අසංවේදී චරිත (අම්මා) – 01 කොටස

“මම හාමුදුරුවනේ සාමාන්‍ය පවුලක දෙවෙනි දරුවා. මට ඉන්නේ එක අයියා කෙනෙක් විතරයි. එයා මට වඩා අවුරුදු 9ක් වැඩිමල්. මට අවුරුදු 15දී එයා බැන්දා. බැදලා රට ගියා. අයියා බිස්නස් වැඩ වගයකට. මාස දෙකකට වගේ මට මතක.“?

“අයියා ගියාම, අක්කත් එයාලගේ අම්මලගේ ගෙදර ගිහින් නැවතුනා. අයියා ගිහින් දවස් ගානක් යද්දි, දවසක උදේ වරුවක අපේ ගෙදරට ආවා පොඩි දුවලා දෙන්නෙකුයි ඇන්ටි කෙනෙකුයි. අනේ ඇවිත් හොදටම ඇඩුවා. ඒ ඇන්ටිගේ මහත්තයා නැවක engineer කෙනෙක්ලු. එයා එක්ක මගේ අයියගේ නෝනා පවුල් කනවලු. මෙයාලව ගෙදරින් එලියට දාලා. මේ ඇන්ටිට ලොකු පුතෙකුත් ඉන්නවලු. එයාගේ වයස එතකොට 17ක්.“

@elearninglk

“ගොඩාක් සල්ලිකාර පවුලක්. ඒත් දැන් යන්න එන්න තැනක් නෑ. අර මනුස්සයයි මගේ නෑනයි, එකතු වෙල ගහලා එලියට දාලා. ඉතින් දවස් දෙක තුනක් මෙයාලා අපේ ගෙදර නැවතුනා. අදින්න ඇදුමක්වත් තිබුනෙ නෑ පොඩි අයට.“?

“අපේ අම්මා ඒ කාලේ ගෙදරම කාමරේක ඇදුම් විකිනුවා. මම ඒ ඇදුම් හොරකම් කරලා නන්ගිලාට අන්දනවා, wash දාන්නේ මම එයාලව, බෝනික්කෝ වගේ පවුඩර් දාලා ලස්සනට තියනවා. අම්මට හොරෙන් ගන්නේ අපේ අම්මා හරිම තන්හාවයි හාමුදුරුවනේ. එලියට අනේ කමක් නෑ කියලා, මට හොදට ගහනවා.“?

“ කොහොම හරි මට හරිම දුකයි මෙයාලා ගැන. දවසක් අර ඇන්ටි එයාගේ නඩුවට යන්න පරක්කු වෙලා කන්නෙත් නැතුව බස් එකට දිව්වා. අනේ මං පාරේ බස් එක එනකල් කියලා, උදේ කෑම එක පවා කැව්වා. කොහොමින් කොහොම හරි, අපේ අයියා ලංකාවට ඇවිත් අර අක්කාව divorce කලා. ඒ අක්කයි අර අන්කලුයි බැන්දා. ඇන්ටි කොහොම හරි සාක්ශි පෙන්නලා ගෙදර ලමයින්ට ලියා ගත්තා. ඔය අතරේ ඒ ඇන්ටිගේ පුතාව මට මුන ගැහුනේ.“❤️

“අනේ ඉතින් මගේ පලවෙනි ආදරේ පටන් ගත්තා ඒ විදියට. ඇන්ටි මට හරිම ආදරෙයි. හේතුව මම එයාලට ආදරේ කලේ එයාගේ පුතෙක් ඉන්නවා කියලවත් දන්නේ නැතුව. ඇන්ටි මට කිව්වේ angel කියල. මං ගැන හැමෝටම කිව්වෙත් එහෙමයි.

“ඒ කතාව ඔහොමම තියෙද්දි මම හාමුදුරුවන්ට මගේ පවුල ගැන කියන්නම්. මගේ අම්මා ධර්මෙට ගොඩාක්ම ලැදි කෙනෙක්. එයාගේ නෑයෝ එක්ක හැමදාම ධර්ම දේශනා අහන්න යනවා, සිල් ගන්නවා එලියට පේන හැමදේම කරනවා.“?



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“ඔය අස්සෙන් මගේ අම්මා ඇත්තටම කවුද දන්නවද හාමුදුරුවනේ.? පොලියට සල්ලි දෙනවා. ප්‍රසිද්ධව නෙවෙයි දන්නම කීප දෙනෙක්ට. මම අහද්දි ඔය කරන්නේ අම්මා පවක් කියලා එතකොට එයාම ඒක නිවැරදි කර ගන්නවා. එයා ඒ ගන්නේ බැංකුවෙන් දෙන පොලිය වගේ එකක්ලු. තව අම්මගේ ආසම කෑම ඌරු මස්. හැමදාම මහන්සි වෙලා එන තාත්තගේ ඇගට කඩන් පනිනවා සැක කරලා. රුපියලටත් තිතට ගනන් ඔනේ එයාට. තව අම්මා ආසයි අනිත් අයට පේන්න රත්තරං පෙරවන් ඉන්න.කොටින්ම අපේ අම්මා මොන තර්කේ කලත් කට වහන්න පුලුවන් ජගතෙක් ඉන්නවනම් ඒ සල්ලි විතරයි.“?

“ අම්මා හැමවෙලේම කියන්නේ සීයගේ ලොකුකම්. අම්මත් යමක් කමක් තියන පවුලක කෙනෙක්. මගේ තාත්තා එයාගෙම දාඩිය මහන්සියෙන් දියුනු උන කෙනෙක්. මගේ තාත්තා හාමුදුරුවනේ, පොලවේ පය ගහලා ඉන්න ඇත්තට හරිම කැමති කෙලින් මිනිහෙක්. අම්මා තාත්තා එක්ක ගෙදර හොරෙන් ඇවිත් තිබ්බේ. ඉතින් සීයා අම්මට මුකුත්ම දීලා නෑ. අද වෙනකල් දුන්න සැප දුන්නේ මගේ තාත්තා. හැබැයි අද වෙනකල් ‘මේ මිනිහා ගගා තාත්තට බනිනවා‘ ඇරෙන්න කරපු හොදක් ගැන අම්මගේ කටින් කිය වෙලාම නෑ.“?

“ඒකටම හරි යන්න මගේ අයියා. සල්ලි මත්තෙමයි. හැබැයි ඔක්කොම ලේසි සල්ලි. එක්කො හොර Visa ගහලා, එක්කෝ හොර් credit card ගහලා ඒ වගේ කරලා, ලොකු සල්ලි අම්මට දෙනවා ගෙනත්. අම්මා දැන දැන වචනයක් නොකියා අනේ බුදු සරනයි මගේ පුතාට කියලා ඔලුව අතගාලා සල්ලි ගන්නවා. හැබැයි ඒ සල්ලි අම්මගෙන්ම පහුවදාම අයියා ගන්නවා.අම්මට වඩා අයියා කපටියි. තාත්තා මේ මොනාටත් නෑ. අයියා මේ දේවල් කරනවා තාත්තා දන්නෙත් නෑ මොකද තාත්තා හිටියේ රට රස්සාවට ගිහින්.“?

“ඔන්න ආයෙම කතාවට –
අර මම මගේ ආදරේ කිව්වට හාමුදුරුවනේ ඒ අයියා එක්ක හිනා වෙලා කතා කරනවා ඇරෙන්න දෙයක් නෑ ඉතින් ඒ කාලේ. හරිම සුන්දර විදියට මාසයක් දෙකක් ආදරෙ කලා. මම ඉස්කෝලේ යද්දී ඒ අයියා උදේට බස් එක ලගට එන්නේ පයින් ඇවිදන් ගල්කිස්සේ ඉදලා. දවල්ටත් එහෙමයි. මොකද ඒ වෙනකොටත් එයාලගේ තාත්තා එයාලව එලියට දාලා අම්මා නඩුව යන ගමන්.“


Click on the Image

“ඔය අතරේ මගේ අයියා යාලුවෙක් එක්කන් ගෙදර ආවා. හොද පවුලක කෙනෙක්. මගේ අයියටත් වඩා අවුරුදු 3ක් වැඩිමල්. වැදගත් අම්මා තාත්තා කෙනෙක්ගේ පුතෙක්. මේ මනුස්සයා ඇවිත් නතර උනේ අපේ ගෙදර. ඒ ඇවිත් අපේ ගෙදර සාලෙම එයාගේ වියදමින් ටයිල් කලා. ගෙදරට bathroom එකක් හදලා දුන්නා. ලොකූ තාප්පයක් ගේ වටේටම ගහලා දුන්නා. ඉතින් අපේ අම්මටත් දැන් මීට වඩා කෙනෙක් නෑ. මෙන්න කියනවා මේ මනුස්සයව මට බදින්නලු. මම බෑ මයි කිව්වා. ලොකුම හේතුව එයා මට වඩා සෑහෙන්නම කොටයි. වයස පාටයි. ඔක්කොටම වඩා මගේ ආදරේ….“ ?

“අනේ මම හරිම අහින්සක දුවෙක් ඒ කාලේ. කොහොම හරි දවස් හත අටක් ඇතුලත තාත්තගෙත් ඔලුව විනාස කරලා මාව බන්දලා දුන්නා හාමුදුරුවනේ. දැන් මම හොදටම දන්නවා මේක කලේ සල්ලි වලට කියලා. අම්මයි අයියයි දෙන්නම. ඉතින් බැදලා මම a/l කලෙත්. Results එන්න කලින් මාවත් එක්කන් අර මනුස්සයා Australia ගියා.. ආ මට කියන්න අමතක උනා. මෙයා තමයි අපේ අයියගේ හොර බිස්නස් වල මහ මොලකරු. සල්ලි හෙව්වේ එයා එහෙම.“ ?


Click on the Image

“කොහොමහරි ඔය අතරේ මම දැනගන්නවා අපිත් ඉන්නේ Visa නැතුව මෙහෙ කියලා. ඉතින් මම වැඩට යනවා cleaning jobs කරන්න. එතකොට මට බබෙකුත් හම්බෙන්න. තාමත් මම හරිම අහින්සක කෙනෙක්. බැදලා අවුරුද්දක් යද්දි මට ලස්සන දුවෙක් ලැබෙනවා.“❤️

“ දුව ලැබෙන්න මම ඉස්පිරිතාලෙට ගියෙත් cleaning කර කර ඉද්දි. මගේ කොන්ද රිදෙනවා කියලා මම කෑගහද්දි මොන කරුමයක්ද මේ කියලා බැදලා හිටපු කෙනා කෑ ගැහුවා. එදා මට ගොඩක් රිදුනා හාමුදුරුවනේ. එයාගේ දරුවා බඩේ දරාගෙන මම කෑගහද්දි මට ලැබුන ඒ වචන වලින් මම කලකිරුනා. දුව ලැබිලා මුලු රෑම දුව තුරුල් කරන් මම අඩ අඩ කල්පනා කලා. දුවගේ මූන දිහා බලන් අත් දෙක හයියෙන් අල්ලන් මම එදා මටම පොරොන්දුවක් දුන්නා. මට ඒ හැගීම මේ මොහොතෙත් එහෙම්ම දැනෙනවා හාමුදුරුවනේ. දරුවගේ අත මම කවදාවත් අත අරින්නේ නෑ , ‘කරුමයක්‘ කියලා කිව්ව දරුවට මේ තාත්තා ඕන නෑ කියලා ‘අහිංසක මෝඩ‘ මාව එදා මම ඒ ඉස්පිරිතාලෙම මරලා දාලා ගෙදර ආවේ.“ ?

දවස් ගානකින් මම එයා එක්ක කතා කරලා දවස් ගානක් වයස මගේ දරුවා එක්ක කවුරුත්ම නැති රටේ තට්ට තනියම ජීවිතේ පටන් ගත්තා. දරුවට අවුරුද්දක් යනකල් මම මගේ මේ අත්දෙකින් ටොයිලට් හෝදලා දරුවට කන්න බොන්න දුන්නා. අම්මලා මට කතා කර කර බනිනවා. ලැජජයි ලු මිනිස්සුන්ට මූන දෙන්න බෑලු. ඒත් මම එකක්වත් ඔලුවට ගත්තේ නෑ.“?

“ඔය අතරේ මං ලංකාවට ආවා. ඇවිත් නතර උනේ අම්මලගේ ගෙදර. ආයෙත් මාව අම්මලා පාලනය කරන්න ගත්තා. බලෙන්ම අර මනුස්සයාට මාව ආයෙම දෙන්න හැදුවා. ඔන්න මම නපුරු උන පලවෙනිම තැන හාමුදුරුවනේ. එච්චර කල් පපුවේ හිර කරන් හිටපු දුකෙන්ම ආවේගයෙන් කතා කලා හැමෝටම. ඒත් මගේ අම්මා ඒ එක දේකටවත් සැලෙන කෙනෙක් නෙවෙයි. හැමදාම මගේ සැනසීම නැති කලා. කියන්නම ඕන හාමුදුරුවනේ.“

“ ලංකාවට ආවට පස්සේ මාසෙන් මම රස්සාවකට ගියා. ගෙදරට සල්ලි දුන්නා, දුවව බලා ගත්තා. මං කාටවත් බරක් උන්නේ නෑ. ඒත් අම්මා එක්ක ඉන්නම බැරි උනා. ඉතින් හැමදාම අම්මට බැනලා මම පව් පුරව ගත්තා. මම වැඩ කලේ Australian embassy එකේ. මට promotion එකක් හම්බුනා Dubai වලට. හිත හදා ගත්තා මං යනවා කියලා. දවස් දෙකයි මගේ flight එකට තිබ්බේ.“☺️

“ඔය අතරේ මගේ අයියා මගේ දූගේ තාත්තා එක්ක Singapore ගියා. බිස්නස් වලට යනවා කියලා කීවේ. මේ වෙනකොට අයියා දෙවෙනි කසාදේ කරලා අවුරුදු 3ක පුතෙක් හිටියා, තව දුවෙක් හම්බෙන්න හිටියා. හරියටම මගේ flight එකට දවසකට කලින් නෑනට බබා ලැබුනා. අපි ඉස්පිරිතාලෙ ඉද්දි ආරන්චි උනා අයියලව පොලිස්සියෙන් අල්ලලා කියලා. කෝටි ගානක credit card වංචාවක් කරලා. හැමෝවම අල්ලලා හිරේ දාලා පහුවදා නඩුලු. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැති නිසා පලවෙනි නඩු වාරෙදිම තීන්දුව දෙනවලු. එහෙ ගොඩාක් දරුනුයිනේ හාමුදුරුවනේ. තීන්දුව වෙන්නේ අවුරුදු 15ක් හිරේ ලු.“?

“මගේ අයියා මගේ ජීවිතේ එක හාමුදුරුවනේ. මට රස්සාවට වඩා අයියා වටිනවා කියලා එදා රෑම හැමදේම අත ඇරලා අයියා වෙනුවෙන් මං යනවා Singaporeට. අවුරුද්දක් පුරා මාසෙන් මාසෙ මම එහේ ගිහින් නඩු කතා කරනවා. අන්තිමට තීන්දුව දුන්නා. අවුරුදු 4 ක සිර දඩුවම්. දුවගේ තාත්තත් මේ ගොඩේ. එයාගේ girlfriend එක්ක ගිහින් මේ ගමනට. එයත් එක්කම තමයි අහු වෙලා තිබ්බේ. කොහොම හරි අවුරුදු 4 කින් මෙයාලා ආවා. මම මෙහේ රස්සාවක් කරන් ගෙදර හිටියේ. අම්මා එක්ක ඉන්න අමාරුම උනත් කරන්න දෙයක් නැති උනා දූ හින්දා.“?



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“ තව දෙයක්, මම Australia ඉදලා ලංකාවට ආවට පස්සේ ඉදලම අර මම යාලු වෙලා හිටපු කෙනා එක්ක යාලු වෙනවා තරහා වෙනවා, තරහ උනත් අපි යාලුවෝ වගේ කොහේ දැක්කත් හිනා වෙලා කතා කරනවා. අපි අපේ පාරවල් වල ගියා. එයත් මාත් ආදරේ කලා වෙන වෙන අයට. හැබැයි ආයේ ආයේ අපි යාලු උනා. කොහොමින් කොහොම හරි ගොඩක් serious සම්බන්දයක් අපි දෙන්න අතරේ ඇති උනා 2010 දී. අපි එකට පවා ජීවත් උනා වෙනමම. බදින්නම ඉද්දි එයාගේ නංගිගේ කසාදේ තීන්දු වෙල මට ආදරෙන් හිටපු එයාගේ අම්මාට මාව පේන්න බැරි උනා. ඒකත් සාධාරණයි අපේ හාමුදුරුවනේ. මොකද ඒ අම්මා අදරෙන් හිටපු පොඩි කෙල්ල නෙවෙයි එතකොට මං. මිනිහා නැතුව දරුවෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් එයාගේ එකම පුතාට මාව ලොකු මදිකමක්. මට ආදරෙන් හිටියට අම්මා කියලා නංගිගේ කසාදෙ කැඩෙයි කියලා මං හින්දා. ඉතින් එයයි මායි වෙන් උනා. එයා බැන්දා.“❤️

“2012 දි මගේ අයියලා ආයේ ආවා. ඔන්න මං ඉවරයි. අම්මයි අයියයි දෙන්නම එකතු වෙලා මාව බරක් කරන්. සල්ලිකාරයොම හොයනවා දෙන්න. මම එදා බැස්සා ගෙදරින් එලියට. තනියම ජීවත් උනා දුව හිටියේ අම්මා එක්ක. මම දුව බලලා එන්න යනවා. ඒත් ඉන්න බෑ. දුවව ඒ ඉක්මනට ගන්නත් බෑ මං ලගට. මොකද මට වැනෙන ජීවිතයක් තිබ්බේ. දුව යන්නේ international school එකකට. දූව මම ඉස්කෝලේ දැම්මේ ගෙව්වේ ඔක්කොම මගේ සල්ලිවලින්. කාටවත් දුවව බරක් වෙන්න තිබ්බේ නෑ.“

“අයියා ලංකාවට ආව ගමන් එයාගේ දෙවෙනි wife වත් divorce කලා.“?

“2012 අර මම ආදරේ කරපු කෙනෙත් Divorce වෙනවා. එයාගේ wife වෙන කෙනෙක් එක්ක යාලු වෙලා අතටම අහු වෙලා divorce කරලා. අපි ආයෙම කතා බහ කලා. 2013 මැද හරියේ අපි එකට ජීවත් උනා. එයා ගොඩාක් පසුතැවිලි උනා මට කරපු දේවල් ගැන. පොරොන්දු උනා මලක් වගේ බලාගන්නවා බදිමු කියලා.“?

“මම කැමති උනේ නෑ. මම කිව්වෙම අපි මෙහෙම ජීවත් වෙමු මට ආයේ අඩන්න නම් කොහෙත්ම බෑ කියලා. හැමදාම එයා කියනවා මම බෑ කියනවා. තව දෙයක් අපේ හාමුදුරුවනේ මම පුන්චිම බොරුවක් වත් කියන්න ආස නෑ. ඒක මගේ ප්‍රතිපත්තියක්. අහන් ඉන්න කෙනා මොනවා හිතුවත් මම කියන්නේ ඇත්ත විතරමයි. ඉතින් තව ඇත්තක් මම කියන්නද අපේ හාමුදුරුන්ට.“?

“ මේ කාලේ මම හොදට සිගරට් විස්කි බොනවා. මම හාමුදුරුවනේ ආසයි මොන ප්‍රශ්නයක් තිබ්බත් හිනා වෙලාඉන්න. මට හයියෙන් හිනා වෙලා ඉන්න ඕනේ කෙනෙක්. ඉතින් අර දෙකට විතරයි පුලුවන් උනේ ඒ තත්ත්වෙන් මාව තියන්න. අපේ හාමුදුරුවෝ හිතයි මේකි මොකෙද්ද කියලා. ඒත් හාමුදුරුවනේ මෙතන කියලා නැතිගොඩක් දුක මගේ ජීවිතේ තිබ්බා. “?

“එල්ලිලා මැරෙන්න එල්ලි එල්ලි ඉද්දි අම්මයි තාත්තයි අයියයි ලනුව කපලා බිමට ගත්ත ගෑනියෙක් මං. අදටත් උනක් හැදුනත් මගේ doctor කියලා තියෙන්නේ පෙනඩෝල් පෙත්තක්වත් වැරදිලාවත් බොන්න එපා මගේ වකුගඩු දෙකම ශුවර් නෑ කියලා. මං ඒ තරමට පෙනඩෝල් බිව්වා මැරෙන්න. එහෙම ගෑනියෙක් මං“?

“මේ අතරේ දවසක් මගේ ගෙදරට දූව එක්කන් ආවා නිවාඩු දවසක. එදා ගෙදර pool එකේ දූ නනා ඉන්න කොට අර අයියාත් ඉන්නවා දැන් බලාගෙන හිනා වෙවී, දූ එක පාරටම අපිට කතා කලා pool එකට එන්නකෝ කියලා. අපි බෑම කියද්දි කෙල්ල එක පාරටම කිව්වා “අනේ මගේ හොද අම්මියි තාත්තියිනේ, එන්නකෝ කියලා“❤️

එවෙලේ මගේ ඇස් වලින් කදුලු ආවා.පපුවට මොකද්ද උනා. දුව පලවෙනි වතාවට තාත්තා කියන නම කිව්වේ.එතකොටත් දූට අවුරුදු 6ක් ඉවරයි. දූ ගොඩක් ආදරේ කලා අර අයියට. මම සමාව ඉල්ලුවා එයාගෙන් දූ, තාත්තා කියලා එයා අපහසුතාවෙකට පත් උනාට. එයා එදා කිව්වා දුව තාත්තා කියපු දෙන් අපි බදිමු මට වෙන ලමයි ඕනෙත් නෑ කියලා. අනේ මං මොනවා කියන්නද. මම එදා රැම හිතුවා. තීරණේ කලා බදින්න. ගියා register ලගට. බැන්දා අපි දෙන්නා. එදා ඉදලා මගේ අයියා මගේ ලොකුම හතුරා උනා. අපි බිස්නස් කරලා හොදින් ඉද්දි මගේ මහත්තයට කුඩු කාරයෙක් කියලා හැමතැනම කිව්වා අයියලා.“

“මට මුලින් කියන්න අමතක උනා, මගේ මහත්තයා ඉන්ජිනේරුවක් හාමුදුරුවනේ. කතෝලිකයෙක්. නොසෑහෙන්න සමාජීය දැනුම තියන උගත් මිනිහෙක්. මේ ඔක්කොටම වඩා මම ආසම කරන පිරිමි ගති තියන පිරිමියෙක්. මගේ අයියට අපේ දියුනුව බලන් ඉන්න බැරි උනා.මගේ ලොකු දූවත් අරගෙන අපි ජීවිතේ ලස්සනට පටන් ගත්තා. අපේ හාමුදුරුවනේ මගේ මහත්තයා දූට කිසිම අඩුවක් කරන්නේ නෑ. මට නොසෑහෙන්න හිතිල තියනවා දුවගේ තාත්තා හිටියනම් එයාවත් මෙහෙම ආදරයක් දෙන්නේ නෑ කියලා දරුවෙක්ට.මට දෙවෙනි දූ හම්බෙන්න ඉද්දි අපේ බිස්නස් ඔක්කොම වැටුනා මගේ අයියයි එයා තුන් වෙනියට බැදපු කෙනයි නිසා. කොටින්ම කියනව නම් ඉන්න වහලයක් පවා නැති කලා. කොටින්ම කන්න තිබ්බේ නෑ.“?

“හැබැයි එතනින් අඩියක් උඩට අපි අද ආවා. මට බිස්නස් ගැන හිටපු තත්වේ ගැන පොඩ්ඩක්වත් දුකක් නෑ. හේතුව හාමුදුරුවනේ මගේ මහත්තයා. අදටත් මම factory එකට ගිහින් කීයට ආවත් අත්‍යාවශ්‍ය දේකට ඇරෙන්න කතා කරන්නේ නෑ. හේතුව මට disturb වෙයි කියලා. සමහර වෙලාවට මට දුකයි මේ මිනිහා මාව චුට්ටක්වත් සැක කරන්නේ නෑනේ කියලා. එච්චරට නිදහසක් මට දීලා තියනවා. සමාජේ ගොඩක් පිලිගත්ත කෙනෙක් එයා. ඒත් මං හින්දා අද කිසිම විදියේ එකම එක අඩුවක් වත් කියන්න බැරි මහත්තයෙක්, තාත්තා කෙනෙක් එයා. අදටත් එයාගෙම ලෙයින් හැදිච්ච දරුවට වඩා මගේ ලොකු දූ ගැන බලනවා. දැන් දූට අවුරුදු 13 යි. ලොකු ලමයෙක් උනා මාස තුනකට කලින්. හැමදේම මහත්තයා කලේ එයාගෙම අතින්. මුලින්ම දුව බැලුවෙත් එයාගේ මූන. මගේ දූත් මට වඩා ආදරේ එයාට. දූගේ ඉස්කෝලේ ලමයි අම්මාව දන්නේ නෑ, දන්නේ තාත්තව. ඉස්කෝලේ වැඩ පවා හැම එකක්ම කරන්නේ එයා. චිත්‍ර ප්‍රදර්ශනයක් තිබ්බොත් එලි වෙනකල් දූගේ චිත්‍රය පාට කරනවා. කල්පනා කරලා කරලා ලස්සන නිර්මාන කරනවා දූ වෙනුවෙන්. අපිට හිතා ගන්නවත් බෑ.“

“මගේ මේ කතාව ඇතුලේ ගොඩාක් වින්ද දුක් තියනවා. ඒකෙන් 1%ක් මම ලියලා නෑ. මම අනන්තරීය පාප කර්මයක් කර ගත්තා අපේ හාමුදුරුවනේ.“?



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“නැත්තටම නැති වෙද්දි මට සිද්ද උනා අම්මලා එක්ක ගිහින් ජීවත් වෙන්න. මගේ මහත්තයගේ කොන්දේ ප්‍රශ්නයක් නිසා ඒ කාලේ එයාට වැඩක් කරන්න බැරි වෙලා හිටියේ. ෆැක්ට්‍රි එකට පාන්දර ගිහින් රෑ මම එන්නේ ගෙදර. අම්මා මාව දකින දකින වාරයක් ගානේ දරාගෙන ඉන්න බැරි තරම් දේවල් කිව්වා කලා. ඒ නිසාම මහත්තයා මට ෆැක්ට්‍රි එකේ වැඩ කරගෙන යන්න නිදහසේ ඉඩ දුන්නා. මොකද එයා දන්නවා අම්මා එක්ක ගෙදර ඉන්න මට අමාරුයි කියලා. හැබැයි මට ගෙදර වෙන මුකුත්ම එයා කිව්වේ නෑ. මට රිදෙයි කියලා වෙන්න ඕන.“

“ ඒත් දවසක් ලොකු දුව මට කිව්වා අම්මා මහත්තයට ඇනුම් පද කියන ඒවයි වැඩ ගන්න ඒවයි. මම නොදැන හිටියට ගෙදර උයන වැඩ ඉදලා මහත්තයාට කියලා කරවගෙන. මම දවසක් ගෙදර ආවම ඇහුවා අම්මගෙන්. එතකොට මට කිව්වා නිකන් ඉන්න එකේ එහෙම කලාම මොකෝ කියලා. අනික මට කිව්වා මගේ ලොකු දුවව මහත්තයා එක්ක තියන්න එපා එයාව අම්මලට දෙන්න කියලා. අම්මා හේතුව විදියට මට කිව්වේ, මහත්තයා දුවට නරක දේවල් කරයි කියලා.“??

“ මම මගේ මහත්තයව දන්නවා හාමුදුරුවනේ. එයා ආගමේ උනත් මට බුදු පහන තියන්න තෙල් ටික පවා ගෙනත් දෙන්නේ එයා. හැබැයි අම්මා එහෙම කිව්වේ ඇයි කියලා මම හොදටම දන්නවා. හේතුව දුවගේ ඇත්තම තාත්තා අපේ අම්මලට අදටත් සල්ලි දෙනවා. එයා ඉන්නේ ඇමෙරිකාවේ. දුව අම්මගේ භාරේ ඉන්නවා කිව්වොත් එයා සල්ලි එවන වග අම්මා දන්නවා“

“ඔය අතරේ දුවට කියලා තිබ්බා චූටි දූ එක්ක උනත් වැඩිය හුරතල් වෙන්න යන්න එපා ඒ ඔයාගෙම නන්ගි නෙවෙයිනේ කියලා. මට දරා ගන්න බැරි උනා. ප්‍රශ්නේ කතාකරනකොට දුර දිග ගිහින් මගේ අත ඉස්සුනා. මම මගේ ලොකුම පව පුරවගත්ත තැන ඒ. අම්මලා මොනවා කලත් දරුවෝ උනාම අපි ඉවසන් ඉන්න ඕනේ. නැත්නම් ධර්මේ හැටියට අපිට පවු පිරෙනවා. ඒත් හාමුදුරුවනේ මෙච්චර ධර්මෙට ආදරේ මගේ අතින් මේ පව උනා.“☹️

“දුව ලොකු ලමයෙක් උනාම මටයි මහත්තයාටයි ඕන උනේ චාරිත්‍ර ටික විතරක් කරන්න. සල්ලි නිසාම නෙවෙයි, දරුවාව ලෝකෙට පෙන්නන්න අපි දෙන්නම කැමති නෑ. ඒත් අම්මා දූ ඇතුලේ ඉද්දිම ගෙදර රන්ඩු ඇල්ලුවා. එයාට හැම නෑයෙක්ටම කියන්න ඕනේ කියලා. අන්තිමට විස්ස තිහ උනා. අන්තිම දවසේ 90 උනා. ලොකු පාටියක් උනා. දූ කාමරේ ඉද්දි අම්මා දූට කියලා දැන් ඔයා ලොකු ලමයෙක්. පිරිමි ලමයි ඔයාගේ පස්සෙන් එයි, හොදට තෝරලා පිරිමි ලමයෙක් හොයා ගන්න. මොනවා තිබ්බත් වැඩක් නෑ සල්ලි තියන කොල්ලෙක් එක්ක යාලු වෙන්න කියලා. දරුවා මට කිව්වා අම්මා මෙහෙම කිව්වා කියලා. මගේ දූට තාම 13 යි හාමුදුරුවනේ. මගේ දරුවා හරිම අහින්සකයි.“?

“දුවගේ කටයුතු ඉවර කරලා අපි පොඩි ගෙයක් කුලියට අරන් ආවා. එදා ගෙදරින් එනකොට ලොකු ප්‍රශ්නයක් උනා. දුවගේ පාටි එකට උයන්න එක්කන් ආවේ මහත්තයගේ ගෙදර පොඩි කාලේ ඉදලම උයපු අම්මව. ඒ අම්මා එක්ක අපේ අම්මා කියලා ලොකු දූ එක්ක කොහොමද මහත්තයව තියන්නේ. කාමරේ මොනවා කරනවද දන්නේ නෑ කියලා. මේ ගෑනු කෙනා මහත්තයට හරි ආදරෙයි. මහත්තයා චූටි කාලේ ඉදලම දන්න අම්මා කෙනෙක්. මට ලැජ්ජ හිතුනා හාමුදුරුවනේ. මගේ මහත්තයාට මාව බදින්නේ නැතුව ලස්සනට ඉන්න තිබ්බා. නැවට ගියා නම් මාසෙට ලක්ශ 10 පඩි. මහත්තයගේ තාත්තා මේ මොහොතෙත් ඉන්නේ නැවක. චීෆ් ඉන්ජිනියර් තෙල් නැවක.“?

“එදා ගෙදරින් එලියට එද්දි මම දන්නේ අපේ අම්මා අර අම්මට එහෙම කියලා. මම ඇහුවම මට කෑ ගැහුවා. මගේ දුව ගොඩක් තැම්පත් නිශ්ශබ්ද දරුවෙක් හාමුදුරුවනේ. කොටින්ම කවුරු ආවත් එලියට එන්නේ නෑ. කාමරේ ඉදලා පාඩම් කරනවා. එදා අම්මා බනින කොට ජීවිතේ පලවෙනි වතාවට දුව අම්මට කිව්වා ‘අම්මම්මා ඔයා අම්මට ඇයි ඔහොම කතා කරන්නේ. අපිට සල්ලි නැති නිසාද, අම්මා පවු නේ කියලා.‘ එතකොට දුවට බැන්නා අම්මා. එ වෙලේ දුව දෙයක් කිව්වා අම්මා, මම පුන්චි කාලේ අම්මම්මා මාව උදේ ඉදලා හවස් වෙනකල් ස්ටෝරු කාමරේ දාලා වහලා තියනවා කියලා“?

“දෙයියනේ එතකොට දරුවට අවුරුදු 4, 5 ඇති හාමුදුරුවනේ කෙල්ල අවුරුදු ගානක් ඒක හන්ගන් ඉදලා. මටවත් කිව්වේ නෑ එහෙම දේවල් උනා කියලා. අම්මා එතකොට කියනවා එහෙම තමයිලු දඩුවම් කරන්නේ ලමයින්ට. මොනාද හාමුදුරුවනේ මම කියන්නේ“?

“දැන් ගෙදරින් ඇවිත් මාස 4 වගේ වෙනවා. මම අදටත් කා එක්කවත් කතා කරන්නේ නෑ. මොනදේ උනත් එහෙ යන්නෙත් නෑ. හිත හදාගෙන ආවේ මම අනාතයෙක් කියලා මගේම දරුවෝ දෙන්නව වෙන් කරන්න හදපු අම්මා ගැන මට ලොකු පැහැදීමක් නෑ හාමුදුරුවනේ. ඒත් මම දන්නවා කර්මය හරිම බලවත්. මට මේ පවු දවසක පඩිසන් දෙනවා.“

“අදටත් මගේ අයියා එයාගේ පෙජෙරෝ එකේ රත්තරං පොරව ගෙන අපේ ඉස්සරහින් අපිට හිනා වෙවී යද්දි මම කරාබු දෙකක්වත් නැතුව මගේ ලොකුම සේසත දිහා බලලා සතුටුවෙනවා. “

“කවුරු ඇහුවත් මම කියන්නෙ මට ප්‍රශ්න නෑ හාමුදුරුවනේ හේතුව මේ ලෝකෙම ඉන්න හොදම පිරිමියා ඉන්නේ මගේ ගෙදර“❤️❤️❤️

සටහන
? මෙය ඉතා දිගු ලිපියක් බව දනිමි. මා හට මෙවැනි දුක් කතා දැනට 17 inbox එක තුල ලැබී ඇත. ඊට හේතුව දුක මුදා හැරීමට සිවුර විශ්වාස කිරීම හා උපදේශනය උගනීමෙන් ලද ‘අසා සිටීමේ‘ හැකියාවයි.

? මේ කතා 17න් 6කට පළකිරීමට අවසර දී ඇත. අනික්වා මගේ සිතතුළ අඟුළු දා ඇත්තෙමි. ඒ අතරින් මේ කතාව අයිති තැනැත්තිය, කිසිදු වචනයක් වෙනස් නොකොර පළ කරන්නට අවසර ලබා දුන්නාය.

? මා විසින් අම්මා ගැන නුගුණ සහිත කතාවයක් අසන ලද්දේ මීට වසර 4කට පමණ පෙර මා හිතවත් යුවතිකගෙන්ය. ඇය අම්මාට ඉතා අකමැති තැනත්තියකි. ඇයට මව් සෙනෙහස ලැබී නැත. ඉතා දුෂ්ට මවක් ඇයට සිටී. ඒ තැන් පටන් තම මවට අකැමැති (වෛර කරන) මහත්මීන් 6ක් මුණ ගැසී ඇත. මේ එහි 6 වෙනි කථාවයි.

? ඉතිරි කතාද ක්‍රමයෙන් “අසංවේදි චරිත“ ආදී වශයෙන් පළකිරීමට බලාපොරොත්තු වෙමි. ඇයි ද මා විසින් මේ කඳුළු කතාව පළකරන්නේ යනුවෙන් ඔබ විමසුවහොත්, ඊට සමාජ විද්‍යාත්මක හේතුන් ඇත.

? 1. එනම්, බොහෝ සියදිවි නසාගන්නට තැත් කරන්නවුන් නඟන මැසවිල්ලක් නම්, “ඇයි මට මේක වුනේ, ඇයි මෙහෙම වුනේ, ආදී වශයෙනි. ඔවුනට මේ කතා කියවන්නට ලැබුනොත්, “අහ්… මට පමණක් නොවේ, තවත් අයට මෙසේ වී ඇතැයි සිතේ“ එය ඵලදායි සිතුවිල්ලකි. “විභාග ෆේල් වුනු සැනින් සියදිවි නසාගන්නේ, අනියම් සම්බන්දයක් ආරංචි වු සැනින් අනිකාගේ දිවි තොරකරන්නේ, “මෙහෙම දෙයක් විය නොහැකි“ යන මතයේ සිටින්නවුන්ය. නැහැ, මෙහෙම වෙන්න පුළුවන් (Maybe, it can be possible) කියා මේ පුවත් දන්නා අයට, මේවා දරාගත හැකිය.

?2. ඔබටත් මේ දුර්වලතා වලින් පාඩම් උගත හැකිය.

?3. අනෙක නම්, මෙවැනි විරෝධාර කාන්තාවන් විෂයෙහි මා පුද්ගලික ප්‍රියමානපත්වයක් ඇත. ඔවුන්ව අගය කළ යුතුය. තවද, ඇයත් මෙය කියවනු ඇත (සමහරවිට). ඇයගේ ධෛර්යයට ඔබට වචනයක් දෙන්නට පුළුවන් නම් එය මහත් අස්වැසිල්ලක්. (කරුණාකර ඈ කවුදැයි සෙවීමට උත්සහා නොකරන්න).

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.