අගය කිරීම
“ඇතුළට යන්න ඕන් නෑ අයියා… තොරණ (ගේට්ටුව) ගාවින් නතර කරන්න.“ මම ත්‍රි රෝද රථයේ රියදුරු තැනට කීවෙමි. ?
පංසල ගාවට කිට්ටු වන විට, රාත්‍රි 9.45 පසුවී තිබුණේය.
පංසලේ මල්ලිත් මමත්, හිතවතකුගේ මෑණියන්ගේ මළගමට සම්බන්ධ වී නැවත එන ගමනේ, බස් නැවතුමෙන් බැසීමෙන් පසු ත්‍රි රෝද රථයකින් නැවත පැමිණියා පමණි. ?
“කීයද අයියා ගාන… ? මම විමසූවෙමි. ?
“285 ක් දෙන්න අපේ හාමුදුරුවො…“ ඔහු smart phone එකේ පෙන්වන මීටරය දෙස බලා කීවේය. pick me එකක පැමිණි විට ගාස්තුව දැන ගත හැක්කේ දුරකථනය පරීක්ෂා කිරීමෙනි. ?
“287 යි…“ මල්ලී විසින් නැවත කියන ලද්දේ , ත්‍රි රෝද රථය කැඳවූයේ ඔහුගේ දුරකථනයෙන් වූ බැවින් ඔහුටත් මිල දර්ශනය වන බැවිනි. ?
රු. 300 ක් රියදුරාට දික් කෙරූ මම, “අනේ… ගොඩාක් පිං… අයියා මේ වෙලාවේ… ආවට…“ කියා, ඔහු ඉතිරු දෙන්නට තම සාක්කුව පරීක්ෂා කරන්නට වූ විට “හරි හරි… එහෙනම් පරිස්සමෙන් යන්න… තෙරුවන් සරණයි“ කියමින්.. ඔහුගේ උරහිසට තට්ටුවක් දමමිනි.☸️?
සිනාවක්… මා වෙත පුද කළ ඔහු, හිස මඳක් නවා, “අවසරයි…“ කියමින් නැවත ත්‍රි රෝද රථය පනගැන්වූයේය. ☺️
ආවාසය දෙසට යමින් ගමන් මල්ලී මෙසේ කීවේය…
“ මිනිහා 285ක් ඉල්ලන්න ඇත්තේ… මාරු දෙන්න, සිල්ලර නැති නිසා වෙන්නැති… මගෙන් ඉල්ලන්න එපැයි මම දෙනවානේ ගානට… “ ?
@elearninglk
මම මඳ සිනාවක් පෑවේ එය නෑහුනු ගානටය. ?
“සල්ලි වලටනේ hire දුවන්නේ… ආදාළ ගාන දුන්නා නම් ඉවරයි. වැඩිපුර දුන්නාම ඔකුන් ඔව්වට හුරු වෙනවා…“ මල්ලී කියාගෙන යයි. ?
“අනික… මොකටද ආයේ… පිං අනුමොදන් කරන්නේ අමුතුවෙන්… ඒක එයාලගේ job එකනේ…“
මල්ලීගේ කණු කුණු ගෑවිල්ල අතර උඩ තට්ටුවට නඟින පඩිවෙල ගාවටම පැමිණියෙමු.
මෙතැනින් මල්ලිගේ කාමරය ඇත්තේ පහළ තට්ටුවේය. ?
“wash එකක් එහෙම දාගෙන කුස්සියට පැත්තට ගිහින්, ගිලන් පස එකක් හදන්නකො… ඕක කතා කරන්න හොඳ මාතෘකාවක්… මම… නායක හාමුදුරුවන්ට, අපි ආවා කියලා දැනුම් දීලා ඇඟ පත හෝදාගෙන එන්නම්…“ කියා මා පිටත් වුනෙමි. ?
“සීනි දාලා ද ? මම ඇසුවෙමි…
“ නෑ… හකුරු තියෙනවා… සිනි දැම්මේ නෑ…“ මල්ලී කීවේය.☺️
හකුරු සමඟ කිරි තේ එකක් ඉතා රසවත්ය. මගේ කැමැත්ත මල්ලී දනී.♥️
“රසයි මල්ලි තේ එක…“ මම කීවෙමි.
මල්ලි සිනාසුණි.☺️
“අර… ත්‍රිවිල් කාරයට “ පිං“ කියලා කියපු එකට මල්ලි මොකද එකඟ නැත්තේ…“ මම ඇසුවෙමි.?
“පිං දෙන්න ඕනි… පිනට කරානම් නේ… ඒක hire එක. ඒ මිනිහාගේ job එකනේ අපේ හාමුදුරුවො…“ කියා මඳක් සිනාසීය.?
“හරි… එතකොට මේ වෙලාවේ… pick me නැතුව වෙන එකක ආවනම්, ගාන කීයක් වෙයිද?“ මම ඇසීමි.?
“හාරසිය පනහක්වත් කියනවා ඕකුන්… රෑනේ..“?
“ඒකනේ එතනම වාසි… ඊළඟට මේ වෙලාවේ එක Taxi තිබ්බේ නැත්තං මොකද වෙන්නේ…“ මම ඇසීමි.?
“අම්මේ…. එහෙනම් මාර කට්ටක් කන්න වෙන්නේ… 10 පැන්නා නම්, නායක හාමුදුරුවො දෙහිත් කපනවා…“?
“අන්න, ඒකනේ… එතකොට මෙතැන මුදලට වඩා දෙයක් නැද්ද?“ මම ඇසීමි.?
“ම්ම්ම්ම්…. එත් අපේ හාමුදුරුවො… අපි සල්ලි ගෙවනවානේ… අවශ්‍ය නම් ඇති පමණ…“ ආයේ පිං දෙන්න, නිකම් එනවැයි…“?
“හරි… පහුගිය කොරොනා කාලේ… මල්ලි, හිතන්න… කවුරුත් දවල්ට දානේ ගෙනාවෙත් නෑ… උයන්න බඩුත් නැ… කඩත් වහලානේ… එත් මල්ලි අතේ රු. 1000 කොළයක් තියනවා..“
මල්ලි මොකද කරන්නේ…??
“ 11 පහු වෙනකොට යන ‘චූන් පාං‘ කාරයා තමයි එකම පිහිට…“ ඔහු කීවේය.?
“හරි, චූන් පාං කාරයා ඇවිත් කියනවා…, මේ දවස්වල බඩු නෑ කොහෙවත්, මාලු බනිස් ගෙඩියක් 500යි කියලා…, මල්ලි ගන්නවාද??
“ඔව්… 1000යි කීවත් ගන්න එපැයි…“ මල්ලි කීවේය. ?
“අන්න ඒකයි මල්ලි… මිනිස්සුන්ගේ අවශ්‍යතා නිසා තමයි මුදල්වලට පණ එන්නේ… නැත්තං මුදල් කියන්නේ, නිකම් කඩදාසි කොළ විතරනේ…“ ?
“එහෙමයි…“?
“දැන් මාළු පාං 500 වීමට, වඩා මෙතැන තියෙන වැදගත් දෙය තමයි, අපිට මේක ගෙනල්ලා දෙන්නේ… අත ගාවටම.“✅
“ඔව්… ඒකනම් වටිනවා… මොකද කොහේවත් යන්නත් බෑනේ. කඩත් වහලා…‘ මල්ලි කීවේය.?
“අන්න, ඒක තමයි මල්ලි මම ඒ මනුස්සයාට මේ රෑ ආව එකට පිං කියලා… ඒ ක්‍රියාව අගය කරේ… රෑ කවුරුත් එන්න හිටියේ නැත්තං, අපේ අතේ සල්ලි විතරක් තිබ්බට වැඩක් නෑනේ“
“අගය කරනවා… කීවේ?“ මල්ලී ඇසුවේය. ?
“සෑම මුදල් ගන්නා ක්‍රියාවටම අගයක් තියෙනවා… නමුත් ඒ සේවකයන් ඒක නොකර හිටියොත්, මුදල් තිබ්බට වැඩක් නැ…“?
“ම්ම්ම්…“ මල්ලි ටිකක් පිළිගත්තාක් බව පෙනුණි.
“දැන්… මල්ලි හදලා දුන්නු තේ එකට… මම රසයි කීවා…“☺️
“ඒක ඉතිං කොහොම දුන්නත් හාමුදුරුවො හැමදාම කියන එකනේ…“ මල්ලි සිනාසෙමින් කීවේය.?
“ඒ වුනාට මල්ලි කැමැති නැද්ද ඒක අහන්න…“
“අපොයි කවුද අකමැති…“ මල්ලි කීවේය.
“අන්න ඒක තමයි අගය කරනවා කියන්නේ…“♥️
“හාමුදුරුවරුන්ට ඉතිං මොනව දුන්නත්, ඉතිං …
“පිං…“ බොහොම පිං.. වාගේ එව්වා කියනවා මට නිතර ඇහෙනවානේ…“ ඔහු කීවේය. ♥️
“ඒක අපේ සම්මුතිය… අපි නිතර ඒ පිළිබඳව මිනිස්සුන්ව අගය කරනවා. මරණ ගෙදරක උනත් අපි නුගුණ කියන්නෑ, මිනිස්සුන්ගේ හොඳනේ කියන්නේ. එත් ගෙවල් වල මිනිස්සු වෙනස්“ මම කීවෙමි.?
“වෙනස් කීවේ…? මල්ලි ඇසුවේය. ?
“ගෙවල් වල ඉන්න මිනිස්සු අගය කිරීම හා “ස්තූතියි“ කියන එක ඇත්තේම නෑනේ…“ මම කීවෙමි.
“ස්තූතියි කෙසේ වෙතත් Thanks වත් නෑ… මල්ලි සිනාසෙමින් කීවාය.?
“ඒක මල්ලි අපි වරද්දා ගන්නා තැනක්… මුලින්ම…“ මම කීවෙමි.?
“ඒ කීවේ…“?
“දැන්… සාමන්‍යයෙන් අපි Thanks කරන්නේ පිට මිනිස්සුන්ටනේ… ඒ පිට මිනිහා අපේ යාලුවෙක් උනාට පස්සේ අපි Thanks කියන්නෑ… ? ඊළඟට කොල්ලෙක් කෙල්ලෙක් නම්… මොනවා හරි දෙයක් දුන්නාම උනත්, Thanks කීවාම… ඇයි ඔයා මාව පිට කෙනෙක් ගානට ද දාන්නේ අහනවා…“
“ඔව් ඉතිං ඒක එහෙමනේ…“ මල්ලි කීවාය. ?
“එත් මල්ලි බලන්න, ඉංග්‍රිසි චිත්‍රපටියක උනත්, කෑම කන මේසේ දී පවා, වතුර කෝප්පයක් වක්කරලා දුන්නත් Thanks කරනවා… ඒ වාගේම thanks darling- thank honey වාගේ වචන තමයි පාවිච්චි කරන්නේ“ මම කීවෙමි.☺️
“ඔව් ඔව්…“ මල්ලි කිවේය.
“ඒ කියන්නේ ප්‍රිය වචනත් එක්කම තමයි ඒ thanks එක එන්නේ… දැන් එතකොට අපේ අර “thanks කරන එකත් “මහා පවක්“ විදිහට දැක්ක ජෝඩුව, කසාඳ බැන්දාම… ඔය මොකුත් නෑ… උදේට බත් එක බැඳලා දෙන නෝනට thanks කරන්නේ නෑ… චිත්‍රපටි වල kiss එකක් දිලා ගෙදරින් එලියට බැහැලා යන දර්ශන තිබ්බාට, අපේ එව්වා තියන්නේ මුල් මාස කීපය විතරයි…“ මම කීවෙමි.?
“දෙන්නාම වැඩට යන නිසා වෙන්නැති…“ මල්ලී කිවාය.
“ඔව්… නමුත් මහත්තයාගේ මෝටර් සයිකලෙන් ගිහින් නෝනා බැහැලා මහත්තයාට thanks කරන්නෙත් නෑ. බත් එක ඔතලා දෙන එකට, return එක තමයි බයිසිකලෙන් ගිහින් දාන එක වාගේ මට්ටමකට එනවා…“?
“එහෙමයි… ඒක ඇත්ත…“ මල්ලී සිනාසෙමින් කීවේය.?
“පරිස්සමින් යන්න වාගේ එව්වා. තියෙනවා… නමුත් ඒකට thanks කියන එකක් එන්නේ නෑ. ඒක නිසා අර අගය කරන එක වෙනුවට, එව්වා කෙරෙන්න ඕනි යුතුකම් කියලා විතරක් හිතනවා“ මම කීවෙමි.
“එතකොට ගෙදර ඉන්න ගෑනු අයට…“?
“ඔව්… ගෙදර ඉන්න අයට නම් ඒ මොකුත් නෑ… මහත්තයා හිතන්නේ එව්වා නෝනාගේ duty කියලා… කෙස් ගහක් බත් එකේ තිබිලා අහුවුනොත් ඒක අල්ලාගෙන හවස ගෙදර ඇවිත් කියෙව්වාට, හොඳ වැංජනයක් තිබ්බ දාට ඒක අගේ කරන්නෑ…‘?
“අහ්… ඒක තමයි නායක හාමුදුරුවො… ‘පොළොස් මැල්ලුම්‘ ගේන හැම දායකයටම කියන්නේ… පොළොස් වැංජනේ නම් හරි රසයි නෝනා කියලා…“☺️
“අන්න හරි… නායක හාමුදුරුවන්ගේ කැමැතිම කෑමක්නේ, පොළොස් මැල්ලුම්…“
“මල්ලි මීට පස්සේ දවසක බලාගෙන ඉන්නකො… එහෙම කීවාම ඒ ගෑනු කෙනාගේ මූණට එන හිනාව… මොකද ගෙදර මිනිහා ජීවිතේට කිසිම ව්‍යංජනයක් රසයි කියලා නෑනේ සමහරුන්ට“ ☺️
“එහෙමයි එහෙමයි… ගෑනුනේ… කොහොමත් ඒකට කැමැතිනේ කෑම රසයි කියනවාට…“ මල්ලි සිනාසෙමින් කවේය.?
“ඕකේ අනික් දුර්වලතාව ගෑනුන්ගේ…“?
“ඒ කීවේ…“ මල්ලි ඇසුවේය.?
“දැන් ගෑනු උදවිය බොහෝ විට තාත්තා ගැන හරියට ලියනවා කව් සී පද… තාත්තාගේ ගුණ ගැන කියලා… නමුත් තාත්තට වඩා වැඩි කාලයක්, ඉඳලා තියන්නේ husband ගාවා, වියදම් කරලා තියෙන්නෙත් මිනිහා… මිනිහා නිසා තමයි ඉතිං සමහරු රට රටවලත් ගිහින් තියෙන්නේ… අඩුමගානේ ඉතිං තාත්තට දෙන්න බැරි කම්සැප දෙන්නෙත් මිනිහානේ…“?
“එහෙමයි එහෙමයි…“ මල්ලි කොක්හඬලා සිනාසුනේය..??
“මිනිහා නිසානේ තමන් අම්මා කෙනෙක් වුනේ… එත් මිනිහා වෙනුවෙන් කව් සී පද ලියන අය ඉතා අඩුනේ…“
“මොකක් කරපු වරදක් අල්ලාගෙන ඉන්නවා මිසක්, අගය කරන්නෑනේ කවදාවත්… නමුත් තාත්තාගේ වැරදි අඩුපාඩු 1000ක් තිබ්බත් එව්වා පෙන්නේ නෑ, දුලා විදිහට…? හරිම ෂොක් වැඩේ කියන්නේ… අති බහුතරයක් දූලාගේ තාත්තා වීරයා වෙනකොට… ඒ තාත්තාම… අම්මාගේ එච්චර වැඩකට නැති ස්වාමි පුරුෂයත් වෙනවා…“ මම කීවෙමි.?
“අම්මේ… ඒක නම් පට්ට logic එක…“ මල්ලි පුදුම වෙමින් කීවේය.♥️✅
“ඇත්තටම බැලුවොත් මල්ලි, තාත්තාගේ දායකත්වය හරිම අඩුනේ… දරුවෙක් හැඳීම වෙනුවෙන්… අම්මානේ අතිශයින්ම බර දරන්නේ…“ එත් ගැහැනු ලමයි වැඩි ආදරය දක්වන්නේ තාත්තටනේ… එත් මගේ තර්කය, අතිබහුතරයක් ස්වාමි පුරුෂයෝ… තාත්තලට වඩා දේවල් ගොඩක් දෙනවා කියලා.. බිරින්දෑවරුන්ට…“ මම කීවෙමි.✅
“ඔව්වා ලිවොත් නම් හාමුදුරුවන්ට ගුටි කන්න වෙයි…“ මල්ලි කිවේය. ?
“මම ඇතුළු බොහෝ අයගේ ලීවිම් වලට ලැබෙන ප්‍රතිචාරත් ඔය සෙතේම තමයි…“ මම කීවේමි.
“ඒ කිවේ…“ මල්ලි ඇසුවේය.
“සමහරු මම නිසා අඳුරන කමට like එකක් ඔබාගෙන යනවා… කියවන්නෑ , නිකම්ම පහලට යනවා. නමුත් like එක දානවා. හිත හොඳ මිනිස්සු ඉතිං. ? සමහරු කියවලා… like එකක් දානවා…ඒක ලේසිනේ… ? සමහරු කියවලා ♥️ එකක් දාගෙන යනවා.. ටික වෙලාවක් ගන්න එපැයි ඒකට ☺️ සමහරු කියවලා, commentsත් ලියාගෙනම යනවා… අන්න ඒක නම් අමාරුම වැඩක්. ♥️ එහෙම කරන්න තරම් මිනිස්සු අඩුයි. එහෙම තමන්ගේ කාලය කැප කරන්නේ සෑහෙන්න හොඳ මිනිස්සු. ☺️ සමහරු නම් කියවලා… හොඳ බව දැක දැකත් ඔහේ යනවා…“ ?
“එතකොට බනින අය නැද්ද? මල්ලි ඇසුවාය…?
“අන්න.. ඒකට තමයි මිනිස්සු වැඩියෙන්ම ඉන්නේ… “වැරදුනොත් බනින්න..“ තමන්ට හරියන්නෑ වාගේ දෙයක් දැක්කොත් නම්… වෙනත් මිනිස්සුත් mention කරගෙනම බනිනවා… ඒකට කියනවා මල්ලි අටලෝ දහම කියලා…“ ☺️
තණමල්විල කොල්ලෙක් නාට්‍යෙයහි 14 කොටසේ මෙසේ ඇතm(යශේධරා අක්කාගේ තේ මේසයෙහි කතාබහකි).
දීප්ත – “අක්කා ගොඩක් මහන්සි වෙලා“ Thank you. ?
යශේධරා අක්කා – “ කෙනෙක්ගේ මහන්සියට කරන respect එක ලොකු දෙයක්.“
සටහන
? අංගුත්තර නිකාය දුක නිපාත පාළියෙහි, මෙසේ දක්වනු ලැබේ.
? ‘‘ද්‌වෙමෙ, භික්‌ඛවෙ, පුග්‌ගලා දුල්‌ලභා ලොකස්‌මිං. කතමෙ ද්‌වෙ? යො ච පුබ්‌බකාරී, යො ච කතඤ්‌ඤූ කතවෙදී. ඉමෙ ඛො, භික්‌ඛවෙ, ද්‌වෙ පුග්‌ගලා දුල්‌ලභා ලොකස්‌මි’’න්‌ති.
? “මහණෙනි,. ආකර දෙකක පුද්ගලයො දුර්ලභ වෙත්. ඒ දෙවර්ගය නම් කුමක් ද?
පළමුවෙන් උදව් කරන පුද්ගලයාය… සහ
කරන ලද උදව් මතක ඇති පුද්ගලයාය“ ආදී වශයෙනි.
? කෙළෙහිගුණ මතක ඇති පුද්ගලයන් දුර්ලභ බව බුදු වදන වේ.
? සැවොම ප්‍රිය වචන ඇසීමට මනාප වෙත්.
? “ස්තූතියි… කෑම එක රසයි… අද ඔයා ලස්සනයි..“
? ආදි සුළු සුළු දේවල් වලින් අපට පුද්ගලයන් සතුටු කළ හැකිය. බොහෝමයක් පවුල් පරිසර අතුරින් නිතර ඇසෙන කථාවක් නම්, “මුන්ට කොච්චර කළත් වැඩක් නෑ“ යනුවෙනි.
? බොහෝ හොඳ කර ඇති මුත්, එක නරකක් පමණ අල්ලාගෙන එයම, පමණක් කියවීම අපගේ පවුල් සංස්ථාවල ඇති නරක පුරුද්දකි.
? යමක් මැනිය හැක්කේ ගුණාත්මක බවින් පමණක් නොවේ… සංඛ්‍යාත්මකව ද මැණිය හැක.
✅ Quality and Quantity ✅
? කරන ලද වරදක්, එකක් වන අතර කරන ලද හොඳ ප්‍රමානය 1000ක් වේ. ඒ ලෙසින් කිරන්නේ නම් ඔබගේ සමීප බොහෝ දෙනෙකුගේ තාරාදියේ හොඳ පැත්ත ඉහළ යනු දැකිය හැකිය. එබැවින් අනෙකා තුළ ඇති හොඳ පිළිබඳ නිතර අගය කිරීමට පුරුදු වෙමු.
තෙරුවන් සරණයි ☸️?