ලුසිටානියා ඛේදවාචකය (1915)
මේ සිද්ධිය පළවන ලෝක යුද්ධය තරම් ඈත අතීතයකට යනවා. දෙවන ලෝක යුද්ධයට සාපේක්ෂව, පළවන ලෝක යුද්ධය වැඩි පිරිසකගේ අවධානයට ලක්වෙලා නැති නිසා, ලුසිටානියා ඛේදවාචකය ගැන හුග දෙනෙක් දැනුවත් වෙලා නැහැ කියන එකයි අපේ අදහස…
ලුසිටානියා නෞකාව නිර්මාණය කරන්නෙ, ඒ කාලයේ බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ නැව් සමාගමක් වුණු Cunard Line සමාගමෙන්. 1906 අවුරුද්දෙ වැඩ නිම කරපු මේ නෞකාව, 1907 අවුරුද්දෙදි මංගල ගමනත් ගියා. ලුසිටානියා නෞකාවේ මිනුම් ගත්තොත් ආසන්න වශයෙන් බරින් ටොන් 32 000ක්, දිගින් මිටර 240ක්, උසින් මීටර 50ක් වෙනවා. තට්ටු 9යි. මගීන් ආසන්න වශයෙන් 2200ක් ප්‍රවාහනය කරන්න පුලුවන්. පහසුකම් අතින් ටයිටැනික් නෞකාවට නොදෙවෙනි නෞකාවක් වුණු ලුසිටානියා, ඒ කාලයේ ලෝකයේ තිබුණු “විශාලතම නෞකා” වර්ගීකරණය යටතට අයත් වුණු නෞකාවක්.
1914 අවුරුද්ද වෙනකොට පළවන ලෝක යුද්ධය ආරම්භ වෙනවා. මේ යුද්ධය ගොඩබිමට වගේම මහා මුහුදටත් එක විදිහටම බලපාන්න ගන්නවා. මේ කාලයේ මිත්‍ර පාක්ෂික හමුදාවලට ලොකුම හිසරදයක් වෙලා තිබුණු දෙයක් තමයි ජර්මානුවන්ගේ U-Boat. U-Boat කියන්නෙ Underseeboot / Under Sea Boat කියන අර්ථයෙන් සබ්මැරීන හදුන්වන්න පාවිච්චි වුණු වචනයක්.
මේ කාලයේදී මිත්‍ර පාක්ෂික රටවල්වල මුහුදු මාර්ග වැටිලා තියෙන රේඛාවල, ජර්මානු සබ්මැරීන රදවලා තිබුණා. එයාලා යුධ නැව්වලට වගේම, අහිංසක මිනිස්සු ගියපු වෙළද සහ මගී නැව්වලට ප්‍රහාර එල්ල කරන්නත් දෙපාරක් හිතුවෙ නෑ. බ්‍රිතාන්‍යය වටේ තියෙන මුහුදු මාර්ග හිටං අල්ලගෙන හිටපු ජර්මානු සබ්මැරීන, කිසිම පූර්ව දැනුම්දීමක් නැතුව තමයි සතුරු නෞකාවලට ප්‍රහාර එල්ල කළේ. මේ නිසාම ගොඩක් රටවල්වල මුහුදු මාර්ග සති, මාස ගණන් අවහිරවෙලා තිබුණා. ඒක ලෝක ආර්ථිකයටත් බලපෑවා.
ජර්මානුවන් ක්‍රියාත්මක කරපු යුධ නොවන නෞකාවලට පහරදීමේ ප්‍රතිපත්තිය නිසා ලුසිටානියා වගේ විශාල මගී ප්‍රවාහන නෞකාවලට ලොකු රතු එළියක් දැල්වුණා. 1915 අවුරුද්ද වෙනකොට මේ තත්වය තවත් වැඩි වුණා.
දිගටම කියවන්න – https://elearning.lk/blog/sinking-of-the-lusitania-part1