දැනුම, සම්භාව්‍ය දර්ශනවාදී ගුරුකුලය සහ ගෙටියේ ප්‍රශ්නය
අපේ දැනුම. එහෙම නැත්නම් අපිට දැනුමක් තියෙනවා කියල අපි කවුරුහරි කියනවා නම් බටහිර දර්ශනයෙ සම්භාව්‍ය ගුරුකුලයට අනුව කාරණා තුනක් සපුරන්ඩ ඕනෙ.
1.) ඔයාට විශ්වාසයක් තියෙනවා.
2.) ඔයාගෙ විශ්වාසය සත්‍යයක්.
3.) ඔයාගෙ විශ්වාසය සාධාරණීකරණය/තහවුරු කරන්ඩ ඔයාට කරුණු තියෙනවා.
යමක් සම්බන්ධයෙන් දැනුම තියෙනවා කියන්ඩ නම් ඒ සම්බන්ධයෙන් නිවැරදිවීම පමණක් සෑහෙන්නෙ නෑ. ඒ නිවැරදිවීම වාසනාවකට සිදුවෙච්චි දෙයක් නොවෙන්ඩත් ඕනෙ.
උදාහරණයක් ගත්තොත් ඉස්සර 90 ගණන්වල මුල වගේ ඉන්දියාවේ ක්‍රිකට් මැච් එකක ලංකාවෙ පිතිකරුවෙක්ට LBW එකක් දුන්නොත් ඒක අවුට් නෑ කියල මම කියනවා. මං එහෙම කියන්නෙ ඉන්දියන් අම්පයර්ල හොරු කියන පූර්ව නිගමනයෙ ඉඳල.
නමුත් වෙනකෙනෙක් කියනවා නෑ ඒ බෝලේ පතිත වුනේ පා-ඉන්නට පිටින්, ඒක හිංදයි අවුට් නැත්තෙ කියල.
ඔය වගේ සංදර්භයකදි අපි දෙන්නම නිවැරදි වුණාට මගේ නිවැරදිවීම වාසනාවට වෙච්චිදෙයක්, වෙලාවට එදා හිටිය අම්පයර් හොරෙක්. නමුත් අනිත් කෙනා නිවැරැදි වීම ඇතුලෙ ක්‍රිකට් නීතිවලට අනුකූලව තාර්කික පදනමක් තියෙනවා.
මේ විදිහට ගත්තහම දැනුම කියන්නෙ නිවැරැදි විදිහට සත්‍යය කරා එළඹීම කියලයි බටහිර දර්ශනයෙ කියන්නෙ. එතනදි වාසනාවෙ බලපෑමක් තියෙන්ඩ බෑ. (anti-luck intuition, ability intuition වගේ දේවල් ගැන කතාකරන්නෙ මෙතනදි)
ඔය කාරණාව සම්බන්ධයෙන් ප්ලේටෝගෙ කාලෙ ඉඳලම දාර්ශනිකයින්ගෙ යම්එ කඟතාවයක් තිබුණා. දැනුම කියන්නෙ ‘තහවුරු කළහැකි සත්‍ය විශ්වාසය’ (Knowledge is justified true belief) කියන එක තමයි බටහිර සම්භාව්‍ය ගුරුකුළයේ අදහස වුණේ.
නමුත් 1963 දී ‘එඩ්මන්ඩ් ගෙටියේ’ (Edmund Gettier) කියන චින්තකයා ඉදිරිපත් කරන කෙටි පර්‍යේෂණ පත්‍රිකාවකින් මේ දැනුම පිළිබඳ සම්භාව්‍ය ගුරුකුලයේ අර්ථ දැක්වීම/අදහස ප්‍රශ්න කරනවා.
ඒ සඳහා ඔහු උදාහරණ කිහිපයක් පාවිච්චි කරනවා. ඒවට කියන්නෙ ගෙටියේ උදාහරණ (Gettier examples).
තේරුම්ගැනීමේ පහසුව තකා මං බර්ට්‍රන්ඩ් රසල් 1915 දි ඉදිරිපත් කරපු නැවතුණු ඔරලෝසුවේ කතාව ගන්නම්. ඒ කතාව මෙහෙමයි.
A කියල පුද්ගලයෙක් හැමදාම උදේ වැඩට යන්නෙ ඔරලෝසු කණුවක් පහුකරගෙන. එයා අද උදේ ඔරලෝසු කණුව පහුකරගෙන යද්දි එයා දකිනව වෙලාව උදේ හතයි කියල. මේ ඔරලෝසුවේ වෙලාව එයා දන්න කාලෙක ඉඳල වැරදිලා නෑ. ඉතිං එයා දන්න විදිහට අද එයා එතනින් එද්දි වෙලාව උදේ හතයි.
ඇත්තටමත් එයා එතනින් එද්දි වෙලාව උදේ හතයි. මෙතනදි අර සම්භාව්‍ය ගුරුකුලයේ අර්ථදැක්වීමට අනුව ‘තහවුරු කළහැකි සත්‍ය විශ්වාසයක් තියෙනවා කියල පේනව. නමුත් ඇත්තටම වෙලා තියෙන්නෙ ඔරලෝසුව නැවතිලා තියෙන්නෙ ඊට කලින් දවසෙ උදේ හතට, ඒක නැවතුණු ඔරලෝසුවක්.
A උදේ එතනින් යද්දි වෙලාව උදේ හත වීම අහම්බයක් එහෙම නැත්නම් වාසනාවකට වෙච්චි දෙයක් විතරයි.
ඔය දැනුම කියන සංකල්පය සම්බන්ධයෙන් බටහිර දර්ශනයෙ එන මූලික කාරණාවක් කිව්වෙ. දර්ශනය මට අළුත් විෂයයක්. ඒක හිංද මේක බෙදාගන්ඩ හිතුව.