ඔබේ මිතුරාට Depressionද?

” අපිත් එක්ක හොඳට කතා කර කර හිටපු කෙනා එක පාරටම කතා කරන්නෙ නැත්නම්, කන්නෙ නැත්නම්, කාමරයෙන් එළියට එන්නෙ නැත්නම්, වැඩක් කිව්වම කරන්නෙ නැත්නම්… අපි හිතන්න ඕන ඇයි එහෙම වෙන්නෙ කියලා.
දැන් සමහර අම්මලා ළමයින්ට බනිනවා එහෙම කාමර වලට වෙලා ඉන්නවා කියලා. තරුණ ළමයි කාමර වලට වෙලා ඉන්න එක වෙනස්. ඒ වගේම පෞර්ෂ හීනතා මත කතා කරන්නෙ නැති සහ කුඩා කාලයේ ඉදලම නිහඩ, තැන්පත් අය ඉන්නවා. මේ කියන්නෙ එහෙම අය ගැන නෙවේ.
ජීවිතය වැඩක් නෑ, මුකුත් කරලා වැඩක් නෑ, මට කවුරුත් ආදරේ නෑ, මගෙන් වැඩක් නෑ, මට කවුරුත් නෑ කියලා නිතරම කියනවා නම් ඒ ගැන විශේෂයෙන් සැළකිලිමත් වෙන්න ඕන. ”
? සම්පූර්ණ සාකච්ඡාව (මානසික ආතතිය හා විෂාදය) :