාර පිහිටුවීම සඳහා වඩාත් යෝග්‍ය ස්ථානයන් වේ.

සුළං බලශක්තිය සුළු ඉඩ ප්‍රමාණයක් වුවද ගබඩා කළ හැකි පරිසර දුෂණයක් නොමැති සුළං බලශක්තිය යනු සූර්ය බලශක්තියෙන් පසු පිරිසිදුම බලශක්ති ප්‍රභවයකි. එයට හේතුව එය උත්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී දහනය කිරීමේ ක්‍රියාවලියක් නොවීමයි. එබැවින් එය විෂ වායූන් හෝ waste න අපද්රව්ය නිපදවන්නේ නැත. සුළං ටර්බයිනයක බලශක්ති ධාරිතාව තෙල් කිලෝග්‍රෑම් 1.000 ක බලශක්ති ධාරිතාවට සමාන වේ.

ඊළග තුරුම්පුව වන්නේ භු තාප ශක්තියයි. භූ තාප බලශක්තිය යනු පෘථිවිය තුල උත්පාදනය වි ඒ තුළ ගැබ් වී පවත්නා තාප බලශක්තියයි. පෘථිවිය ගැඹුරෙහි පවත්නා වාෂ්ප හෝ උණු දිය ජලාශ මගින් එහි උෂ්ණත්වය ලබා ගත හැකි අතර විදීම මගින් ඒ වෙත ප්‍රවේශ විය හැකිය. එයද ගොඩනැගිලි ඇතුලත උණුසුම් කිරීමේ සහ සිසිල් කිරීමේ ක්‍රියාවලීන් සඳහා වන කාර්යක්ෂම පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයක් වේ.

භූ තාප උෂ්ණත්ව පොම්පයක් සහ උෂ්ණත්ව හුවමාරු ක්‍රමයක් හරහා තාප උෂ්ණත්ව බල ශක්තිය පෘථිවිය වෙතටත් (සිසිල්කරණ කටයුතු සඳහා) පෘථිවියෙන් බැහැරටත් (උණුසුම්කරණ කටයුතු සඳහා) හුවමාරු කිරීම වෙනස් වන සෘතුමය පදනමක් අනුව සිදුවේ. භු තාප ශක්තිය වෙනම මාතෘකාවක් යටතේ කතා කරන්නට තරම් විශාල පරාසයක පැතිරුණු කාරණාවක්.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ජෛව ඉන්ධන කියන්නෙත් පුනර්ජනනිය බලශක්ති ප්‍රභවයක්. ප්‍රවාහනයෙන් පටන් ගෙන, එය විශාල ඉන්ධන ප්‍රමාණයක් පරිභෝජනය කරන හා එම නිසා වායුගෝලය දූෂණය කරන සමාජයේ අංශයක් බව අප සඳහන් කළ යුතුය. අධික පරිසරය දුෂණය, තෙල් මිල ඉහළ යාම හා තෙල් ක්ෂය විම ආදී කරුණු සදහා විකල්ප යෝජනාවක් ලෙස ජෛව ඉන්ධන නිෂ්පාදනය සිදු කරනවා.

මේවා ජෛව විද්‍යාත්මක ශාක හෝ සත්ව අමුද්‍රව්‍ය වලින් නිපදවන දියර හෝ වායුමය ඉන්ධන වේ. එය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන අතර එය ඉවර නොවන අතර ප්‍රවාහනයේ ඉල්ලුම සපුරාලිය හැකිය. මෙම ජෛව ඉන්ධන භාවිතයට ස්තූතිවන්ත වන අතර මෙමගින් ජුනර්ජනනීය නොවන ඉන්ධන මත යැපීම අඩු කළ හැකි අතර එහි වාසියක් ලෙස පරිසර හානියද අවම කර ගත හැක. දැනට අපි සොයා ගෙන ඇති වැදගත්ම ජෛව ඉන්ධන වන්නේ ජෛව ඩීසල් හා ජෛව එතනොල් වේ.


Click on the Image

අපි ඊළගට කතා කරන්නේ ජෛව ස්කන්ධ ශක්තිය පිළිබදවයි. ජෛව විද්‍යාත්මක ක්‍රියාවලින් තුළින් ජනනය වන කාබනික ද්‍රව්‍ය බල ශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කළ හැක.

උදාහරණයක් ලෙස කෘෂිකාර්මික හා වන අපද්‍රව්‍ය, අපද්‍රව්‍ය, අපද්‍රව්‍ය රොන් මඩ සහ නාගරික අපද්‍රව්‍යවල කාබනික කොටස් අපට හමු වේ. ජෛව ස්කන්ධ ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමට විවිධ ක්‍රියාදාමයන් ඇත. තාපය හා විදුලිය උපයෝගී කර ගෙන දහනය, නිර්වායු ජීර්ණය, ගෑස්කරණය සහ පිරොලයිසිස් සිදු කළ හැක.

සමුද්‍ර ශක්තියද මේ ආකාරයෙම පුනර්ජනනිය ශක්ති ප්‍රභවයක්. සමුද්‍ර ශක්තියේ වර්ග කිහිපයක් තියෙනවා (තරංග ශක්තිය, උදම් ශක්තිය, සාගර ධාරා ආදීය).

උදම් ශක්තිය වසර ගණනාවක් තිස්සේ සැලකිය යුතු ආකාරයකින් භාවිතා කර නැත.

උදම් ශක්තිය ඇති වන්නේ සූර්යයාගේ හා චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ ක්‍රියාව මගින් ඇතිවන මුහුදු ජලයේ නැගිම හා වැටීම තුළිනි. මෙම ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් විදුලිය නිෂ්පාදනය කරයි.

මෙම ව්‍යාපෘති සදහා විශාල වියදමක් දැරිමට සිදු වන නිසා දැනට විද්‍යාඥයන් මෙම ව්‍යාපෘතියේ විමර්ශන කටයුතු නවතා ඇත.

මේ ආකාරයේ විවිධ පුනර්ජනනිය බලශක්තින් කෙරෙහි නැඹුරුවීම අපේ රට මේ මොහොතේ දී කළ යුතු කාලින ක්‍රියාවක් ලෙස මම දකිනවා. පුනර්ජනනිය බලශක්තිය කියන්නේ මේ මොහොතේ අපිට තියෙන විකල්ප විසදුමයි.

ඔබට ජය !

මූලාශ්‍ර
01. http://www.energy.gov.lk/index.php/si/renewable-energy/technologies/solar-energy
02. https://www.renovablesverdes.com/si/la-energia-marina-tambien-genera-energias-renovables/

ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඩිප්ලොමාවක් හදාරා ඇති ෂර්මිලා බොවිතන්ත්‍රි, එම අංශයෙන්ම වැඩි දුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශයට සහ පාරිභෝගික සේවා අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි. ෂර්මිලා ඇයගේ ධනාත්මක චින්තන ලිපි තුළින් වැටුනු හදවත්වලට හුස්මක් දී නැවත ජවයෙන් නැගීසිටින්නට ඔවුන්ගේ හදවත්වලට කතා කරන්න සූදානම්... ඒ වගේම ඉතා සරලව ලාංකීය සහ ලෝක ඉතිහාසය ඇයගේම තෙලි තුඩෙන් වර්ණ ගන්වන්නත් සූදානම්....