ශ්‍රද්ධාව භක්තියෙන් වෙනස් වන්නේ කෙසේද?
යමෙකුට බුදු දහම ඇසීමෙන් ශ්‍රද්ධාවක් ජනිත වේ. තවකෙකු කිතු දහම, ඉස්ලාම් දහම ආදිය ඇසීමෙන් භක්තියක් ජනිත කර ගනී. මේ මානසික තත්වයන්ගේ effect එකේ ඇති වෙනස කුමක්ද?
මේ ප්‍රශ්නයට දිය යුතු ඍජු පිළිතුර වනාහි, මේ මානසික තත්වයන්හි ප්‍රධාන වෙනස පළමුවැන්න ස්වයංව ජනිත වන පැහැදීම පදනම් කරගන්නා සුපසන් සිතක් වෙද්දී දෙවැන්න ඇදහීම සහ බිය පදනම් කරගන්නා, චෛතසික තත්ත්වයක් වීමය.
ශ්‍රද්ධාව වනාහි පැහැදීමකි. පදනමක් සහිත විශ්වාසයකි. එය සිත ප්‍රසන්නභාවයට(සතුටට) පත් කරන්නකි.
ශ්‍රද්ධාව දෙයකාර බව බුදුන්වහන්සේ දේශනා කොට තිබේ. ආකාරවතී ශ්‍රද්ධාව හා අමූලිකා ශ්‍රද්ධාව ලෙසය. අමූලිකා ශ්‍රද්ධාව වනාහි හුදු හදවත හා හැඟීම් පදනම් කරගත් පැහැදීමයි. ආකාරවතී ශ්‍රද්ධාව වනාහි විචාර බුද්ධියෙන් විමසා(යෝනිසෝමනසිකාරය), ප්‍රශ්න කර, තර්ක කර, සැක පහව යාමෙන් අනතුරුව ජනිත වන මොළය හා හදවත සමබර වූ පැහැදීමයි.
බුදුන්වහන්සේගේ ඉගැන්වීම් හදාරා යමෙකු ධර්ම මාර්ගයේ හැසිරීම පටන් ගත යුත්තේ මේ ආකාරවතී ශ්‍රද්ධාව ජනිත වුවහොත්ය.
බුදුන්වහන්සේගේ ධර්මය කෙරෙහි පැහැදීමක් ජනිත කර ගැනීමට පෙර ධර්මය ප්‍රශ්න කිරීම කළ යුතු යැයි බුදුන්වහන්සේ නිර්දේශ කර තිබේ. (කියවන්න : කාලාම සූත්‍රය, අපණ්ණක සූත්‍රය, වීමංසනික සූත්‍රය, චුල්ල හත්ථිපදෝපම සූත්‍රය)
ව්චාර බුද්ධියෙන් යුතුව විමසා බලා මිස තමන්ගේ ධර්මය යමෙකු පිළිගත යුතු නැති බව බුදුන්වහන්සේ අවධාරණය කොට තිබේ. බුද්ධ ධර්මය සංගත(internally coherent) වන බැවින්, මුල් බුදු සමයේ සූත්‍ර සම්බන්ධයෙන් අසන ඕනෑම ප්‍රශ්නයකට සාර්ථක තාර්කික පිළිතුරු ලබා දීමේ හැකියාවක් ද තිබේ.(කියවන්න : මවිසින් රචිත Buddhist answers for the critical questions කෘතිය)
එසේම යමෙකු එසේ ප්‍රශ්න කර ඔහුට එහි ප්‍රතිඵලය ලෙස ප්‍රශ්න නිරාකරණය වී පැහැදීමක් ජනිත නොවුණොත් ඔහුට ධර්මය පිළිගන්නා මෙන් කිසිඳු බලකිරීමක් නොමැත.
ඔහුට හැරී යා හැකිය. බුදුන්වහන්සේ ධර්මය පිළිනොගත්තේ යැයි කියා හේ නිරයට නියමවූ මිත්‍යා දෘෂ්ඨිකයෙකු වන්නේ නැත.(සාලෙය්‍යක සූත්‍රය අනුව මිත්‍යා දෘෂ්ටික අකුසලය යනු සදාචාර විරෝධී ලෙස භෞතිකවාදය ගැනීමයි / amoralist materialism )
එසේම යමෙකු ශ්‍රද්ධාව ජනිත කර ගත්තාය කියා ඔහුට ගැලවීම ලැබෙන්නේ නැත. එය ධර්ම මාර්ගයේ පළමු පියවර පමණි. සීල – සමාධි – ප්‍රඥා වඩමින්, විමුක්තිය(නිවන) සාක්ෂාත් කිරීමට හේ තව බොහෝ දුර යා යුතුය.
එනමුත් කිතුනු දහමේ, භක්තිය වනාහි භය, ආදරය, පදනම් විරහිත විශ්වාසය හා ප්‍රශ්න විරහිත පිළිගැනීමකි. “නොදැක විශ්වාස කරන්නවුන් භාග්‍යවන්තයන්” බව ජෙසුස්වහන්සේ දේශනා කොට තිබේ. මේ අනුව කිතු දහමේ විමුක්තිය යමෙකුට ලබාගත හැක්කේ මෙම භක්ති පූර්වක පිම්ම( “leap of faith”) සිදු කළ හොත් පමණි. ඉස්ලාම් දහමේ ද එසේය. අල්ලාහ් දෙවියන් අදහා ගෙන මහම්මත්තුමා ඔහුගේ දූතයා ලෙස පිළිගැනීමෙන් ය ගැලැවීම ලැබෙන්නේ.
“මා තුළින් මිස අන් කිසිවෙක් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන බව” ජේසුස්වහන්සේ පවසා තිබේ. එහෙයින් ගැලවීම ලැබෙන්නේ ජේසුස්වහන්සේ අදහා ගැනීමෙන් පමණි. එනම් උන්වහන්සේ, හදවතින්ම අදහා ගැනීමෙන්ම විමුක්තිය ලැබේ. මුල්ම මිනිස්සු දෙදෙනා වූ ආදම් සහ ඒවා, තහනම් ගහේ ගෙඩි කෑම නිසා, සෑම මානවයෙකුටම උරුම වන ජන්ම පාපයට, ජේසුස්වහන්සේ අදහා ගැනීම හේතුවෙන් සමාව ලැබේ. විමුක්තිය උදෙසා තව අමුතුවෙන් කළ යුත්තක් නැත.
එනමුත් ප්‍රතික්ෂේප කරන්නාට අත්වන්නේ සදාකාලික නිරයයි.
ප්‍රශ්න කිරීම, සැකකිරීම කිතු දහම තුළ එතරම් පිටු බල ලැබෙන ක්‍රියා නොවේ.
එනමුත් Isaiah 1:18
Come now, and let us reason together, saith the LORD: යැයි සඳහන්ය. (එන්න, අපි එක්ව තර්ක කර බලමු යැයි ස්වාමීන් පවසන සේක)
බයිබලය ගෙන කිතු දහම ගැන දිගින් දිගටම ප්‍රශ්න ඇසුවහොත්, තර්ක කළහොත්, සාර්ථක පිළිතුරු දීමේ හැකියාවක් ද නොමැත. හේතුව කිතු දහම සංගත නොවීමයි. ඉස්ලාමය සම්බන්ධයෙන් ද තත්වය එසේමය.
මේ ලිපිය කියවූ යමෙක්ට ඇසිය හැකි ප්රශ්නය වන්නේ භක්තිය හා ශ්‍රද්ධාව යමෙකුට දැනෙන ආකාරය එකක්ද දෙකක්ද ? යන්නයි.
ඊට පිළිතුර වන්නේ එය දැනිය යුත්තේ දෙකක් ලෙස බවය. එනමුත් උපතින් බෞද්ධ වන්නාගේ අමූලිකා ශ්‍රද්ධාව, උපතින් කිතුනු වන්නාගේ භක්තියට වඩා වෙනසක් නැති වීමට ඉඩ තිබේ.
eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.