Operation Blue Star

1970 දශකයේ දෙවන භාගයේදී ඉන්දියාවේ පන්ජාබයෙන් නව නායකයකුගේ ඉස්මතු වීම පෙන්නුම් කෙරුණා. ඔහු ජර්නේල් සිං බින්ද්‍රන්වාලේ. ඔහු පන්ජාබයට පුළුල් ස්වයං පාලන බලතල ඉල්ලා සිටින ප්‍රබලයකු බවට පත්වුණා.

1982 දී සිය සගයින් පිරිසක් සමග ඔහු අම්රිත්සාර් නගරයේ පිහිටි සික් ආගමිකයන්ගේ මුදුන් මල්කඩ බඳු වන රන් දෙවොලේ කොටසක කඳවුරු බැඳගත්තා. බින්ද්‍රන්වාලේ දිගින් දිගටම ගෙනගිය ප්‍රචාරක සහ ප්‍රචණ්ඩ වැඩපිළිවෙළ නැවැත්වීමට කරන ලද උත්සාහයන් ව්‍යර්ථ වූ තැන ඔහුව රන් දෙවොලින් එළවීම සඳහා 1984 ජූනි මාසයේ එයට පහර දීමට ඉන්දිරා ගාන්ධි රජය තීරණය කළා.

මෙහිදී බින්ද්‍රන්වාලේ මියගියා. රන් දෙවොලට පහර දීමෙන් සික්වරුන්ගේ කෝපය තවත් වැඩි වුණා. එහි ප්‍රතිපලය, 1984 ඔක්තෝබර් 31 උදෑසන සික් ආරක්ෂක භටයින් දෙදෙනකු විසින් ඉන්දිරා ගාන්ධි ඝාතනය වීමයි.

මේ සම්බන්ධව අපි සම්පාදනය කරපු ලිපිය මෙතනින් – https://elearning.lk/blog/khalistan-movement

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...