බල තණ්හාවෙන් ඉදිමුණු තමන්ගේම ගෝලයා නිසා ජීවිතය අවසන් වූ ලොව පළමු ගණිතඥවරිය
බලය ඇත්තාට මොළය නැත. මොළය ඇත්තාට බලය නැත. බලය ලැබුණු විට බලය නිසා හිස ඉදිමුණු පාලකයන් හිටියේ අද පමණක් ද නොවේ. අද ලාංකීක සමාජයේ සිදු වන බල පෙරළි නිසා විනාශ වන හා විනාශ වූ ජීවිත ප්‍රමාණය අති මහත්ය. අද අපේ කතාවට මුල් වන්නෙත් එවැනි බල තණ්හාවෙන් පිරුණු සමාජයක ඉපිද හැදී වැඩී තමන්ගේම ශිෂ්‍යයෙකු අතින්ම අවසන් ගමන් ගිය ලොව පළමු ගණිතඥවරිය ගැනයි. ඇයගේ ජීවිත කතාව මේ විදියට ඔබ ඉදිරියේ පෙළගැස්වනු ඇත.
ගණිත ක්ෂේත්‍රය තුළ අපමණ සේවයක් කරන ලද යෝධ කාන්තා පෞරුෂයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ගණිතය හරිම පහසු විෂයක් නේද කියලා අපි ඇහුවොත්? මං දන්නවා උත්තරේ. බහුතරයක් අපේ මතයට හිනා වෙනවා. පිස්සුද මංදා කියලා හිතෙයි. ඒ නිසා අපි ඒ ප්‍රශ්න අහන්නේ නෑ. යමුකෝ අද කතාවට.
@elearninglk
ගණිතය කියන විෂය ඇසු සැනින් ගොඩාක් දෙනෙක් අකැමැති විෂයක්. ගණිතයට බොහොදෙනා අකැමැති වන්නේ එහි ඇති දැඩි අසීරූතාවය නිසාය. එනමුදු ගණිතය කියන්නේ අසීරූ වුවත් ඉතාම වැදගත් විෂයක්. අතීතයේ සිටියා වූ විශිෂ්ට ගණිතඥයන් නිසයි අද වෙද්දී මේ පමණකට සංකීර්ණ වූ ගණිත ක්‍රම ශිල්ප විශාල ප්‍රමාණයක් බිහි වී ඇත්තේ. එදා තාක්ෂණය නොදියුණු කාලයක ඔවුන් තර්කයෙන් පමණක් නිර්මාණය කළ සංකීර්ණ ගණිත ක්‍රම අද වෙද්දී තවත් පුළුල් පරාසයකට ව්‍යාප්ත වී තියෙන්නේ.
ආකිමිඩිස්, ඇරිස්ටොටල් පරපුරෙන් බිහි වූ පළමු ගණිතඥවරිය ගැන එහෙමත් නැත්තං පළමු දර්ශනිකවරිය කිරුළට උරුමකම් කියන කාන්තාව ගැන තමයි අපි අද කතා කරන්නේ. හයිපේෂියා කියලා නමක් ඔය කවුරුහරි අහලා තියෙනවාද? එකපාරටම මතකයට නොඑන්න පුළුවන්. ඒ නිසා මං විස්තරේ කියන්නම්.
හයිපේෂියා ගැන ඉතිහාසයේ මේ විදියට හදුන්වලා තියෙනවා. සමකාලීන පස්වන සියවසේ මූලාශ්‍රවල ඇලෙක්සැන්ඩ්‍රියාවේ හයිපේෂියා හදුන්වනු ලබන්නේ ප්ලේටෝ සහ ප්ලොටිනස්ගේ දර්ශන විද්‍යාව පිළිබද ගුරුවරයා වශයෙනි. වසර දෙසීයකට පමණ පසු හය වන සියවසේ විසූ ඊජිප්තියානු කොප්ටික් බිෂෝප්වරයෙකු වූ නිකියුහි ජොන් හදුන්වනු ලබන්නේ Hellenistic pagan ඇය ලෙසයි. “ඇය අයත් වන්නේ සෑම කලකම මායාවන්, තාරකා විද්‍යාව සහ සංගීත භාණ්ඩ වැනි ප්‍රයෝග මගින් මිනිසුන් රැසක් වශී කළ යක්ෂයා අදහන්නියක්” බව ඔහු ප්‍රකාශ කරන්නට වුණා.
අධ්‍යතන ක්‍රිස්තියානු ඉතිහාසඥයන් කොන්ස්තන්තිනෝපලයේ දාර්ශනිකයන් හයිපේෂියාව ඔවුන්ගේ ආගමික ඉතිහාසය මෙසේ අර්ථ දක්වුවා :
“ඇලෙක්සැන්ඩ්‍රියාවේ හයිපේෂියා නම් වූ කාන්තාවක් සිටියා, දාර්ශනික තියෝන්ගේ දියණිය, ඇය සාහිත්‍යය සහ විද්‍යාව සදහා විශාල නාමයක් දිනා සිටියා, ඉතා ඉක්මනින් ඇය සියලුම දාර්ශනිකයන් මුල් කාලයේම පරදවනු ලැබුවා. ප්ලේටෝ සහ ප්ලොටිනස් පාසලේ අරමුණු ඉටුවීමත් සමග, ඇය විස්තර කරණු ලැබුවා දර්ශනවේදයේ සිද්ධාන්ත ඇගේ ශ්‍රාවකයන්ට.
ඇයගේ සිද්ධාන්ත දැනගැනීමට බොහෝමයක් ඈත සිට පැමිණ ඇත. ඇයගේ මානසික සුවය, ස්වාධීනත්වය සහ ඇය ආශ්‍රයෙන් ලත් සහනකාරී පුරුද්ද සැළකිල්ලට ගෙන, ඇයට සිදුවන දුරාචාරයන් සම්බන්ධව, ඇය පිරිමින්ගේ රැස්වීම්වලදී විදි නින්දා අපහාස සම්බන්ධව පවා ඇය විසින් මහජනයාව නඩුකරු ඉදිරියට නොපමුවනු ලදි. එබැවින් සියළුම මිනිසුන්ගේ වාර්තාවල ඇයගේ සාමාන්‍ය ප්‍රතාපවත් බව හා ඇයගේ සදාචාරය සම්බන්ධව තවත් ඇගයිය යුතුය’’
මේ ප්‍රකාශයේ සමහර තැන් ඔබට ගැටළුකාරි බව මං දන්නවා. මේ ඉතිහාසගත කරුණුවල සත්‍යතාවය, කතාව ඉදිරියට ගලා යෑමේදී මේ ආකාරයේ ප්‍රකාශයක් කරන්නට හේතුව මොකක්ද කියලා ඔබට වැටහෙන බව මං දන්නවා. යමු අපි හයිපේෂියා ගැන තොරතුරු දැනගන්නට.
හයිපේෂියා උපන්නේ පුරාණ මිසරයේ ඇලෙක්සැන්ඩ්‍රියාව නම් ප්‍රදේශයේ ක්‍රි.ව. 370 කාලයේදීය. ඇයගේ පියා වෙන්නේ තියෝන් නම් ප්‍රකට දාර්ශනිකයයි. ඔහු ඇලෙක්සැන්ඩ්‍රියා ගුරු කුලයට අයත් ප්‍රකට දාර්ශනිකයෙක් බවට තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ කොතැනකදිවත් හයිපේෂියාගේ මව ගැන සදහන් නොවීමත් සුවිශේෂි වුණා. හයිපේෂියාගේ අධ්‍යාපනය ගැන සොයා බැලිමේදී ඇය ඇතැන්ස් නුවර අධ්‍යාපනය ලැබු බවට වාර්ථා ඉදිරිපත් වෙනවා.
හයිපේෂියාගේ පියා ඇයව කුඩා කල සිටම පිරිමි දරුවෙකු ලෙස හැදූ වැඩූ බවත්, කොණ්ඩය කොටට කපා පිරිමි ළමුන් අතරම තබා ගනිමින් රැකවරණය දුන් බවටත් වාර්ථා වෙනවා. එයට හේතුව වූයේ එකල කාන්තාවට ලැබුණු පහත් සැලකිලියි. කාන්තාවකට අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම එවකට පාලකයන් විසින් ඉවත් කරලා තියෙනවා. ඇය සටන් ශිල්පයේ සිට ගණිතය, තාරකා විද්‍යාව, තර්ක ශාස්ත්‍රය වැනි විෂයන් කුඩා කල සිටම පුළුල් පරාසයක අධ්‍යාපනය ලබා ඇත. තම පියාගේ උදව් ඇතිව සංකීර්ණ ගණිත ගැටළු කුඩා කාලයේ සිටම විසදන්නට ඇයට හැකි වුණා. එවකට ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි සම වයස් කාන්තාවන්ට වඩා විශාල බුද්ධි මට්ටමක් ඇය සතු වූ බවද කියන්න ඕන. ඇය ප්ලේටෝ, ඇරිස්ටොටල්, ප්ලොටිනස් වැනි දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් පුළුල් ලෙස හැදෑරීම් කරලා තියෙනවා.
ඇය ක්‍රි.ව. 400 දී පමණ නව ප්ලේටෝනික වාදය සම්බන්ධව පාසලේ ප්‍රධාන ගුරුතුමිය බවට පත් වෙනවා. ඇයගේ ඉගැන්වීම් ශෛලීය නිසා එන්න එන්නම ලොව නන් දෙසින් විශාල සිසුන් ප්‍රමාණයක් ඒ දේශන සදහා එකතු වූණා. සමහර අවස්ථාවලදී ඇය තම සිසුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද අමතා තම දේශන පවත්වා ඇත. පුරුෂ මුලික සමාජයක් වූ එවකට මිසරය තුළ මෙලෙස දාර්ශනික පසුබිමක් සහිතව ඉගැන්වූ පළමු කාන්තාව විදිහට ඉතිහාසගත වන්නේ ඇයයි.
හයිපේෂියා ගැන සොයා බැලිම් කළ ප්‍රකට ලෝක ඉතිහාසඥයකු වු Edward J Watts අනුව ඇය කිතුනු දහම ඇදහූ කාන්තාවක්. එමෙන්ම ඇයගේ ශිෂ්‍යයන් බහුතරයක්ම කිතුනුවන් වීමද විශේෂත්වයක් බව පවසා තිබුණා. හයිපේෂියා එවකට ඇලෙක්සැන්ඩ්‍රියාව තුළට මහත් ප්‍රබෝධයක් ගෙන ආ චරිතයක් වුණා. ගේ තුළට වී සිටි කාන්තාවන් ඉගෙනීම සදහා උනන්දු කිරීම මේහිදි ප්‍රධාන කරුණක් ලෙස දක්වන්නට පුළුවන්.
ඇතැන්ස් ගුරු කුල තුළ කාන්තාවන්ට ඉගෙන ගැනීමට නිදහස අවම වෙලා තිබුණේ. කුඩා කාලයේ පිරිමි දරුවෙකු ලෙස හැදි වැඩුනද ඇය වයසින් මුහුකුරා යද්දී කොණ්ඩය දිගට වවලා ගැහුණු ගති ඉස්මතු වන පරිද්දෙන් හැසිරෙන්න පටන් ගන්නවා. ඇය සතු වූ දැනුම ගැන ඇය මහත් සේ ආඩම්බරයෙන් සිටි බවත් ඇය තමා සතු වූ දැනුම තරුණියන් අතර බෙදා දෙන්නට කටයුතු කළ බවත් ඉතිහාසය තුළ සදහන් වෙනවා.
පිලෝස්තෝපියන් නම් ක්‍රිස්තියානු ඉතිහාසඥයාගේ වාර්තා අනුව ඇය අතිදක්ෂ තාරකා විද්‍යාඥවරියක් වූ බව කියවෙනවා. ඩැමස්කස් නම් පුද්ගලයෙකු හයිපේෂියාගේ රූ සපුව ගැන වර්ණනා කරමින් වාර්තා ඉදිරිපත් කර තිබුණා. දුටුවන් නෙත් වසග කරන ඉතාමත් ලස්සන රූමත් කාන්තාවක් වු බවද එහි කියවෙනවා. නමුත් ඇය ජීවිතය අවසන් වනතුරුම කන්‍යාවක් ලෙස ජීවත් වුණා. දිනක් ඇය කෙරෙහි සිතක් පහළ වූ පිරිමියෙකු ඇයට කරදර කරන්නට සූදානම් වුණා.
නමුත් ඔහුගේ ආසාව පහවන තුරුම වයලීනය වාදනය කරන්නට වුණා. එයින් පසුදිනක නැවත ඇයට කරදර කරන්නට ඔහු ඇය පසුපස හඹා ඇවිත් තිබුණා. කාන්තාවක් කවදාවක් නොකරන වැඩක් ඇය ඒ මොහොතේ කරලා තියෙනවා. ඒ දිනවල ඇය ඔසප් සමය ගත කරමින් සිට ඇත. ඇය ඒ අවස්ථාවේ රුධිරය සහිත ඇදුමක් ඔහුට පෙන්වා ඔබ මෙයට කැමති නම් මං ඔබගේ ඉල්ලීමට කැමති බව ඇය ප්‍රකාශ කරා. එම මොහොතේ ඔහු නැවත හැරී ගොස් පසු දිනක ඇයගෙන් සමාව ද ලබාගෙන ඇත. කාන්තාවකට තිබිය යුතුම දෙයක් තමයි ආත්මශක්තිය. ඇයටත් තමන් දන්නා වූ සටන් ක්‍රම මගින් ඔහුට පහර දෙන්න තිබුණා. නමුත් ඇය ඒ මොහොතේ කළේ හොදම දෙයයි. සටන් ක්‍රම මගින් පහර දුන්නා නම් ඇය ගැන වෛරයක් ඇති වෙන්න තිබුණා.
හයිපේෂියා ගැන සොයා බැලිමේ ඇය ලොව ප්‍රථම Hydroscope යන්ත්‍රය නිර්මාණය කළ බවටද වාර්තා හමුවෙනවා. ජල පෘෂ්ඨයක සිට යම් නිශ්චිත දුරකින් ඇති වස්තුවක් නිරීක්ෂණය කිරීමට හැකි බව තාර්කානුකුලව පැහැදිලි කරදීමද මෙමගින් සිදු කර ඇත.
හිරු, සදු, තාරකාවල පිහිටීම අනුව දිනය හා වේලාව සොයා බැලීම සදහා නිරවද්‍ය ආකෘතියක් ද සකසා ඇත. ඇය පුළුල් ගණිත ක්‍රම 100කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත. තවද ඇය චන්ද්‍රග්‍රහන හා සුර්යයග්‍රහන නිරවද්‍යව ගණනය කිරීම සදහාසටහන්ද නිර්මාණය කර ඇත.
ඇය සතු වූ විශාල ප්‍රඥාව නිසා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර ඇය එවකට සමාජයේ විසු කාන්තාවන්ට අලුත් ජීවයක් ලබා දෙන්න වුණා. අද ශ්‍රී ලංකාවේ පාලකයන් මෙන්ම එදා සිටි පාලකයන්ද අධ්‍යාපනය කෙරෙහි ලොකු කෙනෙහිලිකම් තිබුණා.
විශාල පිරිස් බලයක් හිමි වූ ඇයට එකල දේශපාලනය තුළද විශාල පිළිගැනිමක් තිබුණා. එකල පැවති දර්ශනවාද රැසකට නව මානයකට ගෙන එන්නටද ඇය සමත් වුණා. ටොලමී විසින් ලියපු Almagest නම් පොතේ තෙවන වෙළුමේ අඩුපාඩු රැසක් සංශෝධනය කරලා තියෙනවා. ඇය ඔහුගේ පෘථිවි කේන්ද්‍රවාදයහි වූ පෘථිවිය මැදි කරගෙන සෞරග්‍රහ මණ්ඩලය පවතින බවට තිබුණු මතවාදයද සංශෝධනය කරලා තියෙනවා.
ඇය එවකට ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි බිෂෝප්වරයා වූ තෝපිලස් සමග කිට්ටු සම්බන්ධක් පවත්වා තියෙනවා. ඔහුද හයිපේෂියාගේ ශිෂ්‍යයෙකු වූ අතර එම නිසාම හයිපේෂියා ඔහුගේ උපදේශකවරිය ලෙස කටයුතු කළා. ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස නාමික ව පත් කර තිබුණේ සයිරිල් නම් පුද්ගලයායි. ඔහු ද ඇගේ ශිෂ්‍යයෙකි.
තෝපිලස් හදිස්සියේ ම ක්‍රි.ව. 412 දී හදිසියේම මරණයට පත් වුණා. තෝපිලස්ගෙන් පසුව බිෂෝප් පදවියට සයිරිල්ව පත් කිරීමට තරම් නෛතිකව පත් කර නොතිබු නිසා ඒ තනතුරට අයිතිවාසිකම් පෑවේ තිමෝති නම් තැනැත්තාය. මේ නිසා බල අරගලයක් ඇති වුණා. මෙය මහත් දේශපාලනික පෙරළියක් වුණා.
හයිපේෂියා මෙම බල අරගලයට සම්බන්ධ නොවුවාට සයිරිල්ට සහාය පල කරේද නැත. කෙසේ හෝ අවසානයේදී බල අරගලයෙන් සයිරිල් ජයග්‍රහණය කළ අතර ඔහුට සහාය ලබා නොදුන් සියලුම දේවස්ථාන විනාශ කර, විරුද්ධ වූ සියල්ලන්මද ඝාතනය කළා.
හයිපේෂියා ප්‍රසිද්ධියේ සයිරිල්ට සහාය ලබා නොදුන් නිසා ඔහු සිතුවේ ඇයද තිමෝති පක්ෂිකාවක් ලෙසයි. ඒ නිසාම ඔහු ඇයගේ පාසල් භූමියද විනාශ කරා. ඇය කාන්තාවක් වූ නිසාත් ඇය සතු වූ විශාල පිරිස් බලයක් තිබු නිසා ඒ ගැන ඊර්ෂ්‍යා කළ පුද්ගලයන්ද එය වාසියට ගනිමින් සයිරිල්ට උදවු කළා. සයිරිල්ගේ හිතේ හයිපේෂියා ගැන තිබුණු තරහා දවසින් දවස වැඩි කළේ ඔවුන්ය.
රෝමයේ සහාය හයිපේෂියාට පළ කල නමුත් සයිරිල් මේ කිසිවක් මායිම් කරේ නම් නැත. සයිරිල්ගේ අනුගාමිකයන් ඇය එන මග හරස් කරමින් හිද ඇයව පැහැරගෙන ගොස් පරණ පාළු දේවාස්ථානයක් තුළදී දූෂණය කර පහර දී ඔස්ට්‍රාකා නම් ගල් කොටසකින් ගසා මරා දැමුවා. මේ සිදුවිම සිදු වන අවස්ථාවේ ඇය සටන් කිරීමට තරම් සුදුසු තත්වයක නොසිටි නිසා ඇයට ඔහුගේ ගොදුරක් වෙන්නට සිදු වුණා.
එතැනින් නොනැවතුණු සයිරිල් සහ ඔහුගේ පිරිස ඇයගේ නිරුවත් සිරුර මුළු නගරය පුරාම ඇදගෙන යමින් ඉතාමත් වද දුන්නා. හයිපේෂියාගේ වියෝව සිදුවන්නේ ක්‍රි.ව. 415ට ආසන්න කාලයේදීය.
ඇයගේ මිනීමරුවන් පවසා සිටියේ ඇය මායාකාරියක් බවත් ඇලෙක්සැන්ඩ්‍රියාවම විනාශ කළ බවත්ය.
හයිපේෂියාගේ මරණින් පසු සයිරිල් සතුටින් සිටියේද නැත. ඔහුට විශාල ප්‍රශ්න රැසක් ඇති වුණා. මැසිඩොනියාව, අප්‍රිකාව වැනි රටවල් තුළටද හයිපේෂියාගේ මරණය ගැන ආරංචි වුණා. එම රටවල්වලින් ඇලෙක්සැන්ඩ්‍රියාවේ සියලු බිෂෝප්වරුන් වෙත සයිරිල්ව ධුරයෙන් පහා කරන ලෙස තදබල විරෝධතා ඇතිවෙන්නට වැඩි කාලයක් ගත වුණේ නැත. රෝම බිෂෝප්වරු හා පාලකයන් සයිරිල්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්නට වුණා. එහිදී හයිපේෂියා ඇතුළුව මිනිසුන් 500කට අධික පිරිසකගේ මරණවලට සයිරිල් වැරදිකරු බවට ඔප්පුවීමත් සමග ධූරයෙන් පහා කරා.
තවත් කාලයක් හයිපේෂියා ජීවත් වූවා නම් ඇත්තටම ඇය ලෝකයට තවත් විශාල සේවයක් කරන බව නම් ස්ථිරයි. මොළයක් නැති මෝඩ පාලකයන් නිසා ලෝකයට වටිනා ජීවිත කීයක් නම් නැති වෙන්නට ඇතිද මේ වගේ? හයිපේෂියාගේ ජීවිත කතාව ගැන කීවාට එවැනි ජීවිත කීයක් නම් මේ නුදුරු කාලයෙදී මෝඩ පාලකයන්ගේ මෝඩ තීරණ නිසා අපිට නැති වුණාද කියලා ඔබ අපි හැමෝම දන්නවා.
පාලනය ගන්නට සටන් කරන පාලකයන් පාලන බලය ගත් පසුව සාමාන්‍ය මිනිස්සු ගැන හිතලා වැඩ කරන්න ඕන. පාලකයා සාමාන්‍ය ජනතාවගේ සේවකයකු මිස සාමාන්‍ය ජනතාව පාලකයාගේ සේවකයකු නොවේ.
නැවත හමුවන තුරු… ඔබට ජය!
මුලාශ්‍ර :
01. https://en.wikipedia.org/wiki/Hypatia
02. https://www.britannica.com/biography/Hypatia