ජෙමිනිඩ්ස්

උල්කාපාත වර්ෂාවන් අතර රජු වන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ වාර්ෂික ආගමනය, සෑම වසරකම දෙසැම්බර් මස 04 – 17 දින කාල පරාසය තුළ සිදුවේ. එය ලොව පුරා ඕනෑම ස්ථානයකට දර්ශනය වේ.

වර්ෂාව උපරිම අවස්ථාවට එළඹෙන දෙසැම්බර් 13 – 14 රාත්‍රියේ එක පැයකදී උල්කා 120ක් පමණ විවිධ වර්ණ වලින් කඩා හැලෙනු දිස් වනු ඇත.

අප දකින බොහෝ උල්කාපාත වර්ෂාවන් වලට හේතුකාරක වන්නේ වල්ගා තරු ය. එහෙත් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව හටගන්නේ 3200 Phaethon නම් වූ ග්‍රහකයත් සමග ඇදී එන සුන්බුන්වලිනි.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය – https://elearning.lk/blog/past-astronomical-events/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...